ග්‍රෙහැම් ෆෝඞ් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිවිසුම සාර්ථකයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු දකුණු අප‍්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝඞ් මහතා මේවන විට දිවයිනට පැමිණ සිටී.නව තනතුරේ වැඩ භාර ගැනීම පිණිස ශ‍්‍රී ලංකාවෙන් යැවූ ඊමේල් පණිවුඩයට ප‍්‍රතිචාර දැක්වූ ග්‍රෙහැම් ෆෝඞ් මහතා දිවයිනය පැමිණියේ 24 වැනිදා රාත‍්‍රියේදීය.
ශ‍්‍රී ලංකා පිල හෙට (28) ඉන්දියාව හා ඕස්ටේ‍්‍රලියාව තරගවදින තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතය.
ග්‍රෙහැම් ෆෝඞ් දකුණු අප‍්‍රිකාවේ හිටපු පුහුණුකරු බොබ් වුල්මර් මහතාගේ මරණයෙන් පසුව එම තනතුරට පත්විය.
දකුණු අපි‍්‍රකාවේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස 1999-2002 අතර කාලයේ ඔහු කටයුතු කළේය.
දකුණු අපි‍්‍රකාවේ ‘ඩොල්ෆින්’ ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෆෝඞ් මහතා එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ ක‍්‍රිකට් අධ්‍යක්ෂද වශයෙන්ද කටයුතු කරනු ලබයි.
කෙසේවුවද ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පුහුණුකරුවන් සිවුදෙනෙකුගේ සේවය ලබා ගත්තේය.
ට‍්‍රවෙර් බේලිස්, ස්ටුවට් ලෝ, රුමේෂ් රත්නායක හා ජෙෆ් මාෂ් එලෙස කටයුතු කළේය.
ග්‍රෙහැම් ෆෝඞ් මහතා හා ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් අතර ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (26) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී සිදුවූ අතර ඊට සභාගිවීමට ෆෝඞ් මහතා ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් වෙත පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
0 comments for "ග්‍රෙහැම් ෆෝඞ් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිවිසුම සාර්ථකයි"