නො - බෝල් දැමීම
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, කළමනාකරු හෝ ක්‍රිකට් නායකත්වය වෙනස් කිරීම සඳහා කිසිදු තීන්දුවක් ගෙන නැතැ’යි ලිඛිතව මාධ්‍යය වෙත දන්වා එවූ ක්‍රීඩා අමාත්‍යවරයා එදිනම ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කළ බවට හිරිකිතයකන් තොරව නැවත ලිඛිතව දන්වා ඒවීය.අද වන විට සියලූ තනතුරු වෙනස් කොට හමාරය. තවදුරටත් අමාත්‍යවරයාට ක්‍රිකට් ගැන කතා කළහැකිදැයි අපි නොදනිමු. මන්ද ඔහු ක්‍රිකට් අරබයා අතිරේක ක්‍රීඩකයෙකුටත් වඩා අතිරේක වී ඇති නිසාය. මෙහිදී කෙනකුට ක්‍රීඩා අමාත්‍යවරයා දවල් මිගෙල් ? දනියෙල් කෙනෙකු ලෙස පෙනීයා හැකිය. එහෙත් ඇත්ත එය නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලූත්ගමගේට කළහැකි කිසිවක් නැත. ඔහුට කළහැක්කේ එය එසේ වියයැ’යි අවසානයේ කීම පමණි. ක්‍රිකට් තේරීම් කමිටුවට අසන්ත ද මෙල් පත්වන්නේ කෙසේද යන්න අපට නොරහසකි. ඔහු මීට පෙරද එම තනතුරෙහි සිටියේය. දැඩි දෝෂදර්ශනයට ලක්විය. ඔහුට ක්‍රිකට් දෙවියන් සමඟ කිට්ටුතම සම්බන්ධයක් පවතී. එබැවින් කාලයත් සමඟ ඔහුට නැවත ඒම විස්මය දනවන්නක්්ද නොවේ. මේ කිසිත් නොදන්නා ක්‍රීඩා අමාත්‍යවරයාට සිදුව ඇත්තේ එකී නම්වලට අත්සන් තැබීම පමණය.. ක්‍රිකට්, රගර් සහ මලල ක්‍රීඩාව අරබයා ක්‍රීඩා අමාත්‍යවරයාට අත පෙවිය නොහැකිය. එබැවින් එකී ක්‍රීඩාවල ඇලීගැලී බොරු ලකුණු දාගන්නවා වෙනුවට අමාත්‍යවරයාට සෙසු ක්‍රීඩාවන්හි සංවර්ධනයට දැනෙන වෙනසක් කළහැකිය. අමාත්‍යවරයා කළ යුතුව ඇත්තේද එයමය.
ඒ. වික්‍රමසූරිය - රාවය
0 comments for "නො - බෝල් දැමීම"