ලාංකේය සිනමාවට වසර 65ක් සම්පූර්ණ වූයේ පසුගිය 26වනදාය. මේ උත්සාහය 65වසරක සිනමා ඉතිහාසය පිළිබද විවරණයක හෝ විචාරයක යෙදීමට නොව 65වසරක සිනමාවේ පෙර නොවූ විරූ දේ ආශ්චර්යයන් සිදුවන බලරග පිළිබද සටහනක් තැබීමටය.
අපේ සිනමාව තුන් කල් දුටු ඉසිවරයාණෝ
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්


සිංහල සිනමාවට 65 වසර සපිරෙන මෙම මස 21 වැනිදාට අපේ සිනමාවේ අතීතය විමසා බලනු වස් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ අපි සංවාදයක යෙදුණෙමු. මෙරට සිනමාවේ මුල් දශකයේ සිට අද දක්වා සිනමාකරණයේ නියැලෙන එකම සිනමාවේදියාණන් වනුයේ ද එතුමන්ය. මේ එම දීර්ඝ සංවාදයෙන් උපුටා ගත්තකි.
* රඟපෑමෙන් ලැබුණු මුදල අම්මට දීලා ගවුම් රෙද්දක් විතරක් ඉල්ලනවා.
* විජිත මල්ලිකා මගේ හොඳ මිතුරියක්


මරියා රොටිල්ඩා රුක්ස් නව ජීවන චිත්‍රාගාරයට පැමිණියේ යෙහෙළියගේ තනියටයි. චිත්‍රාගාරය ලස්සන තරුණියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරිලා. මේ තරුණියන් හැමෝටම ඕනෑ වෙලා තිබුණේ අපේ රටේම නිපදවන තෝට්ටක්කාරි (වතු කම්කරු කාන්තාව) දමිළ සිනමා පටයේ ‘තෝට්ටක්කාරි’ වීමටයි.
අර්නස්ට් වඩුගේ  සපයන විශේෂාංගයකි - සිනමා සයුරින් මුතු දෝතක්
හෙළ සිනමාවට හැටපස් විය සපිරෙන මෙම අසිරිමත් මොහොතේ, දශක පහකට ආසන්න මගේ මාධ්‍ය චාරිකාවේදී මට හමු වූ අප්‍රමාණ නළු නිළියන් අතරින් විශේෂිත පිරිසක් ගැන සඳහන් කිරිම අසීරු වූවකි. එහෙත් එය සිදු කරන්නෙමි. රුක්මණී දේවි, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරතුංග, ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය, කාන්ති ගුණතුංග, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රන්ජන් රාමනායක හ දිල්හානි අශෝකමාලා පිළිබඳ මගේ මතක ගබඩාවේ වඩ වඩාත් අපූරු රස තොරතුරු තැන්පත්ව ඇත. ඒ සියල්ල පත් ඉරු දෙකකට කෙසේවත් ගොනු කිරීම අසීරු කරුණකි. එබැවින් මුලින්ම අපේ සිනමාවට හැට පහ පිරෙන විට ‘එදා රැජිනත් – අද රැජිනත්’ මගේ මතක ආවර්ජනයට ලක් කරන්නෙමි.
චිත‍්‍රපටය කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම කලාව. ඒ වුණත් අපේ ළමා වියේ (70-80 දශකවල) චිත‍්‍රපටය ආත්ම ප‍්‍රකාශයනය කර ගන්න වෙහෙසවුණු බොහෝ පිරිස් හිටියා. මිලි මීටර් 16, 8 ප‍්‍රමාණවලින් එවැනි උනන්දුවක් තිබුණු අය චිත‍්‍රපටත් කළා. ධර්මසේන පතිරාජ වගේ වෙනත් විදිහට හිතු තරුණ අධ්‍යක්ෂකවරු තමයි. මේ පරපුරේ පරමාදර්ශ වුණේ. 80 දශකය අවසාන වන විට මේ සිනමාවේ ස්වර්ණමය අවධිය අවසාන වුණා. ඩොනල්ඞ් කරුණාරත්න වගේ සිනමාවේ දැවැන්තයෝ මේ කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් විදිහට රට අතඇරලා ගියා. ඊට පස්සේ සිනමාව ඇත්තටම කඩා වැටුණි. ‘83 කෝලාහලේ දී සිනමා ශාලා ගිනි තැබුණා. චිත‍්‍රපට කියලා යමක් සිද්ධවුණේ කුණුහරුප ඇතුළත් ඇතැම් චිත‍්‍රපට. එහෙත් 20 වන සියවසේ අන්තිම දශකයේ ඉඳං මෙරු මතුවෙනවා වගේ කලාත්මක පරිචයකින් යුතු සිනමා පරපුරක් බිහිවෙනවා. ඔබ ඒ අතර එක්කෙනෙක්. ප‍්‍රසන්න විතානගේ, හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, බූඩි ආදී වශයෙන් ගත්තහම ඒ නම් වැලත් දිගු එකක්, කඩා වැටුණ සිනමාවේ නටබුන් අතරින් මේ හරවත් සිනමා පරපුර බිහිවෙන්නෙ කොහොමද?
අපි පාසල් ගිය හැටි හා ඒ ආශ‍්‍රිත සුන්දරත්වය මතක් වී මේ ගීතය ලියැවුණා - ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ

දරු පැටවුන්ගේ ලෝකය හුඟාක් සුන්දරයි. ඒත් ඒ සුන්දරත්වය ඇතැම් දෙමව්පියන්ගේ මැදිහත් වීමෙන් මැකී ගොස් තිබෙනවා. බොහෝ දෙමව්පියන්ගේ හීනය වන්නේ තමන්ගේ දරුවා ඉහළ වෘත්තිකයකු වෙනවා දකින්නයි. එහෙමත් නැත්නම් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක් වගේ කෙනෙක් වෙනවා දකින්නයි.

මේ හීනය තුළ සිටිමින් ඔවුන් දරුවාව හසුරවනවා. දරුවාගේ ළමා සිතුම් පැතුම් පාලනය කරනවා. වර්තමානයේදී සිදුවන බොහෝ දේ තුළ අපි මේ සත්‍ය දැක තිබෙනවා. එක් පැත්තකින් දෙමව්පියන්ට මේ ගැන දොස් පවරලා වැඩක් නැහැ. ඒකට හේතුව තමයි මේ සමාජයට ගැලපෙන කෙනෙක් වීමේ වැදගත්කම ඔවුන් අත්විද තිබීම.

අලූත් සමාජය තුළ කෙළින් හිටගෙන ජීවත් වෙන්න වුවමනා නම් උගත්කම තිබිය යුතුයි. ඒ වගේමයි මිල මුදල්. මේ දේවල් නැතිව මනුස්ස ජීවිතයට වටිනාකමක් නොලැබෙන තරමට සමාජය කණපිට හැරිලා. අනික් කාරණය තමයි අධ්‍යාපනය පැත්තෙන් පවා තිබෙන තරගකාරී ස්වභාවය.

මේ තරගය තුල හැමෝම වල්මත් වෙලා. දුවන්නන් වාලේ දුවන්න පුරුදු වෙලා. බෙහෙවින්ම මේ තත්ත්වය ඉතා සානුකම්පිතයි. අකමැත්තෙන් හරි අපි හැමෝම මේ යථාර්ථය තුළ සිටිනා වටපිටාවක් තුළ අපේ ගී රචක බණ්ඩාර ඇහැලියගොඩ මේ පිළිබදව බෙහොම අපූරු ගීතයක් ලිව්වා.

‘‘අන්න බලන් ඉදිකඩ ලග කොක්කු ?න වගේ ඇවිත් පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හින් සැරේ ගිහිං උන්ට එකතු වෙයන්නේ...’’
‘‘අපි පුංචි කාලේ ගත කළේ බොහොම සුන්දර ළමා වියක්. උදේ ගෙදරින් එළියට බැහැලා සැතපුමක් විතර දුර තියෙන ඉස්කෝලෙට පයින් ඇවිදගෙන ගිහින් තමයි පොතේ පතේ වැඩකටයුතු අපි කළේ’’
‘‘ඒ විතරක් නෙමෙයි අපි ඉස්කෝලේ යන එනකොට සමනලයින්ගේ පස්සේ දුවනවා. කුරුල්ලෝ එලවනවා. ඇළේ දොළේ බැහැලා නානවා. ලදු කැලෑ තුරුවැල් අස්සේ දුවනවා. හේනේ කුඹුරු වැඩවලට උදව් වෙනවා.’’
‘‘මේ විදිහට පරිසරයත් එක්ක ලොකු සම්බන්ධයක්, ඇගෑලූම්කමක් අපිට තිබුණා. අපි හැදී වැඩුණේ පරිසරයත් එක්කයි. ඒ නිසාම අපි තුළ සෞන්දර්යය ගොඩ නැගුණා. පරිසරයට ආදරය කරන සිතුවිලි ඇතිවුණා. සතා සිවුපාවුන්ට පවා ආදරය කළා.’’
‘‘ඒත් අලූත් සමාජය තුළ සිටින දරුවන්ට මේ සමාජ තත්ත්වය උරුම වී නැහැ. ඔවුන් හිමිදිරියට නැගිටිනවා. ඊලගට පොත් පත් ඇතුළත් ලොකු බෑග් එක කරේ එල්ලාගෙන වතුර බෝතල්, කෑම පෙට්ටි හැම දෙයක්ම අරගෙන ගෙදර ළගට එන වෑන් එකට නගිනවා.’’
ඊළගට ඉස්කොලේ ඉවර වෙලා ටියුෂන් යනවා. එහෙමත් නැත්නම් තවත් මොනවා හරි ඉගෙන ගන්නයනවා. ඒ ඇවිත් පසුවදාට ඉස්කෝලෙට අරන් යන්න තියෙන පාසලේ වැඩ කටයුතු ටික කරනවා.
මේ අයට සෞන්දර්යය විඳින්න වෙලාවක් නැහැ. පරිසරය දකින්නෙ වෑන් එකේ වීදුරුවෙන් විතරයි. එයින් පෙනෙන්නේ ඒකාකාරී දර්ශන.
කෙසේ හෝ මෙන්න මේ යථාර්ථය තුළ සිටින මොහොතක මට මේ ගීතය ලියන්න හිතුණා. වර්තමාන සමාජ ක‍්‍රමය තුළ දරුවාත්, දෙමව්පියනුත් මුහුණ දී සිටින සත්‍ය තත්ත්වය තමයි මේ ගීතය තුළින් මම ඉස්මතු කොට පෙන්වන්න සිතුවේ.

