ජෙෆ් මාෆ් ඉවත්කල ආකාරය යුක්තිසහගත නොවේ - අර්ජුන රණතුංග

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම මුහුණදී තිබූ තත්ත්වය හේතුවෙන් නායකයා ඉල්ලා අස්වූ අතර පුහුණුකාර ධූරය දැරූ ජෙෆ් මාෂ් ඉවත්කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුනි.

ඒ පිළිබඳව ඒ.එෆ්.පී පුවත් සේවය වෙත අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසා ඇත්තේ අදාල සිද්ධිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අහිතකර බලපෑමක් කරනු ඇති බවයි. ජෙෆ් මාෆ් යනු වෘත්තීමය අතින් ඉතා ඉහළ තත්ත්වයක් හිමිකරගෙන සිටින පුහුණුකරුවෙකු බවත් එවැනි පුද්ගලයෙකුටද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් හිමිවන්නේ මෙවැනි සැලකිල්ලක් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සේවය සඳහා මින්පසු පුහුණුකරුවන් හා භෞත චිකිත්සයන් පැමිණීමේදී දෙවරක් සිතාබලනු ඇති බවයි රණතුංග මහතා පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින පුද්ගලයින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව නොදන්නා අය බවත් ඔවුන් ක්‍රීඩාවට ආදරය නොකරන අය බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකම අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් රණතුංග මහතා ප්‍රකාශකොට ඇත.

එමෙන්ම මහේල ජයවර්ධන නැවත නායකත්වයට පත්කිරීම පිළිබඳවද ඒ මහතා අදහස් දක්වා ඇති අතර එය හිසරදයට කොට්ටය මාරුකිරීම වැනි දෙයක් බවත් මහේල නායකත්වය නැවත බාරගැනීම පිළිබඳව තමා පුදුමටද පත්වන බවත් ඔහු සඳහන්කොට තිබුනි.

Posted by Ravaya on 4:17 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජෙෆ් මාෆ් ඉවත්කල ආකාරය යුක්තිසහගත නොවේ - අර්ජුන රණතුංග"

Leave a reply