ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ ,නංගී පෙන්නා අක්කා දෙන සෙල්ලම.

මහේලව බලෙන් නායකයා කලේ ඇයි කියා ඔබ දන්නවද?
මහේල ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහයවීමට ආසාවක් හෝ අවශ්‍ය තාවයක් නැත. මහේල වගකීම බාරගත්තේ වර්තමාන උප සහාපති අසංග සෙනවිරත්න ඔහුට දුරකතනයෙන් තර්ජනය කිරීමන් පසුවය.(තර්ජනය කලේ මොනවා කියාද කියා අවශ්‍ය විට දී පමණක් අප එලි කරන්නෙමු ). එම සිදුවීමෙන් පසුව දැඩි මානසික ආතතියට පත් මහේල ට දකුණු අප්‍රිකා සංචාරයේ දී ලකුණු අතර නොසිටීමට බලපෑ තවත් කාරණයක් බව කණ්ඩායමේ බොහෝදෙනකු දන්නා කරුණකි. මන්දයත් ක්‍රිකට් යනු මනස සමග කරන ක්‍රීඩාවකි, නිරවුල් මනසක් නොමැතිව ක්‍රිකට් ගහන්නට බැරිය. මහේල යනු මහත්මයකි, ඔහු සබෑමහත්ම ගති ඇති තමන්ගේ රට විකුණු නැති 90 ව දශකයෙන් පසු බිහි වු දෙවැනි නායකයා නිසාය. (අනෙකා සනත් ය)

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඇයි මහේලව පත් කලේ??? , සෙල්ලමට අනුව, එක්තරා ආගමික නායකුගේ ඉල්ලීම පරිදි මෙය සිදු වන බවයි. මෙම හෙලිකීරිම කරන මමද ඒ ආගමේ කෙනෙකි නමුත්, ආගම ක්‍රිකට් පාලනය කරනවාට අප එරෙහි විය යුතුය. මන්දයත්, රජය පසුගිය වසරේ මොරටුවේ එක්තරා ආගමික ස්ථානයකට වැදී කල අපහාසයට හිලව් වශයෙන් මෙම ඉල්ලීම කර ඇත. එය නාමල්, නියුමාල් ඇතුළු කණ්ඩායම ඉහත ආගමික නායකයා හමු වු අවස්ථාවේ දී එය පොරොන්දු වී ඇත. එනිසාම නාමල්, එකල තම පාසැල් රගර් පුහුණුකරු, තමන්ට අවශ්‍ය වැඩ ටික කරගැනීමට  ක්‍රිකට් පාලක මණ්ඩලයේ  උප සහාපති තනතුර ට අසංග සෙනවිරත්න නම් කොටස් වෙළදපලේ හොරාව පත්කලාය (2012 /1/3), අසංග ඡන්දය දින්නද ලංකාවේ සිටියේ ද නැත. පත්වීමෙන් අනතුරුව අසංග සෙනවිරත්න කල පළමු කර්රය වූයේ, මහේලව බය කර නායකයා කිරීමය., ඇයි මහේල ??, සංගා හොද නැද්ද ????

මහේල සිටින්නේ  අබාදයකට ලක්වය ඔහුගේ දණහිස් දෙකම ශල්‍යකර්මයකට භාජනය කල යුතුය. මහේල එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දවස දවස කල් දැමු අබාදයකි. දකුණු අප්‍රිකාවට ද මහේල ගියේ ආබාධය තබාගෙනය. බොහෝවිට මීලග මාස 3-6 අතර මහේලගේ ශල්‍යකර්මය සිදුවිය හැක, යම්කිසි හෙයකින් ඊට ප්‍රථම එය වීමට ද ඉඩ ඇත. සංගා ට ලෙඩ නැත. එනිසා ඇන්ජලෝ ව නායකත්වයට ගෙන ඒමට නමි, හොදම තුරුම්පුව මහේලය. එවිට කිසිම විරෝදයකින් තොරව උප නායක ඇන්ජලෝ නායකයා වන බැවිනි. එවිට තම මවගේ සහ ආගමික නායකයාගේ ඉල්ලීම, නාමල් පුතා ඉටුකර හමාරය. එවිට ආගමික නායකයා යලිත් සුපුරුදු පරිදි කඩේ යනු ඇත. ඇන්ජලෝ නායකයා කරන සෙල්ලමේ ගොදුරු බවට, හිටපු තේරීම්  කමුටුව, හිටපු පුහුණුකරු ජෙෆ්ෆ් මාෂ් සහ ඩිල්ෂාන් වැනි අය, අවාසනාවන්ත ලෙස ගොදුරු විය. මෙවැනි සෙල්ලම් රාජපක්ෂ ලාට හොදට පුරුදුය, ක්‍රිකට් නිලවරනයේදීද අර්ජුන රණතුංග නිලවරණයට ඒම නැවතීමට ද මහින්ද තිලංග පාවිචි කලේද මෙහෙමය. අන්තිම මොහොත වනතෙක් සිට ඉල්ලා අස්වීමට, තිලංගට තිබු සෙල්ලම යි. තිලංග එය අකුරටම ඉටුකලාය. පසුව ඉතාමත්ම හොදින් පිටපත් කල නාට්‍යයක්, ක්‍රීඩා ලේකම් තුමිය සහ  අපේක්ෂකයන් රගපැවාය. මුළු රටම කට ඇරගෙන බලාගෙන සිටියාය.