මේ ගීතයේ අවසන් වෙන තැන තිබෙනවා ‘‘මං නොදුටුව නව ලෝකයේ කිරුලූ පළන් රැුජින වෙලා... පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...’’ කියලා. එයින් මා අදහස් කළේ අම්මා තුළ තිබෙන වර්තමාන සිහිනයයි.

අන්න බලන්ඉදිකඩ ලග
කොක්කු ?න වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ

පුංචි දුවේ නුඹ යන කොට
සුදුපාටින් ඉස්කෝලේ
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා.
ලදු වැටි මැද දෙවැට දිගේ
දොළ පාරෙන් එගොඩ වෙලා
මගේ හිතේ මං ආයෙත් පාසල් යනවා...

එක පටුවක වාඩිවෙලා
එක පැන්සල දෙකඩ කඩන්
අකුරු කෙරුව කාලය නැහැ ආයෙත් එන්නේ
මං නොදුටුව නව ලෝකයේ
කිරුලූ පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ....

ගායනය - විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
පදමාලාව - බණ්ඩාර ඇහැලියගොඩ

ලක්බිම පුවත්පත අනුගහයෙනි.
ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායකයන්ගේ ලේඛන දිවියට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් ජනවාරි 24 වැනිදා සවස 3.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී එතුමාගේ විසි හත් වෙනි කෘතිය වන ‘සරු දිවියට බෝසත් මඟ’ කෘතිය දොරට වැඩීම සිදු කෙරේ. එදින සෝමවීර සේනානායකයන්ගේ නිල වෙබ් අඩවිය ද අන්තර් ජාලයට එක් කිරීමට ද නියමිතය.
බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි එදින මුලසුන හොබවයි. සංස්කෘතික හා කලා කටයුතු ගරු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාවේ ප්‍රධාන දේශනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පවත්වනු ලැබේ. මෙය සහෘද සංහිඳ සංවිධානයේ සංවිධානයකි.
ඒ නිමිත්තෙන් පළවෙන මේ ලිපිය සෝමවීරයන්ගේ සමකාලීනයකු වු සරසවියේ හිටපු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියකු වන සුගත් වටගෙදර විසින් ලියන ලද්දකි
‘සරසවිය’ හා සෝමවීර සේනානායකයන් අතර සබඳතාව දිගු එකකි. 1963 ‘සරසවිය’ පුවත්පත අරඹා මීමන ප්‍රේමතිලකයන් එහි කර්තෘ ධූරය දරන සමයේ සේනානායකයෝ විද්‍යෝදය (වර්තමාන ජයවර්ධනපුර) සරසවියේ සිසුවෙක් වූහ.

ශිෂ්‍ය ජීවිතයේදීම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කළ ඔහු සරසවියෙන් පිටව පුවත්පත් කලාව වෘත්තීය ජීවිතය කර ගත්තේය. ඒ ‘සරසවිය’ පුවත්පත වෙතිනි. එවකට අපි පාසල් සිසුවෝ වීමු. 1977 පෙබරවාරි මස මා ‘සරසවිය’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවයට පැමිණෙන විට සෝමවීරයෝ එහි නියෝජ්‍ය කර්තෘවරයා වූහ. කර්තෘවරයා වූයේ කොළඹ යුගයේ කවි පරපුර නියෝජනය කළ විමලසිරි පෙරේරා සූරීන්ය. මා ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයට ඇතුළු වූ දිනය මට හොඳට මතකය.
‘මෙයා හරි යන්නෙ සෝමවීරට. හොඳට බලා ගන්න’ විමලසිරි පෙරේරා සූරීන් පැවසීය. පුවත්පත් සම්ප්‍රදාය ඉගැනීමේ වෙනත් ක්‍රම එකල නොවීය. විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදන විෂය ආරම්භ කර තිබුණ ද, ඒවා පුවත්පත් ආයතනවල සම්ප්‍රදායන් හා ආචාර ධර්ම ඉගැන්වීමට තරම් උත්සුක වූ බවක් නොපෙණින. මා පේරාදෙණිය සරසවියෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගෙන ටික කලක් බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර පැමිණිය ද වෘත්තීය පුවත්පත් කලාව උගත යුත්තක් බව දැන සිටියෙමි. පාසල් වියේදී ‘මිහිර’ ළමා පුවත්පතට ද, විශ්ව විද්‍යාලයීය සඟරාවලට ද ලිපි සම්පාදනය කර තිබූ නමුත් මට බොහෝ දේ ඉගෙනීමට තිබුණි. ‘සරසවිය’ පුවත්පත ඊට සරසවියක්ම විය. විවිධ ‘මහාචාර්යවරු’ එහි සිටියහ. මා පුහුණු කිරීමට භාර ගත් සෝමවීර සේනානායකයන් ද එයින් එක් අයෙකි. සැබවින්ම ඔහු විෂය රැසක් ප්‍රගුණ කළ නිල නොලත් මහාචාර්ය වරයෙක් විය.

විමලසිිරි පෙරේරා සූරීන් එවකට ‘සිළුමිණ’, ‘නවයුගය’ හා ‘සරසවිය’ යන පුවත්පත් තුනේම ප්‍රධාන කර්තෘවරයා විය. ඔහු කර්තෘ මණ්ඩලයේ එකිනෙකාගේ විශේෂ දක්ෂතා හොඳීන් දැන සිටි අතර, ඒ ඒ අයගෙන් කාර්යක්ෂමව හා ඵලදායීව වැඩ ගැනීම ද ඊටත් වඩා හොඳින් දැන සිටියේය. සමහර විට තමා යටතේ පැවති පුවත්පත්වල සේවය කළ පුවත්පත් කලාවේදීන්ට සංග්‍රහ සත්කාර ද කළේය. අදාළ පුවත්පත් සියල්ල සඳහා ම තම සේවය කැප කිරීමට අප පෙළඹී සිටියේ ඒ නිසාම නොවේ. එයින් මහත් ආස්වාදයක් ලැබුණ බැවිනි. ආර්ථික වාසි ද තිබූ බව සත්‍ය ය. එහෙත් ‘සරසවියේ’ අපට එකල ලැබූ මහත් වාසිය නම් රටේ ප්‍රවීණ කලාකරුවන් හා විද්්වතුන් හමු වී කථාබහ කිරීමටත්, ඒ ඇසුරින් ලිපි සම්පාදනය කිරීමටත් අවස්ථා ලැබීමය.
තවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගෙන් ඉගැනීමට අවස්ථා ලැබුණ ද සෝමවීර සේනානායකයන්ගේ ගුරුපදේශ වඩාත් සිත් ගන්නා සුළු විය. පළමුව මා ඔහු විසින් විශ්මයට පත් කරන ලදී. ඒ පළමු වරට මට මා ගරු කරනා ලේඛකයකු පෞද්ගලිකවම හමු වීම නිසාය. ඒ වන විටත් මා ඔහුගේ ‘මවකගේ ගීතය’ නව කතාවේ හොඳ පාඨකයකු වී සිටි බැවිනි.

‘මං හිතුවෙ ඒ පොත ලියන්න ඇත්තෙ බොහොම වැඩිහිටි ලේඛකයෙක් කියලා.’
පළමු දිනයේම මම සෝමවීරයන්ට කීවෙමි. ඔහු මඳ සිනහවක් පළ කළා මිස විශේෂ ආඩම්බරයක් හෝ පම්පෝරි ගැසීමක් හෝ කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ඊට පසු දිනෙක ඔහු විසින් ලියා පළ කර තිබූ ‘ආදරයට බය මිනිස්සු’ හා ‘අඹු සැමියෝ’ නවකථා පිටපත් දෙකක් මට පරිත්‍යාග කිරීමය.
‘මේවා මං බොහොම තරුණ කාලේ ලියපුව’

දූ දරුවෝ
වෑකන්ඳ වලව්ව
යශොරාවය
ඔහු කීවේ නිහතමානීවය. මා ඊට පෙර එම නවකථා කියවා නොතිබුණි. ඉතා ඉක්මනින් ඒවා කියවීමට මට හැකි වූයේ ඉතා තරුණ වියේ පවා ඔහු පිරිපහදු කළ භාෂාවකින් ලිවීමට සමත්ව සිටි බැවිනි. පසු කලෙක ඔහුගේ නවකථා හා කෙටිකථා භාෂා භාවිතය අතින් පමණක් නොව, තේමා හා ආකෘතික ලක්ෂණ අතින් ද වඩා විවිධත්වයට පත් වූ බව කවුරුත් දනිති. ‘එක් ටැම් ගෙවල්’, ‘මතු දවස’, ‘ඉර හඳ පායන ලෝකය’, ‘යශෝරාවය’, ‘මැණික් නදිය ගලා බසී’, ‘බලදේවගේ ලෝකය’, ‘සුද්දා පරාදයි’ යන නවකථා හා කෙටි කථා කෘතීන් පමණක් නොව ‘ලස්සන වස්තුව‘, ‘දඩ මං ඔස්සේ’, ‘ගඟ අද්දර කැලේ’, ‘දියෙන් උපන් කුමාරයා’ ළමා සාහිත්‍ය කෘතිවලින් ද එය පැහැදිලි වෙයි.
පුවත්පත් කලා ජීවිතයේදී ද, පෞද්ගලික ජීවිතයේදී ද හොඳ මිතුරකු වූ සේනානායකයෝ මාධ්‍යවේදියකුට අවශ්‍ය බොහෝ ගුණාංග ප්‍රගුණ කර සිටියෝය. පුවත්පත් කලාවේදීී භාෂාව හරි හැටි භාවිතයේ නොදන්නේ නම්, නිරවුල්ව හා ඵලදායි ලෙස අදහසක් ප්‍රකාශ කිරීමට හැකි නොවේ. ((එබඳු ලේඛන කියවීමේ අභාග්‍යයට අද අපි මුහුණ දී සිටිමු) සේනානායකයෝ බස මැනවින් දත්හ. ඔහුගේ ‘මහනෙත් පහන’ කෘතියේ ද විස්තර කර ඇති පරිදි, ඔහු අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවා ඇත්තේ ළමා වියේදීමය. පාරම්පරික වෛද්‍ය පරපුරකින් පැවත ආ ඔහුට ගෙදරම පුස්තකාලයක් විය. ළමා වියේ ලද මේ පුහුණුව ඔහු සරසවි ජීවිතයේදී වඩා ඔප මට්ටම් කර ගත්තේය. මහාචාර්ය ඒ. වී. සුරවීරයන් ඇරැඹූ ‘ලේඛකත්ව හා ජනසන්නිවේදන’ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරූ ඔහු, තම අධ්‍යාපනය සහතිකවලට සීමා කර නොගත්තේය. නිර්මාණ සඳහා එය අනුප්‍රාණයක් කර ගත්තේය. විචාරය සඳහා උරගලක් කර ගත්තේය.

