සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.

1. ලොව කෙටිම වීදිය -

ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. එබනීසර් වීදිය ලොව කෙටිම වීදිය ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. එබනීසර් වීදියේ ඇත්තේ එක ලිපිනයකි. එය බි‍්‍රස්ටෝ නමැති හෝටලයයි. 1883 වසරේදී එබනීසර් වීදිය සකස් කළේ බි‍්‍රස්ටෝ හෝටලයට දිවෙන මාර්ගය ලෙසින් වුවද පසුව  1887 දී එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කැරිණි. ඊට පෙර ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී තිබුණේ ලැන්කැෂයර්හි එල්ගින් වීදියයි. එය මීටර් 5.2 කි. (අඩි 17 කි).

මුහුදේ කිමිදීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. නමුත් අතීතයේ පටන් ලාංකිකයෝ මුතු කැඞීමටත් මුහුදු කූඩැල්ලන් රැස් කිරීමටත්, මුහුදු ස්පොන්ච් රැස්කිරීමටත් මුහුදේ කිමිදෙති. මේ සඳහා ඔවුන්ට දියුණු තාක්ෂණයක් තිබුණේ නැත.
”මුළු ප‍්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’
ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති
 
චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත.


එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය. දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය  මණ්ඩලය එහි ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.

චීනයේ හෙයිලෝන්ග් ජියැන්ග් නගරයේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 13 ක් වූ අධික සීතල මැද තරුණ පෙම්වතුන් දහදෙනෙක් තම පෙම්වතියන් සමග විවාහ ගිවිස ගත්හ. හාබින්ල නමින් හඳුන්වන මෙම විවාහ මංගල උත්සවය එළිමහනේ පැවැත්වීණි.  ඒ සඳහා තුන් මාසයක් තිස්සේ අයිස් පිළිරූ නිර්මාණය කැර පරිසරය සැකසිණි.
ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය. සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය.
































සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි.

මේ ගෙඹි මවට ලැබුණු පැටවුන් 19 දෙනාම ඇල්බිනෝ සතුන් වූයේ ස්වභාවිකව නොවේ. පර්යේෂණ කාර්යයක් සඳහා විකිරණ වලට ගෙඹි මව බඳුන්වීමේ ප‍්‍රතිඵලය වූයේ ඇලි පැටවුන් බිහිකිරීමයි.


කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි


අපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය



ඕස්ටේ‍්‍රලියාව අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි.


ඉතා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ.


ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි.
මෙම ඇලි මුව දෙන වාර්තා වන්නේ ජර්මනියෙනි.


මේ ඇලි පෙලිකන් සිටින්නේ බ‍්‍රසීලයේය.


නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි.


ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනි


ඇලි ගෝරිල්ලා බාසිලෝනා නගරයේ සත්ත්වෝද්‍යානයේ සිටියි.


මේ සීබ‍්‍රා සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැති රේඛා පිහිටා ඇත්තේ ලා පැහැයෙනි. ඒ ඇලි බව හේතුවෙනි.


ඇලි ජිරාෆයා තම වරිගයාගෙන් වෙනස් වර්ණයක් ගත්ත ද අලංකාර සත්ත්වයෙකි


මේ ඇලි ඔටු පැටවා ඉපදී මාස කිහිපයකි.


නිශාචර පක්ෂියකු වූ මේ බකමූණා රාති‍්‍රයේදී හොඳින් පෙනෙන තරමටම ඇලි බව නිසා සුදු පැහැති වූ සත්ත්වයෙකි.