ඕස්ටේ‍‍්‍රලියානු සංචාරයට නායකයෙක් හොයයි

පරණ කි‍‍්‍රකට් තේරීම් කමිටුව විසුරුවා හැර නව තේරීම් කමිටුවක් පත් කිරීමත් සමග එහි සභාපති ධූරයටපත් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ඥාතී අසන්ත ද මෙල් මහතා පරණ යාළු මිත‍‍්‍රකම් අලූත්කර ගැනීමේ දුරකතන ව්‍යාපාතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු පසුගිය දින කිහිපයේ ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් ආයතනයේ ඉහලම නිලධාරියාගේ සිට තේ අල්ලන කොළුවා දක්වාම දුරකතන ඇතුම් ලබාගෙන ඇති බවද ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර,ඕස්ටේ‍‍්‍රලියානු සංචාරයේ නායකත්වය ලබාදීමේ අභියෝගයට මුහුණදී සිටින අසන්ත ද මෙල් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර යන දෙදෙනාගෙන්ම නැවත නායකත්වයට යෝජනා කළ හොත් එය බාරගන්නේදැයි විමසා අතැයි පැවසේ.

මොවුන් දෙදෙනාම සිය ස්ථාවරය වෙනස් නොකර තමන් නැවත ශී‍‍්‍ර ලංකා පිලේ නායකත්වය ගැනීමට අදහසක් නොමැති බව පවසා තිබේ.

මේ අතර,තිලාන් සමරවීරට ද අසන්ත අදාල යෝජනාව කර අතැයි පැවසේ.

ඔහු ඒ සඳහා එකගවී ඇති බවත්,මීළග සංචාරය එක්දින සංචාරයක් බැවින් ඒ සඳහා තිලාන්ට නායකත්වය ලබා දෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ගැටලූවක් මතුවී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර,වසර ගනනාවක් ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් තේරීම් කමිටු සමාජිකයකුව සිටි දොන් අරුණසිරි කී‍‍්‍රඩා සමාජවල ප‍‍්‍රධානීන්ට ඔවුන්ගේ කණ්ඩායම්වල කී‍‍්‍රඩකයන් ජාතික පිලට ඇතුලත් කරන බවට පොරොන්දුදීමේ ව්‍යාපාරය නැවතවරක් ආරම්භ කර අතැයි ද වාර්තා වේ.

අදාල පොරොන්දුදීමේ ව්‍යාපාරය අතරවාරයේ ‘‘මාවත් බලාගන්න ඕන හොදේ’’ යනුවෙන්  දෙතුන් වරක් හෝ පැවසීමට දොන් අමතක නොකරන බවද කී‍‍්‍රඩා සංගම් ප‍‍්‍රධානීන්ගෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Posted by Ravaya on 12:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඕස්ටේ‍‍්‍රලියානු සංචාරයට නායකයෙක් හොයයි"

Leave a reply