අපි සරසවියේදී සංස්කරණය ගැන බොහෝ දේ උගත්තේ ඔහුගෙනි. සමහරු දිගු හෑලි ලියති. සමහරු ඉලක්කයක් නොදැන ඔහේ ලියති. වියරණ සම්ප්‍රදා බිඳිති. එහෙත් සංස්කරණය කළ යුත්තේ ලේඛකයාගේ අරමුණ පැහැදිලි වන අයුරෙනැයි ඔහු අපට ඉගැන් වුයේ ක්‍රියාවෙන්මය. ශීර්ෂ පාඨ යෙදීම පාඨක පෙළඹවීම සඳහා මෙන්ම අර්ථ උද්දීපනය සඳහා යැයි ඔහු ඉගැන් වූ පාඩම් අපට තවමත් මඟ පෙන්වයි.

ඔහු ඇසූ පිරූ තැන් ලැබුවේ පොත පත කියවීමෙන් පමණක් නොවේ. බොහෝ දුර බැහැර ගමන් කරමින් අත්දැකීම් ලබමිනි. එකල ඔහු සමඟ ගමන් සගයන් වීමේ භාග්‍යය ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කුමාරයනුත්, මමත් ලැබූවෙමු. සමහර විට අප රජරට ප්‍රදේශයේ සංචාරය කළේ, එම ප්‍රදේශයේ විසූ රෝහණ දන්දේණිය, සුසිල් ගුණරත්න, විමලරත්න අධිකාරී වැනි රසිකයන්ගේ ආරාධනා මතය. එදා මෙන් ගමන් පහසුකම් හෝ නවාතැන් පහසුකම් එකල නොවුණ ද, අපි ‘නොමිලේ’ ම සම්මන්ත්‍රණ, සාකච්ඡා, වැඩමුළු ආදියට සහභාගී වීමු. හැම විටම සේනානායකයෝ අපේ නායකයා වූහ.

මේ සම්මන්ත්‍රණ, සාකච්ඡා, වැඩමුළු ආදිය ප්‍රයෝජනවත් ඒවා වූ බව ඒවාට සහභාගි වූ ආධුනිකයන් මුහුකුරා ගිය කලාකරුවන් ලෙස පසුකාලීනව සමාජයට බොහෝ නිිර්මාණ දායක කර තිබීමෙන්ම පෙනේ.
අපි ද ඒ ගමන් - බිමන්වලින් උගත්තෙමු. නිර්මාණ බීජ එකතු කර ගතිමු. එක්තරා සංචාරයකදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාගම අහිගුණ්ඨික ජනයා හමු වීමු. ඔවුන් සමග කළ කතාබහේදී ජනශ්‍රැතිය හා සම්බන්ධ බොහෝ දෑ අපි උගත්තෙමු. මේ විෂය අළලා සෝමවීර සේනානායකයන් ‘සිළුමිණ’ පුවත්පතට ලියූ විශේෂාංග ලිපිය එකල බෙහෙවින් ජනප්‍රිය විය. ‘සත්වෙනි දවස’ චිත්‍ර කතාවත්, ඒ මත පදනම් වූ චිත්‍රපට තිර නාටකයත් ඔහු ලියුවේ ඒ අත්දැකීම් පාදක කර ගෙනය. එහි ඊට අදාළ ඡායාරූප සම්පාදනය කළේ මා විසිනි. එයින් එක් ඡායාරූපයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලබන්නට ද මට වාසනාව ලැබුණි.

වෙනස් වන සමාජ ප්‍රවණාතා හඳුනා ගැනීම මාධ්‍යවේදියා අලුත් කරයි. ඒ බව සේනානායකයන් හොඳින් දැන සිටියේය. හැත්තෑව දශකයේ චිත්‍ර කථා මාධ්‍යය බෙහෙවින් ජනප්‍රිය විෂයක් සේ පැවති සමයේ ඔහු චිත්‍ර කථා මාධ්‍යයට අවතීර්ණ විය. සාහිත්‍යකරුවකු වූ ඔහුට චිත්‍ර කථා කලාවේ පැවති සීමා බිඳ පෙරට යාම දුෂ්කර නොවීය. ‘සිළුමිණ’ පුවත්පතේ 1970 දශකයේ පළ වූ බොහෝ ජනපි‍්‍රය චිත්‍ර කථාවල රචකයා ඔහු වූ අතර, එවායේ සිතුවම් නිර්මාණය කළේ බන්ධුල හරිස්චන්ද්‍රය.


සිනමාව ද හැත්තෑව දශකයේ නව මං පෙත් කරා යොමු වූ අතර සේනානායකයන් තිර කථා රචකයකු වශයෙන් ඊට දායක වීමට හැකි වුණි. ආරාධනා, සූරියකාන්ත, ජීවිතයෙන් ජීවිතයක්, සත්වෙනි දවස, සෙනෙහසක කඳුළු, මිහිදුම් සිහින, පෙති ගෝමර, පොඩි රාලහාමි, මැණික් මාලිගා, තනි තරුව, වැකන්ද වලව්ව ඔහු තිර රචනා ලියූ චිත්‍රපට වේ. මෙයින් ඇතැම් නිර්මාණ ඔහු කළේ ‘සරසවිය’ පුවත්පතේ සේවයේ යෙදී සිටියදීමය.
අද බොහෝ දෙනෙකු සේනානායකයන් හඳුනා ගන්නේ රූපවාහිනී මාධ්‍යයෙනි. මෙරට ටෙලි නාට්‍ය වංශයේ මොහුගේ නම සටහන් වන්නේ රන් අකුරිනි. සාහිත්‍යයේ ඇති ප්‍රබල ලක්ෂණ ටෙලි නාට්‍ය කලාවට එක් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. ඔහු ලියූ ‘පළිගු මැණිකේ’ තවමත් ප්‍රේක්ෂක ලෝකයේ රැඳී සිටී. රන් කහවනු, මිහිකතගේ දරුවෝ, අසල් වැසියෝ, මවකගේ ගීතය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, චරිත තුනක්, ගිරය, අපේ ඇත්තෝ, නෑදෑයෝ ඔහුගේ තවත් මාලා නාට්‍ය කිහිපයකි. ඔහු තිර රචනය කළ ඒකාංගික ටෙලි නාට්‍ය සංඛ්‍යාව සියයකට වැඩි විය යුතුය. තමා ලියූ නව කථා ගණනාවක් රූපවාහිනී මාධ්‍යයට නඟා නැරැඹීමේ භාග්‍යය ලද මෙරට එකම ලේඛකයා ඔහු විය යුතුය.

නිර්මාණයේ නියුක්ත වන බොහෝ අය විචාරයේ නොයෙදෙති. අපේ රටේ එසේ නිර්මාණය හා විචාරය යන ක්ෂේත්‍ර දෙකේ කටයුතු කළේ මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, මහාචර්ය සිරි ගුණසිංහ, ආචාර්ය ගුණදාස අමරසේකර වැනි කිහිප දෙනෙකි.

මේ ලේඛනයට සෝමවීර සේනානායකයන්ගේ නම ද ඇතුළත්ය. ඔහු නිර්මාණශීලී ලේඛනය, කෙටි කතා විචාරය සහ නිර්මාණය, කෙටි කතා කලාව, රූපවාහිනී රචනා කලාව ආදී ග්‍රන්ථ රචනා කිරීමෙන් තමා දුක දරා හැදෑරූ විෂය අන්‍යයන් වෙත ප්‍රදානය කිරීමට උත්සුක වෙයි.

ඔහුට මේ බහු විධ විෂය වෙත නැඹුරුවීමේ හැකියාව ලැබුණේ උපතින් ලද ප්‍රතිභාව නිසා පමණක් නොවේ. ඔහු ළමා වියේ සිට පොත පත හැදෑරීය. උසස් අධ්‍යාපනය ලැබුවේය. බොහෝ ජනයා ඇසුරු කළේය. ඔවුන්ගෙන් උගත්තේය. සතතාභ්‍යාසයේ යෙදුණේය.

තමා දත් දෑ අන්‍යයන්ට කියා දුන්නේය. හුවමාරු කර ගත්තේය. ඔහු අද පැමිණ ඇති ස්ථානයට ළඟා වීමට මේ සියල්ල උපකාරී වන්නට ඇත. එහෙත් ඔහු අප සැමගේ මතකයේ රැෙඳන්නේ මිනිසත් බවින් පිරිපුන් කලාකරුවකු ලෙස ලොවට දායාද කළ දෙයිනි. තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා!
රණබිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවෙහි වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ’
කොටහේනේ මුඩුක්කුවේ උපන් මම කවදාවත් මුල අමතක කළේ නෑ
ජනවාරි 21 දා තිරගත වන ලකුස පබාල පිළිබඳව
පබාගේ චරිතය රගපෑ පූජා උමාශංකර් කියයි
වීරවර්ධන මැණිකේගේ ඇස් යොමු වූයේ වලව්වේ ගේට්ටුව දෙසටයි. ඇයට මහත් තනිකමක් දැනිණි. ඇය දෑස මෙන් රක්ෂා කළ දූ දරුවන් සියල්ලෝම ඇයව අතැර තමන්ගේ ලෝකවල් සොයා ගොසිනි.

