දැල්පන්දු ජාතික පුහුණුකාරිණිය හයසින්ත්ද, සොමිතාද?
දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය හා දැල්පන්දු ‘ඒ කණ්ඩායමේ පුහුණුකාරිණිය තෝරාගැනීමේ පරීක්ෂණය අද (27) දා ක‍්‍රීඩා අමාත්‍යාංශ තෝරාගැනීමේ මන්ඩලයක් හමුවේ පැවැත්වීමට නියමිත අතර දැල්පන්දු ජාතික පුහුණුකාරිණියගේ තනතුර සඳහා හිටපු ජාතික පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ හා සොමිතා අල්විස් අතර ද්වන්ධ සටනක් ඇති වී ඇති බව වාර්තා වේ.හෙට තෝරා ගැනෙන නව ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශ මත ප‍්‍රකාශ කිරීමට නියමිත බව දැල්පන්දු අතුරු කමිටුවේ ආරංචි මාර්ග සඳහන් කරන අතර ජාතික පුහුණුකාරිණිය හා ශ‍්‍රී ලංකා දැන්පන්දු ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකාරිනිය පමණක් අද තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද සංවර්ධන සංචිත භාර හා විශේෂඥ පුහුණුකාරිණියන්ගේ තෝරාගැනීම් පසුවට සිදුකන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙලෙස ජාතික හා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකාරිණියන් හෙට තෝරාගත්ත ද ශ‍්‍රී ලංකා දැල්පන්දු කන්ඩායමේ විදේශ පුහුණු උපදේශිකාව ලෙස ෆූ ගෝඩියන් මේ වන විටත් තම සේවය ලබාදීම සිදුකරන අතර ඇයගේ සේවය ජාතික පුහුණුකාරිණියට දිගටම ලැබෙන බව ද පැවසේ.













0 comments for "දැල්පන්දු ජාතික පුහුණුකාරිණිය හයසින්ත්ද, සොමිතාද?"