ඇමතිවරයාගේ දැඩිබලපෑම් හමුවේ මහේල වසරකට නායකත්වය භාරගනී
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස මහේල ජයවර්ධන පත්කිරීමට ක්රීඩාඅමාත්ය මහින්දානන්ද අලූත්ගමගේමහතා කටයුතු කළ අතර, හිටපු නායක ඩිල්ෂාන් සහ නව නායක මහේල ජයවර්ධන ලවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයට පැලැස්තරයක් ඇලවීය.මෙම බලපෑම් හමුවේ ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡුාවේ පෙනී සිටි මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ තමා නායකත්වය දරන්නේ වසරක් පමණක් බවයි.
තමා 2011 වසරේදී උප නායකත්වයෙන් ඉවත් වූයේ තරුණ අයට අවස්ථාව ලබාදීමට බවත්, කෙසේවුවද දැන් පවතින තත්ත්වය අනුව තරුණ කී‍්‍රඩකයෙකුට මෙම පීඩනය දැරීමට නොහැකි බැවින් තමා නැවත වරක් නායකත්වය ලබාදීමට තීරණය කල බවද ඔහු කීය.
තමා සමග අලුත් තේරීම් කමිටුවේ සභාපතිවරයා සාකච්ඡා කළ බවත්, නායකත්වයේ වගකීම ගනු ලබන්නේ වසර කාලයකට පමණක් බවත් තමා තේරීම් කමිටු සභාපතිට පැවසු බවද මහේල සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ද එක්ව සිටි අතර ඔහු පැවසුවේ, දකුණු අපි‍්‍රකානු තරගාවලිය අතරවාරයේදි නායකත්වයට අභියෝග එල්ල වූ බවත් එම නිසා එය ප්‍රශ්නයක් නොකිරීමට සිතා තමා නායකත්වයෙන් ඉවත් වූ බවයි.
නව තේරීම් කමිටුවට ඔවුන්ගේ මනාපයට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවත්, කෙසේවුවද ඔවුන් තමාට කතා නොකළ බවත් ඩිල්ෂාන් සඳහන් කළේය.
නව තේරීම් කමිටුව එළැඹෙන ඕස්ටේ්රලියානු සංචාරයේදී කි‍්‍රකට් නායකත්වය තමන් වෙත පැවරුවේ නම් එය තමන් භාර ගැනීමට සූදානමින් සිටි බවද ඩිල්ෂාන් පැවසීය.
නව තේරීම් කමිටුව තීරණයක් ගෙන ඇතැයිද තමා එයට එකගවී නව නායකයාට සහය දෙන බවද ඩිල්ෂාන් සඳහන් කළේය.
නායකත්වය අහිමිවීම මනුෂ්‍යයෙකු හැටියට ඕනෑම කෙනෙකුට ඇතිවන්නා ආකාරයේ දුකක් තමාට ද ඇතැයි පැවසූ ඩිල්ෂාන් කෙසේවුවද මහේල වැනි පලපුරුදු අයෙක් නැවත නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් සතුටුවන බවද පැවසීය.
0 comments for "ඇමතිවරයාගේ දැඩිබලපෑම් හමුවේ මහේල වසරකට නායකත්වය භාරගනී"