ඇය අසල ඇති හාන්සි පුටුවේ ඈඳි ගත්තාය. දකුණත නිකට මත තබා මහත් සුසුමක් හෙළුවාය. ඇගේ දෑස මත ලිය වී ඇති සංවේගය වචන දහස් ගණනකට වුව ද පෙරළිය හැකි බව මට සිතිණ. මම ඇය සමීපයට ගියෙමි.

මොකද ආයේ මේ පැත්තේ?

ඇගේ කරුණාවන්ත ස්වරය පොදු එකකි.

ආරංචි ටිකකුත් ගෙනි යන්න හිතාගෙනයි ආවේ.

මම ඊට පිළිතුරු බැන්ඳෙමි.

මං ඊළග සීන් එකට පුංචි රිහසල් එකක් කළා. අන්න නාලන් ඉන්නවා ඇතුළේ.

මා වලව්වේ පිවිසුම් ද්වාරය දෙසට නෙත් හරවත්ම නාලන් මෙන්ඩිස් පැමිණියේය.

නාලන් මේ දිනවල දූවරු පුංචි තිරයට ගෙන ඒමට සූදානම් වෙයි. මේ එම ටෙලි සිත්තම තැනෙන අතුරුගිරියේ ප‍්‍රධාන දර්ශන තලයයි.

වීරවර්ධන මැණිකේ ජීවත් වන්නේ ද දූවරු තුළය. ඇය සැබෑ ජීවිතයේදී අපේ නිළි රැුජන වන්නීය. එසේත් නැතිනම් කොයි කාගේත් මාලිනී අක්කාය.

නාලන්, මාලිනිය පෙර සූදානම් වූ දර්ශනය කැමරාවට නැගීමට සැරැසෙයි.

ඇක්ෂන්.

මේ ගේ දැන් පාලූවෙන් පිරිලා. ඉස්සර කොච්චර නම් සතුට පිරුණු තැනක් ද . . .

කට් කට් කට්.

දර්ශනය අවසානයට නාලන්ගෙන් විධානය.

අනේ මට හිතෙනවා ඒ දෙබස් ටික හරියට කිය වුණේ නැහැ කියලා. ආයේ ගමු ද ඒ ෂොට් එක.

මාලනිය පවසන්නේ දෙගිඩියාවෙනි.

හා හා මාලිනී බය වෙන්න එපා` එන්නකෝ බලන්න නාලන් ඇය අස්වැසුවේය. නාලන් සහාය අධ්‍යක්ෂ උදය එතැන ඇති කුඩා මොනිටරයකින් එම දර්ශනය මාලිනියට නැරැුඹීමට සැලැස් වීය. තමා රගන  ඕනෑම දර්ශනයක් ඉතා විශිෂ්ට යැයි සිතන නළු නිළියන් සිටින රටක අපේ ප‍්‍රතිභාපූර්ණ නිළි රැජිණ තමාගේ රංගනය වඩාත් හොඳින් ඉටු කිරීමට ගන්නා උත්සාහය හැම දෙනාටම ආදර්ශයකි. ඇය අග‍්‍රගණ්‍ය නිළි රැජන වන්නේ ද එකී කැප වීම නිසාමය.

මෙච්චර හොඳට මං රගපෑවද?

 ඕනෑම විශිෂ්ටයකු සතු රහස නම් තමා නිර්මාණය කෙරෙහි පරිපූර්ණ තෘප්තියක් ඇති නොකර ගැනීමය. එය එසේ වීම ඊළග නිර්මාණයට පෙර සූදානමකි.

දූවරු හී රංගනයේ යෙදෙන මනීෂා නාමල්ගම ජනේලයෙන් පනින කතාවක් පිළිබඳ අප මීට ප‍්‍රථම දවසක සඳහන් කළා ඔබට මතක ඇති. මෙවර ද ඇය අප සමග කතාබහ කිරීමට ආවේ සුපුරුදු අයුරින්ම කාමරයේ දොරකින් පැමිණ නොව ජනේලයෙන් පැනලාය.

අපි දැන් මේකට නමක් තියලා තියෙන්නේ, මනීෂාගේ ජනේලය කියලා.

නිෂ්පාදන කණ්ඩායමේ අයකු මනීෂා නිතරම පනින ජනේලය පෙන්වා පැවසීය.

දූවරු දර්ශන තලයේ වැඩිපුරම ගැවසෙන්නේ රංගන ශිල්පිණියන්ය. මාලිනී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, මාලිනී වීරමුණි, යශෝධා විමලධර්ම, වත්සලා දියලගොඩ, නිම්මි ප‍්‍රියදර්ශනී, මනීෂා නාමල්ගම ඒ අතර වෙති.

මම වෙන්න ඇති එක සැරයට එකම දර්ශන තලයක නිළියො වැඩිපුරම හසුරවලා තියන ඩිරෙක්ටර්.

නාලන් විහිළුවට මෙන් එසේ කීවේ කමිසයේ කොලරය ද අත ගාමිනි. දූවරු හරහා නවක රංගන ශිල්ප / ශිල්පිණියන් කිහිප පොළක් පුංචි තිරයට පැමිණෙයි. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ඒ අතර වෙති.ඔහු දූවරු හි ලියුම් බෙදන්නෙකු ලෙස රගයි.

ඉසුරු මේ පාර දිගේ ටිකක් වේගයෙන් බයිසිකලය පැදගෙන එන්න  ඕනේ.

ඉසුරු, නාලන් පැවසූ අයුරින්ම බයිසිකලය පදිමින් කැමරා ඇති දෙසට පැමිණි මුත් නාලන් එයින් සෑහීමකට පත් වූයේ නැත.

කෝ දෙන්නකො බයිසිකලය. නාලන් ඉසුරුගෙන් ඉල්ලා ගත් බයිසිකලය ගෙන වටයක් දෙකක් පැද්දේ බයිසිකල් පැදීම මේ අයුරින් යැයි ඉසුරුට පවසමිනි.

දූවරු එකේ සීන් එකක් වෙනුවෙන් නිළි රැුජන පිරිවරා අනෙකුත් තාරකාවන් කේක් කපන්නට සූදානම් වෙයි.

කේක් තිබුණට කෝ කපන්න පිහියක්.

අයිරාංගනී මහත්මිය වටපිට බැලීය.

මේ තියෙන්නේ?

මාලිනී වීරමුණි පිහියක් වැනි යමක් රැගෙන ආවාය. සැබවින්ම එය දැලි පිහියකි.

අපි මේ හදන්නේ රැවුලක් කපන්න නෙවේ, කේක් ගෙඩියක් කපන්න. මාලිනී අත තිබූ දෙය දුටු තවකෙකු කීවේය.

වෙන පිහි නැහැ, ඔන්න ඔහේ මේකෙන්ම කපමු.

මාලිනී වීරමුණි ඉතා අපහසුවෙන් දැලි පිහියෙන් කැපූ කේක් කෑල්ලක රස මම ද විඳ ගත්තෙමි.

මේ අය ද දූවරු හි රංගනයේ යෙදෙති.

රොෂාන් පිලපිටිය, චන්දික නානායක්කාරයි. ප‍්‍රභාත් වීරසිංහ ලියෝනි කොතලාවල, සරත් කරුණාරත්න, අතුල ජයසිංහ, වතික රවිනාත්.

සරසවිය පුවත්පත ඇසුරෙනි
ඈතින් ඇසෙන ගිටාරයේ හඬ මුළු නිවාස සංකීර්ණය පුරාම පැතිර යන්නේ අපූරු සුන්දරත්වයක් හදවත පුරවමිනි.
‘සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියළි ගොඩ බිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා . . .’

ගිටාරයේ හඬ හා මුසුව ඇසෙන්නේ කාලයක් පුරාවට රසික හදවත සිය මියුර ස්වරය රැඳ වූ ඒ සොඳුරු කෝකිලයාණන් වන සිසිර සේනාරත්නයන්ගේ හඬයි.

‘රැය දවල් දෙක එක සේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ . . .’

සිසිර සේනාරත්නගේ හඬට පසුව ඇසුණා වූ ඒ ස්වරය අපව සොඳුරු මතකයකට රැගෙන යයි. ඒ එදා පටන් අද දක්වා වූ ඒ සොඳුරු ආදරයේ මතක සටහන් අතරටය.

මෙලෙස ‘ඉන්ද්‍රාණි සේනාරත්න’ සිසිර සේනාරත්න අසලම ඉඳීමින් හදවතින්ම ගයන්නේ ඔහුටය. කලකට පසුව වුව ද ඔහුගේ හදවතෙහි සුන්දරත්වය කොතරම් ද යන්නය. ඈ ගයනා ඒ අසල සිටින්නේ ඔවුන්ගේම පුතණුවෝය. සමීර සේනාරත්නය. සමීරගේ අත රැඳි ගිටාරය වැයෙන්නේ ඔවුන් වෙනුවෙනි.
මෙම මස 20 වැනිදා ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවැත්වෙන ‘සිසින්ද්‍රා’ ප්‍රසංගයට පෙර පුහුණුවීමක යෙදෙන මේ සොඳුරු කැදැල්ලේ සුන්දරත්වයට බාධා කරමින් අප එහි පිවිසියේ ඒ දුරකතන ඇමතුමෙහි තතු විමසන අටියෙනි.

‘ආ . . . මේ අය ඇවිත් ඉන්නේ අපේ ප්‍රසංගය ගැන අහන්නද?’
සියලු කාර්යයන් පසෙකලා මන බඳිනා ඒ සිනහවෙන් ඔහු අප අමතන්නේ පෙර පුරුදු ළෙන්ගතු ස්වරයෙන්මය.

