තැනනොතැන ස්ටේසම ඉදිරිපිට
ඔන්න එකමත් එක දවසක ක‍්‍රීඩා මහගෙදරට දඩාවතේ යන බල්ලෙක් ආවා. ඇමතිට නගුට වන වන පස්සෙන්ම යන කොට ඇමතිත් කන ජරාවක චුට්ටක් විතර විසිකළා. ඒවා අහුලගෙන කාපු බල්ලා මෙන්න බොලේ හොඳට ලොම් දාලා හැදිල ආවා. දැන් වල් බල්ලෙක් වුණත් හොඳ පෙනුම. පුෂ්ටිමත්. අමැතිවරයා ළඟට කාටවත් ළංවෙන්න බෑ. මෙන්න බල්ලා බුරනවා.ඔය අල්ල පනල්ලේ ක‍්‍රීඩා ලියන කියන අයත් ඒ පැත්තෙ යනකොට මෙන්න බොලේ මේ බල්ලා ඒ අයට බුරන්නේ නැහැ. නගුට වනනවා. ක‍්‍රීඩා අයත් ඒ අය කන කටුවලින් කෑල්ලක් දෙකක් විසිකරනවා. බල්ලත් මාර යාළුයි. ඉතින් බල්ලා ගෙදර ගෙනියන්න තරම් කට්ටිය පොර කනවා. කොහොම හරි ලියන කියන කට්ටිය එකතු වෙලා සංගමයක් හදාගත්තහම මේ අය ඒකටත් බල්ලව ගෙනියනවා. බල්ලත් උඩු බුර බුර නගුට වන වන ඉන්නවා. මෙන්න බොලේ ඊයේ පෙරේදා මේ බල්ලා කොටුව ස්ටේෂම ඉස්සරහා ඉන්නවා. දැන් හරි සැරට බුරනවා. හපාකයිද කියලත් බය හිතෙනවා. බුරන බල්ලෝ හපා - නොකයි කිව්වට නොකා ඉඳලා කයිද කවුද දන්නේ.
රාවය
0 comments for "තැනනොතැන ස්ටේසම ඉදිරිපිට"