ක‍්‍රිකට් යනු අවිනිශ්චිත ක‍්‍රීඩාවකි. එහෙත් එහි නිරන්තර වැරදීම් සිදුවිය නොහැකිය. ඩිල්ෂාන්ගෙන් සිදුවූ වැරදි නැවත වතාවක් සිදුවීම කාගෙ කාගේත් සායම් යෑමකි. පසුගිය දිනනවල ඩිල්ෂාන් හා මහේල එක්ව පැවැත් වූ මාධ්‍ය හමුවේ තොරතුරු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ කි‍්‍රකට් වර්තමාන තත්ත්වය විග‍්‍රහ කිරීමේ වඩාත් සුදුස්සන් ඔවුන් ම වන බැවිනි. එහෙත් ඔවුන් දන්නේ අප දන්නා දේටත් වඩා අඩුවෙන් බැව් බැලූ බැල්මට ම පෙනේ.
ශ‍්‍රී ලංකා පාපන්දු සංගමයේ හිමිකරුවා වන වර්නන් මනිලාල් ප‍්‍රනාන්දු මහතා මෙරට පාපන්දුවට පැමිණ තිස් වසරකට වැඩිය. එහෙත් මෙරට පාපන්දුව ඔහුගේ පාලනය හරහා අභාවයට ගියා මිසක සංවර්ධනයක් නම් නොලැබීය. එහෙත් ඔහු සංවර්ධනය විය. කළුතරින් පැමිණ ලෝකයා තුළ ජනප‍්‍රිය වන්නට ඔහුට හැකිවිය. ඒ පාපන්දුවට පින්සිදු වන්නටය. ඔහු අද මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඒද පාපන්දුවට පින්සිදුවන්නටය. ඔහු අද කෝටිපතියෙකි. ඒ ද පාපන්දුවේ බලමහිමයෙනි. පාපන්දු ක‍්‍රීඩාව බල්ලාට යද්දී මනිලාල් මතු වූයේ කෙසේද? පාපන්දු ක‍්‍රීඩකයා හිගමනට වැටෙද්දී මනිලාල් ලෝකය දිනුයේ කෙසේද? මේ සරල සූත‍්‍රය අපට රහසක් නොවීය.
මසක් - ගෙවුණි. පෙබරවාරිය කලින්ම පැමිණියා සේය. මාස දවස් මෙන්ම ගෙවෙන හැම තත්පරයක්ම ලන්ඩන් නගරයේ අවිවේකී බව තව තවත් අවුලූවාලනවා නියතය. මේ ඔලිම්පික් වසරය.
මේ දිනවලට ‘ලොව දිනවන ක‍්‍රීඩා ශක්ති’ නමින් නව වැඩසටහනක් ගැන කතාබස් වන අතර එය ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කි‍්‍රයාත්මක කරන නව වැඩසටහනක් ලෙස හඳුන්වා දී තිබේ.
ශ‍්‍රී ලංකා මේස පන්දු සංගමය මගින් පසුගිය වසරේ පැවැත් වූ තරගමාලාවලින් වයස අවුරුදු 10න් පහළ ඉසව්වේ ශූරතා සියල්ල ම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශෂිනි ඉමාෂා ද සිල්වා සමත් වූවාය.
ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නව තේරීම් කමිටුවට හිටපු නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නම් කර තිබේ. දුලිප්ගෙන් හිස් වෙන තැන පිරවෙන්නේ අසන්තගෙනි. අනෙකුත් නිලධාරින් පෙර තේරීම් කමිටුවල සිටිමින් කළ කී දෑවල සුගතියක් නැත. තවදුරටත් ක‍්‍රිකට් නොබලන, කොමිස් මුදලට ක‍්‍රීඩකයන් නම් කරන පිරිස් ම තේරීම් කමිටුවට නම් කිරීමට වගකිවයුත්තන් වගබලා ගෙන තිබේ. මේ අපි පසුගිය කාලයන් හි කතා කළ දේවල් මය. එනිසා අප මේ දකින්නේ එක ම කාසියේ දෙපැත්තකි. දෙදෙනාම කරළියට පිවිසෙන්නේ තම තමන් සතුව පවතින දේශපාලන හිතෛෂීකම්වල අනුහසිනි. ක‍්‍රිකට් ආතතනය මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටා තිබුණ ද කරුණු කාරනා සිදුවන්නේ විධායකයේ මැදුරෙන් බව මේ තේරිම් කමිටු නාඩගමෙන් අපට වැටහෙන සත්‍යයයි. අපට මේ මාතෘකාවට පිවිසෙන්නට සිදුවෙන්නේ එතැන් සිටය.