‘ඔව් . . . ඔව් ඒ ගැන අහන්නම තමයි’
ඉන්ද්‍රාණි අක්කා කියන්නේ අප සැම පිළිතුරු දෙන්නට පළමුවය.

‘කාලයකට පස්සේ කරන මේ ප්‍රසංගය මගේ ජීවිතයේ ලස්සනම ප්‍රසංගය වේවි. මේ දවස්වල මම ඒ ප්‍රසංගයට සූදානම් වෙන්නේ බොහොම සතුටින්. ඒ පැරැණි ගී පුහුණුවීම්වලදී මම නිතරම වගේ අතීතයට යනවා. මගේ ළඟම ඉන්ද්‍රාණි ඉන්න නිසා ජීවිතයේ සුන්දරත්වය හැමදාම රැඳිලා.

මේ වගේ බිරිඳක් ලබන්න මං බොහොම වාසනාවන්තයෙක්. ඒ වගේම තමයි මගේ දරුවෝ. නිතරම මා අසල ගැවසෙන්න, දුක සැප සොයලා බලන්නේ ඔවුන් මට ආදරේ නිසයි. මම ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්.’
යුගයකදී ඔබ ආදරය කළ ඒ මිනිසා සිය හඬ අවදි කළේ ඒ තෘප්තිමත් බවෙහි සුන්දරත්වය විඳීන අයුරු අපට පසක් කරමිනි. ඔහුගේ හඬ ඔස්සේ මගේ මතකයට නැගුණේ පෙර දින ලැබුණු ආරංචියයි.

‘දන්නවද සිසිර සේනාරත්න ගැන නරක ආරංචියක් “. මගේ ළඟම මිතුරෙකු මා ඇමතුවේ දුරකතනයෙනි.

‘මොකක්’

උස් හඬින් මට කියැවුණේ මා සිටින්නේ බස් රියෙහි යන වග ද අමතක වෙමිනි. මීට මාස කිහිපයකට පෙර යුග දිවියේ අඩ සියවස සැමරූ සිසිර අයියාගේ අභිමානය රැඳුණු මුහුණ මගේ මතකයට නැගුණේ ඉබේමය.
‘කාලයකට පස්සේ ප්‍රසංගයක් කරන්නයි ඉන්නේ’

ඔහු පැවසූ ඒ උදාරම් විලාසයත්, ඒ හඬත් මගේ දෙසවනෙහි නින්නාද වේ. අසනීප වීමෙන් පසුව, සුව අතට හැරුණු ඔහු ප්‍රසංගවලට සහභාගි නොවූව ද සිටියේ හොඳ සනීපයෙනි.

මේ සොඳුරු මිනිසාට කුමක් නම් වීද?’
මා කාර්යාලයට පැමිණියේ මේ අදහස සිත පෙරළි කරද්දීය.

‘සිසිර අයියා ගැන ගිහින් තියෙන්නේ බොරු ආරංචියක්. ඒකෙන් අයියාගේ වස් දොස් ඔක්කොම යන්න ඇති’
සිසිර අයියාට කවදත් හිතැති අප කර්තෘතුමා පැවසුවේ ලිපියක් ලියන කාර්යය ද මට පවරමිනි.

එහෙත් ඒ ආරංචියේ බොරුව කෙතරම් ද යත් පසක් කරමින් ඔහු සුපුරුදු ලෙසම සිනාසෙයි. එදා කියූ ලෙස අද ඔහු සිය ප්‍රසංගය සඳහා සූදානම් වන්නේ ද නොඉවසිල්ලෙනි.

‘මේ වුණ දේ හිතා ගන්නවත් බෑ. එදත් අපි මේ වගේ ගීතයක් පුහුණුවීම් කරමින් හිටියේ. එක පාරටම දුරකතනය නාද වුණා. මම තමයි දුරකතනයට උත්තර දුන්නේ. චැනල් එකකින් මටම කතා කරලා අහනවා ‘සිසිර අයිය ගැන යන ආරංචිය ඇත්තක්ද කියලා’. ඒ වෙලාවේ නම් මට කතා කර ගන්න බැරි වුණා. මට එක පාරටම බැලුණේ සිසිරගේ මුහුණ. ඔහුත්, පුතත් ගීතය පුහුණු වෙනවා. ඊට පස්සේ දිගින් දිගටම දුරකතනය නාද වුණා. ලංකාවේ සිටින අපට ආදරය කරන බොහෝ දෙනෙක් කතා කළා. ඒ අය අතර හිතවතුන් වගේම යාළුවොත් හිටියා. ඒ විතරක් නෙමෙයි, විදේශ රටවලින් ආව දුරකතන ඇමතුම්වලින් දුරකතනයට නිමක් ලැබුණේ නෑ. මේ සිද්ධිය ඇහුවට පස්සේ මගේ හිතට දැනුණු වේදනාවේ තරම දන්නේ මම විතරයි. ඒත් සමඟම පුංචි සතුටකුත් දැන් දැනෙනවා. අපට ආදරය කරන අය, අපි ගැන සොයා බලන අය කොයි තරම් වටේටම ඉන්නවද කියන කාරණය පිළිබඳවයි. අපි තනි වෙලා නෑ කියන හැඟීම දෙන්නේ මේ වගේ කාරණයකදියි. බොහොම දෙනෙක් කිව්වේ මේක සිසිරට ආශිර්වාදයක් කියලයි. ඇත්තටම වෙස් වලාගෙන ආව ආශිර්වාදයට අපි අද බොහොම ආදරෙයි. එත් මේ ආරංචිය ගැන සිසිරට අපි කිව්වේ නෑ. ඒ මේ වගේ දෙයක් අහලා සිසිරට ඒක දරාගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය සිතට නැඟුණ නිසයි.’

හදිසියේ මතු වුණු අර්බුදයට තමා මුහුණ දුන් අයුරු අප සමඟ පැවසුවේ සිසිර සේනාරත්නගේ දයාබර බිරිය ඉන්ද්‍රාණි සේනාරත්නය. මේ අතර සමීර සේනාරත්න පුතුගේ දුරකතනයට ද ඉස්පාසුවක් නොතිබුණි.
‘මේ සිද්ධිය වුණාට පස්සේ මගේ දුරකතනයට ඇමතුම් තුන්සිය විස්සක් විතර ආවා. ඊටත් වැඩියි. කිසිම දෙයක් එක පාරටම හිතා ගන්න බැරි වුණා. දැන් අපි 20 වැනිදා පැවැත්වෙන ප්‍රසංගයට සූදානම් වෙනවා. එදාට අම්මාටත්, තාත්තාටත් උපහාර උළෙලක් පැවැත්වෙනවා. බොහොම වර්ණවත්ව පැවැත්වෙන මේ ප්‍රසංගය බොහොම සුන්දරව දිස් වේවි.

‘ඔයාලත් ඒ ප්‍රසංගයට එන්න.’
පුතුගේත්, බිරිඳගේත් කතාබහට හවුල් වෙන සිසිර අයියා අපට ආරාධනා කරන්නේ හදවතෙහි නැගුණු සැබෑ සෙනෙහසිනි. ආරංචිය පිළිබඳ කිසිත් නොදන්නා ඔහුට අපි දීර්ඝායුෂ පැතීමු. දයාබර සිසිර අයියේ ඔබට ‘සරසවිය’ වෙතින් චිරන් ජයතු වේවා!

මේ නව වසරේදී අපිට පුළුවන් වෙන්න ඕනේ, වැරදි හදාගෙන ඉදිරියට යන්න. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ මොන ගැටලු ආවත් නොබෙදී අපි කවුරුත් එකමුතුව කටයුතු කරන්න උත්සාහ කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සහ නව පරපුරේ ශිල්පීන් හැමදෙනාම සහයෝගයෙන් කටයුතු කරමින් මේ ලෝකවාසීන්ට වැඩ දායක යහපත් ගී නිර්මාණ ඉදිරිපත් කිරීම අවශ්‍ය වී තිබෙනවා. එවිට 2012 වසර අප කාටත් සතුට සාමය ලබා දෙන වසරක් වන බව නොඅනුමානයි.” ඔහු - ආදරණීය ගායන ශිල්පී ටී.එම්. ජයරත්න.

”සංවර්ධනය වෙමින් පවතින රටක කලාකරුවන්ට ලොකු වගකීමක් පැවරෙනවා, ජන ජීවිතයට ප්‍රයෝජනවත් වන කලා කෘති නිර්මාණය කිරීමට. අප නියැලී සිටින ගීත නිර්මාණ කටයුත්තත් ඊට අයත් වෙනවා. පසුගිය කාලය පුරාම වැඩිපුර ගී නිර්මාණ බිහිවී ඇත්තේ ආනන්දය පිණිස පමණක් වීම විශාල අඩු පාඩුවක්.
ගීත ශ්‍රාවකයන්ට ආනන්දය මෙන්ම ප්‍රඥාවද ලබා දිය හැකි යහපත් ගී නිර්මාණ බිහි කිරීමේ මෙහෙවර ඉටු කිරීමට කලාකරුවන් ලෙස අප බැඳී සිටිනවා. යහපත් ගී නිර්මාණයකින් ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලැබිය යුතුයි. මේ බලන්න, එයට උදාහරණයක්.” (ටී.එම්. ‘අඳුරු කුටිය තුළ’ ගීතය ගයමින්)


අඳුරු කුටිය තුළ
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටස තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියන් වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ...!
(පද - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ)


”අද මේ රටට සමාජයට එවැනි ගී නිර්මාණ උවමනා වී තිබෙනවා. හැත්තෑව දශකයේ බුද්ධියට ප්‍රබෝධය දුන් ‘ප්‍රබුද්ධ ගී’ නිර්මාණය කෙරුණා. එම ගීත තුළින් මිනිසුන් දැනුවත් කෙරුණා. කේමදාස සූරීන්, ජෝතිපාල ලවා ප්‍රබුද්ධ ගී ගායනා කෙරෙව්වා ඒ කාලයේ. මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි ගී පද රචකයින්ගෙන් ප්‍රයෝජනවත් යහපත් සංකල්පනා එම අවධියේ ලියැවුණා. මිනිසුන්ට රට දැය පිළිබඳ, මිනිස් ජීවිතය පිළිබඳ ආදරය වගේම භේද බින්න නොවී එකමුතුව වැඩ කරන්න ආසාව උපදවන හැඟීම් එදා එම ගීත නිසා ඇතිවුණා. විය යුත්තේ සාරගර්භ අර්ථපූර්ණ ගී ගැළපෙන තනු සහ සුදුසු ගැයුම් සහිතව ඉදිරිපත් කිරීමයි.”

