64 වන අභිමානවත් නිදහස් දිනය සැමරූ ඊයේ (04) දිනයේ පෙරවරුවේ හිරු එෆ්. එම් නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයේදී නිදහස එක් තැනකට පමණක් ලඝුකොට තිබීම පිළිබඳව ශ‍්‍රාවකයින් රැසකගෙන් චෝදනාත්මක දුරකථන ඇමතුම් රාශියක් ලැබී ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
12:43 AM /
0
comments
/
Read more
ජෙනරාල් සරත් ෆොනේසේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ නිදහස් මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රියාකාරිකයකු වන හර්බට් කුමාර අලගියවන්න මහතාගේ ජිවිතයට තර්ජන එල්ල වී ඇතැ’යි ඔහු විසින් පොලිස්පතිවරයාට ජනවාරි 02වැනි දින ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.
3:27 PM /
0
comments
/
Read more
කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් කොටසක් කොළොන්නාව ප‍්‍රදේශයට රැගෙන යෑමට අධිකරණ අමාත්‍යාංශයේ ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇත. පසුගිය 02 වැනිදා නීතිඥවරුන් පිරිසක් හා අධිකරණ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹ ඇත.
3:24 PM /
0
comments
/
Read more
අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 13 වැනිදා නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
3:21 PM /
0
comments
/
Read more
තමන්ට සිදු කරන ලද ලිඛිත හිංසනයක් විදුහල්පතිවරයා විසින් යටපත් කිරීම පිළිබඳ මාධ්‍යයට තොරතුරු අනාවරණය කළායැ’යි කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 1වැනිදා කටයුතු කර ඇත.
3:19 PM /
0
comments
/
Read more
නිදහස් දින වෙනුවෙන් තෝරාගත් සිරකරුවන්ට පොදු සමාව ලබා දුන්නද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මේ නිදහස් දිනය තුළ දී නිදහසක් නොලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.
3:17 PM /
0
comments
/
Read more
ගබ්සාව නීතිගත කිරීම පිළිබඳව කතෝලික රදගුරු - සමුළුව විරෝධය පළකිරීමෙන් පමණක් නොනැවතී සිදුවන විනාශය වළකා ගැනීමට විකල්ප ඉදිරිපත් කළ යුතු බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.
3:15 PM /
0
comments
/
Read more
පළාත් සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති නගර හා ග‍්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පතකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ විරෝධය පළකර ඇත. අදාළ පනත් කෙටුම්පත පිළිබඳව ජනවාරි 31 වැනිදා පැවති බස්නාහිර පළාත් සභාවේ පක්ෂ නායක රැස්වීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය එන්.කුමරගුරුබරන් මහතා එම විරෝධතාව පළකර ඇත.
2:06 PM /
0
comments
/
Read more