සංගාගේ පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාපිලේ ජාමේ බේරේ

තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් කි‍්‍රඩාංගනයේ ඊයේ (22) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාව පරදා කඩුලු දෙකක ජයක් ලැබීය.
කුමාර සංගක්කාර ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණයේ නියමුවා වෙමින් දකුණු අපි‍්‍රකාවට එරෙහිව ශතකයක් (102) ක් රැස් කළේය.

පන්දු 97 කදී ගොඩනැගුණ සංගාගේ ඉනිමට හතරේපහර 10ක් අන්තර්ගත විය.

ඊට අනගි සහයක් දුන් ලහිරු තිරිමාන්න ෙලකුණු 69ක් රැස් කළේය.

උපුල් තරංග (46) හා තිලකරත්න ඩිල්ෂාන් (41) එක්ව ශී‍්‍ර ලංකා පිලට ලකුණු 71 ක හොඳ ආරම්භයක් ලබාදීමට සමත් වූහ.

ලකුණු 312 ක ඉලක්කයක් පසුපස හඹාගිය ශී‍්‍ර ලංකා පිල අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය තහවුරුකර ගත්තේය.

තරගයේ  කාසිය වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක ඩිල්ෂාන් මුලින්ම පන්දුවට පහරදීමට දකුණු අපි‍්‍රකාවට ආරාධනා කිරීමෙන් පසුව දකුණු අපි‍්‍රකාව සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 313 ක් රැුස් කළේය.

දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් නායක ඒ.බි.ඩිවිලියස් නොදැවී ලකුණු 125 ක් රැස් කළ අතර, ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

ඊට අනගි සහයක් දුන් හිටපු නායක ග‍්‍රැහැම් ස්මිත් ද ලකුණු 125 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හයේ පහර 4 ක් හා හතරේ පහර 09 ක් ඇතුළත් විය.

දකුණු අප‍්‍රිකාවට 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිවිය.

දකුණු අප‍්‍රිකාව (පන්දුවාර 50 කදී) 312/4
(ගේ‍්‍රඒම් ස්මිත් 125, ෆෆ් ඩියු ප්ලෙසි 24, ඒ.බී. ඩිවිලියර්ස් (නොදැවී) 125, ලසිත් මාලිංග 79/2)

ශ‍්‍රී ලංකාව  (පන්දුවාර 49.5 කදී) 314/8
(උපුල් තරංග 46, තිලකරත්න ඩිල්ෂාන් 41, කුමාර් සංගක්කාර 102, දිනේෂ් චන්දිමාල් 20, ළහිරු තිරිමාන්න 69, ලොන්වාබූ සොත්සෝබි 54/2, ජේ. පී. ඩුමිනි 44/2, වේන් පානෙල් 51/2, රොබින් පීටර්සන් 38/2)

Posted by Ravaya on 11:38 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සංගාගේ පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාපිලේ ජාමේ බේරේ"

Leave a reply