ඔබ පවසන්නේ ගීතයෙන් ජීවිතය උගන්වන්න පුළුවන් බවද?
”ඔව්, සාරවත් ගීත නිර්මාණ මඟින් ශ්‍රාවකයින්ට ජීවිතය උගන්වන්න පුළුවන්. එය හරියට දහමකින් කියා දෙනවා වගේ කියා දෙන්න පුළුවන්. අපි එකමුතු වී ඒ ක්‍රමවේදය සොයා ගමු.”

දැන් “සෞන්දර්ය ඇකඩමි” නමින් නව ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.
”එය වෙනම ම කලාවක්. කලාවක් කියනවාට වඩා එය එක්තරා විලාසිතාවක්. නැත්නම් ව්‍යපාරයක් කීමයි නිවැරදි. අනේ පව්, අපේ අනාගත පරපුරට කුමන කලක් යාවිද මන්දා.”

ඔබට සංවේගයක් දැනුණාට දැන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් වූ රියැලිටි වැඩසටහන් රැසක් ම තිබෙනවා නේද?
”නවකයින්ට තම සහජ හැකියාව පෙන්වන්න එවැනි වැඩ සටහන් තිබෙන බව ඇත්තයි. ඒත් ප්‍රශ්නය, ඒවා මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ අනාගත පරම්පරාව යහපත් ලෙස හසුරුවන වැඩ සටහන් ද යන බවයි. මල පිපුණා, පර වුණා. බිම වැටුණා වගේ වැඩක් තමයි ඒවායින් සිදු වෙන්නේ. යහපත් අනාගත පරපුරක් බිහි කරන්න නම් ජයග්‍රාහකයින්ට සුදුසු විෂය සම්බන්ධ දැනුම ලබා දිය හැකි ශිෂ්‍යත්ව පිරිනැමිය යුතුයි. එවිට ඔවුන් මේ ක්ෂේත්‍රයට වැඩ දායක නිපුණයන් වෙනවා. ඔය රියැලිටි වැඩ සටහන් SMS මඟින් කෙරෙන විනිශ්චයෙන් බොහෝ විට සැබෑම දක්ෂයින් කැපී යනවා. රූපයට හෝ මිත්‍රත්වයට ගායක ගායිකාවන් තේරීම වැරදියි.”

ඔබට රියැලිටි වැඩ සටහන් විනිශ්චයට ආරාධනා ලැබුණේ නැද්ද?
”මට ආරාධනා ලැබුණත් මම ගියේ නැහැ. පසුව කේමදාස සූරීන් හට කියලා මාව ගන්න හැදුවත් මම ගියේ නැහැ. සුදුස්සාව තෝරන්න අපේ විනිශ්චයට හැකි විය යුතුයි. එසේ නැතිව ඉර්ඉනිසා අපේ විනිශ්චය අහෝසි වෙනවා නම් ඵලදායක මෙහෙවරක් අපෙන් සිදු වන්නේ නැහැ. ඒ නිසයි මං නොගියේ.”

වත්මන් “ප්‍රාසාංගික කලාව“ පිළිබඳව ඔබට හැඟෙන්නේ මොනවා ද?
”ඔය වචනය රූපවාහිනිය සමඟ බද්ධ වෙලා ආ වචනයක්. ඒත් සත්‍ය නම්, අද අපේ ප්‍රාසාංගික කලාවේ අපේකම නැහැ. උඩ පැනලා, දඟලමින් ගැයුම කලාවක් වන්නේ කොහොමද? උඩ පැනලා ගයද්දී ස්වර ස්ථාවරයේ ඉඳ ගන්න පුළුවන්ද? සරල සංගීතයේ දී වුවද භාවාත්මක ඉරියව් ඕනේ. නවීන තාක්ෂණයේ මෙවලම් උපයෝගී කරගෙන බොහෝ විට ශ්‍රාවක ප්‍රේක්ෂකයින්ව මුලා කිරීමයි අද ප්‍රාසාංගික කලාවේ දී කරන්නේ. දැන් ප්‍රාසාංගික කලාව අපට ගැළපෙන කලාවක් නොවේ. මොන කලාව කළත් එය අපේ සංස්කෘතියට ගැළපෙන්න ඕනේ. නැත්නම් එය වැඩිහිටියන් වශයෙන් අපට අනුමත කරන්න නොහැකි වෙනවා.”

ඔබ මොනවා කිව්වත් මෙම ප්‍රාසාංගික කලාවේ නියුතු නව පරපුරේ ඇතැම් ශිල්පීන් අපේ ගීතය ජාත්‍යන්තරයට ගෙන යන බව පවසනවා නේද?
”ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය පිළිබඳ හරි අවබෝධයක් නැතිව අපේ සමහර නොදරුවෝ ඔහොම කීවාට ඔය බහුබූත ගීත කරලා කරන්න පුළුවන් කටයුත්තක් නොවේ එය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඉවක් බවක් අගක් මුලක් නැති ගීත කෑලි අරගෙන ජාත්‍යන්තරයට යන්න බැහැ. මේවා කරන කියන පරම්පරාව මංමුලා වෙලා, දෙලොවක් අතර ඔවුන්ට එහෙත් නැහැ මෙහෙත් නැහැ. ජාත්‍යන්තරයට යාම කෙසේ වුවත් මේ රටේවත් ඔවුන්ගේ ගීතවලට පැවැත්මක් නැහැනේ. ඒ නිසා තමයි දැන් ගීත ශ්‍රාවකයින් පැරණි ගී සොයා යන්නේ. ජ්‍යෙෂ්ඨ ශිල්පීන් මෙන්ම නව පරපුරේ ශිල්පීන් කවුරුත් සාමූහිකව ගෙන ගියොත් මිස ඒකලව අපේ ගීතය කිසිදාක ජාත්‍යන්තරයට ගෙන යන්න කාටවත් බැහැ.”

ගීත ශ්‍රාවකයන්ගේ රසඥතාව දුර්වල වීමකුත් දැනෙන්න තිබෙනවා නේද?
”සාහිත්‍ය විෂය පාසල් අධ්‍යාපනයෙන් අයින් කළ යුගයක් මේ රටේ තිබුණා. එහි ඵල විපාක තමයි අද මේ දැනෙන්නේ. එදා ගැමි කවියා දුටු නෑනා මස්සිනාලාගේ සුන්දර ප්‍රේමය අද කෙලෙසිලා. උදාහරණයකට ගත්තොත් ‘ඉරිදාට පල්ලියේ දී’ වැනි ගීතවලින් මස්සිනාව බිංදුවට ඇද දමලා. තරුණ පරම්පරාවේ රස වින්දනය පහළ වැටිලා. රසඥතාව වර්ධනය කිරීමට අතීතයේ සිටි සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරුන් බොහෝ සේ දායක වුණා.

ඔබ නව නිර්මාණ නොකරන්නේ ඇයි?
”අද මේ ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා නිසා අලුත් ගීත නිර්මාණය කළ නොහැකි වාතාවරණයක් තියෙනවා. තාක්ෂණික උපක්‍රමවලින් ඉතාම සූක්ෂම අයුරින් අපේ නිර්මාණ මංකොල්ල කෑමට ලක් වෙනවා. ජංගම දුරකථන සඳහා ගීත යෙදීමේ සිට සංයුක්ත තැටිවල අලෙවිය දක්වාත් විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරයේ දීත් බොහෝ අසාධාරණ සිදු වෙනවා.

බුද්ධිමය දේපළ නීතිය ක්‍රියාත්මකයි කීවාට එය නිසි අයුරු කෙරෙන්නේ නැහැ. ඉතින් ‘ගිය හකුරට නාඬන්නේ – තියෙන හකුර රැකගන්නේ’ කියලා පාඩුවේ ඉන්නවා. විශේෂයෙන්ම මිනිසුන්ගේ හදවත්වල ලියාපදිංචි වුණු අපේ ගීත යම් වාසනා ගුණයකින් තවමත් රැඳී තියෙනවා. ඒ ටයර්වලින් අපි තාම දුවන්නේ. ඒවා ගල් ටයර් වගේ පැවැත්ම හොඳයි.”

ඔබේ පුතා ඉසුරු ඔබේ ගීත ගායනා කිරීම ගැන ඔබ සතුටු වෙනවා ද?
”පියාගේ ගීත ගායනා කිරිමේ උරුමය පුතාට තියෙනවා. පුතා මගේ ගීත ගායනා කිරීම ගැන මං සතුටු වෙනවා. ඒත් ඒ නිසා පුතා කොටු වෙලා. පුතාට අනන්‍යතාවක් නැති වෙලා. ඉසුරු පුතාට වෙනම ම අනන්‍යතාවක් ඇති වෙනවා නම් තමයි හොඳ. පුතා ඉන්දියාවට ගිහින් සංගීත දැනුම ලබාගෙන ඇවිත් දැන් ගුරුවරයකු ලෙස කටයුතු කරමින් ඉන්නේ. පුතාට ඔහුගේම ගී නිර්මාණවලින් අනන්‍යතාවක් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඇති කරගන්න හැකි වෙනවා නම් තමයි ඉසුරුගේ අප්පච්චි ලෙස මට වඩාත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ.”