වීරසේකර සහ පාපන්දුව යන මැයෙන් අප ගියවර ලියූ ලිපියට රියර් අද්මිරාල් සරත් වීරසේකර යන නමින් ලිපියක් අපට ලියා එවා ඇත. ධර්මයට මුල්තැන දී කටයුතු කරන වීරසේකර වැනි පුද්ගලයකු (පාපන්දු ක‍්‍රීඩා කරන්නේ පවා ධර්මානුකූලවය) එවැනි පහත් පෙළේ ලිපියක් එවනු ඇතැ’යි විශ්වාස කළ නොහැකිය.
ඔන්න එකමත් එක දවසක ක‍්‍රීඩා මහගෙදරට දඩාවතේ යන බල්ලෙක් ආවා. ඇමතිට නගුට වන වන පස්සෙන්ම යන කොට ඇමතිත් කන ජරාවක චුට්ටක් විතර විසිකළා. ඒවා අහුලගෙන කාපු බල්ලා මෙන්න බොලේ හොඳට ලොම් දාලා හැදිල ආවා. දැන් වල් බල්ලෙක් වුණත් හොඳ පෙනුම. පුෂ්ටිමත්. අමැතිවරයා ළඟට කාටවත් ළංවෙන්න බෑ. මෙන්න බල්ලා බුරනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව, කළමනාකරු හෝ ක‍්‍රිකට් නායකත්වය වෙනස් කිරීම සඳහා කිසිදු තීන්දුවක් ගෙන නැතැ’යි ලිඛිතව මාධ්‍යය වෙත දන්වා එවූ ක‍්‍රීඩා අමාත්‍යවරයා එදිනම ක‍්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කළ බවට හිරිකිතයකන් තොරව නැවත ලිඛිතව දන්වා ඒවීය.
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම මුහුණදී තිබූ තත්ත්වය හේතුවෙන් නායකයා ඉල්ලා අස්වූ අතර පුහුණුකාර ධූරය දැරූ ජෙෆ් මාෂ් ඉවත්කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුනි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස මහේල ජයවර්ධන පත්කිරීමට ක‍්‍රීඩාඅමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේමහතා කටයුතු කළ අතර, හිටපු නායක ඩිල්ෂාන් සහ නව නායක මහේල ජයවර්ධන ලවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අර්බුදයට පැලැස්තරයක් ඇලවීය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු දකුණු අප‍්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝඞ් මහතා මේවන විට දිවයිනට පැමිණ සිටී.
දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය හා දැල්පන්දු ‘ඒ කණ්ඩායමේ පුහුණුකාරිණිය තෝරාගැනීමේ පරීක්ෂණය අද (27) දා ක‍්‍රීඩා අමාත්‍යාංශ තෝරාගැනීමේ මන්ඩලයක් හමුවේ පැවැත්වීමට නියමිත අතර දැල්පන්දු ජාතික පුහුණුකාරිණියගේ තනතුර සඳහා හිටපු ජාතික පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ හා සොමිතා අල්විස් අතර ද්වන්ධ සටනක් ඇති වී ඇති බව වාර්තා වේ.
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25) ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටිං ලකුණු 221 ක් ලබා සිය ටෙස්ට් දිවියේ 41 වැනි ශතකය වාර්තා කළේය. පොන්ටින් ලකුණු 81 ක් ලබා ගැනීමත් සමග සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 13000 වාර්තා කිරීමට ද සමත්විය.  ඕස්ටේ‍්‍රලියා පිතිකරුවකු ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ.
මහේලව බලෙන් නායකයා කලේ ඇයි කියා ඔබ දන්නවද?
ශ‍්‍රී ලංකා පිලේ නව නායකයා ලෙස මහේල ජයවර්ධනව පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ. ඒ අනුව ඉදිරි ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස මහේල ජයවර්ධනව අද (24) දිනයේ නිළවශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බව ක‍්‍රීකට් ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග කියා සිටී.
ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ස්වීඩනයේ පැවති ස්වීඩන් අන්තර් ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ දෙවන වටයේ තරගයකදී ඉන්දියානු ක‍්‍රීඩක පරුප්පලි කොස්යප් හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වී තිබේ.
පරණ කි‍‍්‍රකට් තේරීම් කමිටුව විසුරුවා හැර නව තේරීම් කමිටුවක් පත් කිරීමත් සමග එහි සභාපති ධූරයටපත් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ඥාතී අසන්ත ද මෙල් මහතා පරණ යාළු මිත‍‍්‍රකම් අලූත්කර ගැනීමේ දුරකතන ව්‍යාපාතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු  ඕස්ටේ‍්‍රලියානු ජාතික ජෙෆ් මාෂ් මහතා ඊයේ (22) නිමාවූ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසු ඉවත් කර තිබේ.
තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් කි‍්‍රඩාංගනයේ ඊයේ (22) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාව පරදා කඩුලු දෙකක ජයක් ලැබීය.