ඔබේ මතු බලාපොරොත්තු මොනවාද?
”මා දිරා යන පුද්ගලයෙක්. සදාකාලික නැහැ. මොන අභ්‍යාස කළත් ඖෂධ ගත්තත් සදාකාලික වෙන්න බැහැ. මගෙන් කෙරෙන්න ඕනෑ කරන යහපත් ක්‍රියා මොනවාද සොයා විමසා බලා ජාති, ආගම්, කුල භේද නොසලකා ඒවා ඉටු කිරීම තමයි මගේ පළමු බලාපොරොත්තුව. මම බෞද්ධයෙක් වුණාට මගේ ළඟ බයිබලය සහ කුරානය තියෙනවා. පසුගිය නත්තලේදී සිහිපත් කළ යේසුස් වහන්සේ මිනිසාගේ පාපය උදෙසා වද වින්ද අයුරුත් එලෙස වද විඳලත් පසුව තවදුරටත් ‘ඔබේ බර මා පිට තබන්න’ කියා පවසන්න තරම් පේ‍්‍රමණීය වූ අයුරුත් මා කියවා රස විඳ තියෙනවා.


දමිතා, මොකක්ද මේ සුබ ආරංචිය?

මම මේ අවුරුද්දේ විවාහ වෙනවා. බොහෝ විට මගේ විවාහ උත්සවය ජූලි හෝ අගෝස්තු මාසයේ පැවැත්වේවි.

පැවැත්වේවි කිව්වේ?

අපි දැනටමත් නැකත් බලලා තියෙන්නේ. මේ වෙද්දී නැකත් කීපයක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණු නැකත් මගේ කේන්දරයත් එක්ක මොන තරම් හොඳට ගැළපෙනවද කියලා තව දුරටත් බලන්න වෙලා තියෙනවා. මගේ විවාහ උත්සවය ඉඩකඩ ඇති තැනක ගන්න ඕන. විවාහ උත්සවය 'වෝටර්ස් ඒජ්' එකේ ගන්න උත්සාහ කළා. මට තියෙන නැකත් දිනවලට එතන ශාලා පහසුකම් නැහැ. ඒ නිසා විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්න තැන පිළිබඳ ගැටලුවක් තියෙනවා. අද හෙටම හොඳ තැනක් වෙන්කර ගන්න ඕන.

ඔහු කවුද කියමුද?

ඔහු කවුද කියලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නවා. අපි දෙන්නා අවුරුදු අටක් තිස්සේ එකිනෙකා දන්නවා. අපේ ප්‍රේම සම්බන්ධයට අවුරුදු අටක් වෙනවා. එයා සෑහෙන කාලයක් පදිංචි වෙලා හිටියේ ඩුබායිවල. දැන් ස්ථීර පදිංචියට ලංකාවට ඇවිත් ඉන්නවා.

ඔහුගේ නම කියමුද?

දැන්ම ඒ ගැන කතා නොකර ඉමු. අවශ්‍ය කාලයේදී ප්‍රේක්ෂකයන්ට ඔහු කවුද කියලා දැනගන්න ලැබේවි.

ඔබේ පෙම්වතා ප්‍රේක්ෂකයන් දන්න හඳුනන කෙනෙක් නෙවේ නේද?

එයා ලංකාවේ සෑහෙන කාලයක් හිටියේ නැහැ. අවුරුදු 23 ක් තිස්සේ ඔහු විදෙස් ගත වෙලා හිටියා. එයා ලන්ඩන්වල ඉගෙන ගත්තා. ඉන්පස්සේ ව්‍යාපාරික කටයුතු කළේ ඩුබායිවල ඉඳගෙන. ඒ කාලෙදි ලංකාවට ඇවිත් ගියත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයන් ඔහුව දන්නේ නැහැ.

ඔබේ රංගන දිවියට ඔහුගෙන් සහයෝගයක් ලැබේවිද?

මම හිතනවා ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබේවි කියලා. පහුගිය අවුරුදු අටේදී එයා මගේ කටයුතුවලට අකුල් හෙළලා නැහැ. නමුත් ඔහුගෙන් මට අවවාද නිතර ලැබිලා තියෙනවා.

ඒ මොකක් සම්බන්ධයෙන්ද?

ක්ෂේත්‍රයේ ඉන්න සමහර මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියලා. එහෙම එයා කිව්වේ මිනිස්සු දිහා ඈත ඉඳන් බලලා. මේ මේ අයගෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. නමුත් මම ඒ කියපු අය දිගට ආශ්‍රය කළා. එයා කිව්ව විදියට සමහර මිනිස්සු ආශ්‍රය නොකර හිටියා නම් මට සමහර විපත්වලින් දුර තියා බේරෙන්න තිබුණා. එයාට මිනිස්සු ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එහෙම කෙනෙක් මුණගැසීම හොඳයි.

ඔබ මුණගැසෙද්දී ලංකාවේ රංගන ක්ෂේත්‍රය ගැන ඔහු මොනවද දැනගෙන හිටියේ?

මාව මුණගැහෙන කා‍ලේ වෙද්දි එයා ලංකාවේ ටෙලි නාට්‍ය බලලා තිබුණේ නැහැ. ලංකාවේ ටෙලි නාට්‍ය එයා බලන්න පටන් ගත්තේ මම නිසා. දැන් ඔහුට රංගන ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් තියෙනවා.

ඔහුව ඔබට මුණගැහුණේ කොහොමද?

ඩුබායිවල පැවැත්වුණු ප්‍රසංග කිහිපයකට එයා අනුග්‍රාහකත්වය දැක්වූවා. ඒ අවස්ථාවලදී අපි අතර හිතවත්කමක් ඇතිවුණා. හිතවත්කමයි පස්සේ ප්‍රේම සම්බන්ධතාවක් බවට පත්වුණේ.

පහුගිය අත්දැකීම් එක්ක බලද්දී ඔහු ඔබට උදව් කළාද?

අනිවාර්යයෙන්ම. මිනිස්සුන්ට හරියන්න හරි වැරදෙන්න හරි පුළුවන්. පහුගිය කා‍ලේ මගේ ජීවිතයේ වැරදුන තැන් තිබුණා. ඒ වැරදුන තැන්වලදී එයා මා එක්ක හිටියා. එයාගේ ජීවිතයෙන් වැරදුන තැන්වලදී මම ඔහුට ශක්තියක් වෙලා හිටියා. සාර්ථක වෙන වෙලාවලදීට වඩා මනුස්සයෙක් ඉන්න ඕන අසාර්ථක වුණ වෙලාවට. එහෙම කෙනෙක් ඉන්නවා නම් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ඔබේ විවාහය සිදුවේද කියන ප්‍රශ්නයක් පහුගිය කා‍ලේ තිබුණා?

සමහර අය මාව ගොඩාක් දෙනෙක්ට බන්දලා, ගොඩාක් දෙනෙක් එක්ක යාළු කරලා නොයෙක් කටකතා හදලා තියෙනවා. මට කතා හදපු අය කසාද කඩාගත් අය. ඒ අය පළවෙනි වතාවේ විවාහ වෙලා ඒකත් දික්කසාද කරගෙන, දවෛනි එකක් බැඳලා ඒකත් දික්කසාද කරගෙන, තුන්වෙනි එකත් හොයාගෙනද කොහෙද? බිඳුණ බිඳීමකට වරද මගේ පිට දානවා. එහෙම අය ගැන මට ඇති-වෙන්නේ අනුකම්පාවක්. නොදන්න කෙනෙක්ගේ නමක් අල්ලගෙන දඟලනවාට වඩා මගේ නම කිව්වහම ලොකු ජනප්‍රියත්වයක් ගන්න පුළුවන් ඇති. මගේ නම වටින නිසා වෙන්න ඇති ඔය විදියට කතා හදන්නේ.
මගේ ජීවිතයේ මට වැරදුන තැන් ඇති. නමුත් දැන දැන මම වැරදි කරලා නැහැ. මම මනුෂ්‍යයෙක්නේ. ආදරය කරලා වැරදෙන්න පුළුවන්.

ඔබේ පෙම් සබඳතාවටත් නොයෙක් බාධා ඇතිවෙන්න ඇති?

මගේ ප්‍රේම සම්බන්ධය කඩන්න කීප දෙනෙක් උත්සාහ කළා. මගේ පෙම්වතාට දුරකථන ඇමතුම් දීලා මා ගැන නොයෙක් කතා කියන්න උත්සාහ කරලා තිබුණා. ලංකාවේ ඉන්න සමහර අය ඩුබායිවලට කතා කරලා මගේ දොස් කියද්දී ඔහු අපූරු උත්තරයක් දීලා තිබුණා. ඒ මට එහෙම කතා කරලා ඔය විස්තර කියන්න එපා කියලා. ඔහු ඒ විදියට කටයුතු කළ නිසා තමයි අපි අතර තියෙන බැඳීම කාටවත් කඩන්න බැරිවුණේ.
මගේ ජීවිතයේ මම මෝඩකම් කරලා තියෙනවා. ඒ මගේ සහෝදරියක් කියලා හිතාගෙන හිටිය කෙනෙක් හදිසි අනතුරකට පත්වුණ වෙලාවේ උදව් කිරීම. එහෙම උදව් කළ අයම තමයි මට නැවතත් පහර ගහන්නේ.

ඔබත්, පෙම්වතාත් අතර ගැටලු ඇතිවෙලා නැද්ද?

අපි අතරේ නොයෙක් අදහස් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න දුරදිග ගිහින් නැහැ. බත්හැලිය ඉඳෙනතුරු ඇතිවෙන ප්‍රශ්න අපේ ජීවිත වෙනත් සුන්දර පැත්තකට ගෙන ගියා. ප්‍රශ්න නැතිව ගවෛන ජීවිතයත් ඒකාකාරියි.

පසුගිය දවස්වල ඔබට ගෞරව නාමයක් හිමිවුණා නේද?

ඕල්කට් පදනම මගින් මට විශ්වකලා අභිමානී දේශ ශක්ති කියන ගෞරව නාමය පුදනු ලැබුවා. මිනිස්සු මට අභූත චෝදනා කරන්න කරන්න මට ගෞරව නාම ලැබෙනවා.
මේ තරම් දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙමින් මට මේ සාර්ථකත්වය ලබාදෙන්න මගේ පුංචි ලෝකයේ අය උදව් කළා. මගේ පෙම්වතා, අම්මා, ආචිචි අම්මා, අයියා, අයියගේ දරුවෝ, පුංචිලා මට විශාල සහයෝගයක් දැක්වූවා. මේ අයට අමතරව මගේ පුංචි ලෝකයේ ඉන්න එකම කලාකාරිය කාංචනා මෙන්ඩිස් විතරයි. එයා මගේ ලෝකයේ ඉන්නේ මාව හොඳින් තේරුම් ගත්ත නිසයි. කාංචනා කියන්නේ මගේ මිතුරියක් නොවේ. සහෝදරියක්.

- ලක්බිම පුවත්පත ඇසුරෙන්
'සිසින්ද‍්‍රා' ප‍්‍රසංගය මෙම 20 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. 'රන්පියවර' ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර ලියූ කෘතියද... සිසිර ඉන්ද‍්‍රානි යුවළගේ ගීත ඇතුළත් 'ඉරේෂා' සංගීත තැටියද එම අවස්‌ථාවේදී එළි දැක්‌වේ.
ජයලත් මනෝරත්නයන්ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි බොහෝ කරුණු කාරණා ලිවිය හැකි වුවද, ඒ ඉදිරියෙන් ලිවිය හැකි හොඳම අකුරු පෙළ වන්නේ ලවිශිෂ්ට රංගධරයකුල යන්නය. හේ කිසිවිටෙකත් රංගනය අත් නොහල අතර, ඒ හැරුණු විට විවිධ කලා ඉසව් ජයගත් ප‍්‍රවීණයකු ද වන්නේය.

ජයලත් මනෝරත්නයන් ගැන මේ සටහන තැබෙන්නේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ගැන සටහන් තබන්නටය. ඒ 2012 ජනවාරි මස 5, 6, 7 යන දිනවල ඔහු ඇගැයීමට ලක්‌වෙමින් පැවැත්වෙන නාට්‍ය උළෙලකි. ඒ අනුව ජනවාරි පස්‌වැනි දින ලබූරුවා මහත්තයාල නාට්‍යයද, හයවැනිදා ලසුද්දෙක්‌ ඔබ අමතයිල ද, හත්වැනිදා ලඅන්දරේලාල නාට්‍යය ද වශයෙන් ලයනල් වෙන්ට්‌ඞ් රÛහලේදී සවස 6.45 සිට පැවැත්වෙන නාට්‍ය උළෙලයි එය සංවිධානය කරනු ලබන්නේ ලසත්ජන සහෘද සංසදයල යි.

ප‍්‍රශ්නය * ඔබ වෙනුවෙන් නාට්‍ය උළෙලක්‌ සංවිධානය වෙනවා. ඒ ගැන යමක්‌ දැනගන්න කැමැතියි.

පිළිතුර * ජනවාරි මාසයේ 5, 6, 7 දිනවල මේ කටයුත්ත සිදුකිරීමට නියමිතයි. ඇත්තටම වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ යම් වර්ධනයක්‌ පෙන්වන වකවානුවක මේ වගේ නාට්‍ය උළෙල පවත්වන එක ගැන සතුටු වෙන්න  ඕන. අපි කොළඹින් පිට ගම් ඇතුළට යනකොට අපි දකිනවා නාට්‍ය ශාලා පිරී ඉතිරී යන තරමට සෙනÛ ඉන්නවා. මිනිසුන්ගේ රසවින්දනය හා රසඥතාව, හීනවේගෙන යන කාලවකවානුවක නිර්මාණ කරණයේ නව ඉසව් සොයා යැමට නාට්‍යකරුවා දක්‌වන උනන්දුව ගැන අගය කළ යුතුයි.

ප‍්‍රශ්නය * අපි මේ වේදිකාගත කරන නාට්‍ය ත‍්‍රිත්වයේ විවිධත්වයක්‌ දකිනවා. මොකක්‌ද මේ තෝරා ගැනීම.

පිළිතුර * ඇත්තටම විවිධ ආකෘතියේ නාට්‍ය තුනක්‌ මෙහි අඩංගු වෙන්නේ. බූරුවා මහත්තයා, සුද්දෙක්‌ ඔබ අමතයි, අන්දරේලා කියන නාට්‍ය තුන තේමාවන් අතින් වෙනස්‌. හැබැයි මේ හැම එකක්‌ම පේ‍්‍රක්‌ෂකයාගේ හදවතට පමණක්‌ නොවෙයි බුද්ධියටත් ආමන්ත‍්‍රණය කරනවා.

තවත් විශේෂ දෙයක්‌ තමයි මේ නාට්‍ය ත‍්‍රිත්වයේම මම ප‍්‍රධාන චරිතවලට ඉන්නවා. ඒත් එක්‌කම ඒ හැම චරිතයක්‌ම බොහෝම සංකීර්ණ යටිපෙළ අරුත් දනවන චරිත.

ප‍්‍රශ්නය * තමන්ගේ නාට්‍ය උළෙලක්‌ තමන් සංවිධානය කරනවාට වඩා වෙනත් සංවිධායකයන් පිරිසක්‌ එය මෙහෙයවීම අපූරු කටයුත්තක්‌. මේක දැනෙන්නේ කොහොමද?

පිළිතුර * ඇත්තටම මේ කිසිම දෙයක්‌ මගේ යෝජනාවක්‌ නිසා වෙච්ච දේවල් නොවේ. මේක මටත් අපූරු ආශ්වාදයක්‌ ගෙන දෙන කටයුත්තක්‌. නාට්‍ය කලාවට, වේදිකාවට ඇලූම් කරන පිරිසකගේ සහභාගිත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ.ඒ අයගේ නිර්මාණකරණයට ඇති ඇල්ම, ආදරය ගෞරවය මට දැනෙනවා. තමන්ගේ නාට්‍ය දර්ශනයක්‌වත් සංවිධානය කරන්න අපහසු මොහොතක හොඳ රංග ශාලාවක මෙවැනි නාට්‍ය උළෙලක්‌ පැවැත්වීමට ගන්නා වෙහෙසම ඒ ගෞරවයට හේතු වෙනවා.

ප‍්‍රශ්නය * ඔබ සඳහන් කළ වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රබෝධයට හේතුව මොකක්‌ හැටියටද දකින්නේ.

පිළිතුර * මම දශක 4 ක්‌ පමණ මේ ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරන කාලය අතරතුර වේදිකා නාට්‍ය විවිධ උච්චාවචනයන්ට හසුවෙලා තියෙනවා. මූලික වශයෙන් නාට්‍ය කලාවට විශේෂයෙන් වේදිකාව කරා පිරිස අඩුවීමට හේතු කිහිපයක්‌ දකින්න පුළුවන්. ගමනාගමන පහසුකම් නොමැතිවීම, ඊළÛට පහුගිය කාලය පුරාම පැවතුනු යුද්ධය මේ ආදී වූ විවිධ කාරණා එයට බලපෑවා. නමුත් මේ මොහොත වනවිට ජනතාව තුළ තිබුණු පීඩනය යම් පමණකට අඩුවෙලා තියෙනවා.

අපි පිට පළාත්වලට ගියාම හමුවෙන පිරිස්‌ සමÛ නාට්‍ය පිළිබඳව කතාබහ කරද්දී ඒ අය කොයිතරම් මේ ගැන දැනුමෙන් ද අවබෝධයෙන්ද ඉන්ධන කියන එක වැටහෙනවා. අනික මේ වෙනකොට රූපවාහිනියේ මිනිසුන්ට බලන්න දෙයක්‌ නෑ කියලා මැසිවිල්ලක්‌ තිබෙනවා. ඒකත් කිසියම් ආකාරයක හේතු=වක්‌ වෙන්න ඇති නාට්‍ය කලාව මෙතරම් වර්ධනයක්‌ අත්පත් කර ගන්න. විශේෂයෙන් ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ රසඥතාව ගැන අපි සතුටු වෙන්න  ඕන. නාට්‍යයක යටිපෙළ අරුත කවරාකාරදැයි වටහා ගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා. එය නාගරික සමාජයේ ඉතා අවම වශයෙන් දකින්න ලැබෙන කාරණයක්‌.

ප‍්‍රශ්නය * නමුත් ඔබේ ලබූරුවා මහත්තයාල නාට්‍යය මේ පේ‍්‍රක්‌ෂකාගාරය හරි හැටි ස්‌පර්ශ කළේ නෑ කිව්වොත් ඔබ එකÛද?

පිළිතුර * අපි මේ වෙනකොට දකිනවා විශාල සමාජ විපර්යාසයක්‌. ඒක පරිහානියක ලක්‌ෂණවලින් යුක්‌තයි. විශේෂයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්් අතර රසවින්දන රුචිකත්වය පිළිබඳ විශාල අර්බුද තිබෙනවා. ඒ අයගෙන් ආරම්භ වුණු පරම්පරාවක්‌ මේ වගේ නාට්‍යයක්‌ ග‍්‍රහණය කර නොගැනීම ගැන පුදුම වෙන්න දෙයක්‌ නෑ.·

නාට්‍යයේ පමණක්‌ නොව කවියේ විශේෂයෙන් ගීතයේ යටිපෙළ අරුත ග‍්‍රහණය කරගන්නා පිරිස අඩුයි. මේ තත්ත්වය අපිට දශක වලින් ගණනය කරන්න පුළුවන්. හැබැයි මම අර මුලින් කිව්වා වගේ ප‍්‍රාදේශීයව මේ තත්ත්වයේ වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ අර්ථයෙන් ගත්තොත් විශාල වෙනසක්‌ දකින්න බැහැ.

* සංවාදය උදේශ සංජීව ගමගේ
දිවයින පුවත්පත ඇසුරෙනි
තලන්මැහර ගමේ වෙල් එළියට සඳරැස් වැටිලා දිලිසෙනවා. ඒ සඳ එළියේ පැල් රකින්න ගිය පබිලිස් මාමා, සේදිරිස් මාමාට ඇහෙන්න කිව්වේ පැල් කවියක්.