ඇත්තටම ඩිල්ෂාන් නරක නායකයෙක්ද ???  පසුගිය තරගාවලි 2-3 ක දීම පිතිකරුවන් අසාර්තක වීම නිසා අප තරග පැරදුනු බව පොඩි ළමයෙක් පවා දන්නා කරුණකි. බොහෝවිට ඩිල්ෂාන් තනි වු හැටි, තරග නැරබු අප දුටු කරුණකි. ඩිල්ෂාන් තම උත්සාහයෙන් තැනකට ආ ගමේ කොල්ලෙකි, ඔහුගේ නැගීම බොහෝ කොළඹ අයට දිරෙව්වේ නැත. අනික ඔහු ට නායකයකු සතු වාසනාව තිබුනේ ද නැත. ඩිල්ෂාන් ට වැරදුනු හැටි හෙට දින නායකත්වයට පත්වීමට සිටින උපුල් ට, දිනේෂ්ට හොද පාඩමකි ?.

දකුණු අප්‍රිකා එක්දින තරග වලදී ඇන්ජලෝ ගේ දස්කම් මේසේය. තරග 5, ඉනිම 5, ලකුණු 70, සාමාන්‍ය 17.5, වැඩිම 23 යි. මහේල ගේ දකුණු අප්‍රිකා එක්දින තරග දස්කම් - තරග - 3, ඉනිම -3 , ලකුණු 36, සාමාන්‍ය 12, වැඩිම 19 යි . හරි නම් මහේල සහ ඇන්ජලෝ යන දෙදෙනාම කණ්ඩායමෙන් ඉවත් කල යුතුය, නමුත් ලංකාව වනුවෙන් මහේල, අවම වශයෙන් වසරක් වත් ක්‍රීඩා කල යුතුය මක්නිසාද යත් තරුණ ක්‍රීඩකයන් හැදෙන තෙක් මහේල වැනි පළපුරුදු ක්‍රීඩකයන් සිටිය යුතුය. ඇන්ජලෝ ට තරුණ ක්‍රීඩකයෙක් හැටියට හොද අනාගතයක් ඇත. නමුත් ඇන්ජලෝ මීට වඩා දස්සකම් දැක්විය යුතුය. මන්ද යත් ඇන්ජලෝ වැනි තුන් ඉරියවෙන්ම කැපී පෙනන ක්‍රීඩකයන් තවත් සිටින බැවිනි. ඒ අතර තිසර පෙරේරා, කෝසල කුලසේකර, මොහොමඩ් මහරුඋෆ් සහ තරුණ ඇන්ජලෝ පෙරේරා වැනි අය සිටින නිසාය. සමහර ටෙස්ට් සහ එක්දින තරග වලදී ඇන්ජලෝ  දැවී යන්නේ ගමේ කුබුරේ ක්‍රිකට් ගහන කොල්ලෙකුටත් අන්ත ආකාරයට ගොන් පහරවල් ගසා තම කඩුල්ල පුජා කරලාය. තවමත් ඇන්ජලෝ තමන්ගේ උපනායක වගකීම කරට ගෙන සිටිනවද යන්න ගැටලුවකි. මීට පෙර උපනායකයන් තම රට වෙනුවෙන් ක්‍රීඩා කල හැටි අපට තවමත් මතකය. ඇන්ජලෝ නායකයා උනාට අප තරහ නැත. නමුත් පලපුරුද්ද, හික්මීම සහ විනය තිබිය යුතුය. සමහර ක්‍රීඩකයන් උපතින්ම නායකත්වයේ ලක්ෂණ සහ හැදියාව ඇතිව ක්‍රීඩාවට යොමුවෙනවා අප දැක ඇත, සමහර ක්‍රීඩකයන්ට කොපමණ කලත් නායකයෙකු විය නොහැකිය. මන්ද යත් මහත්මා ක්‍රීඩාවේ හොද නායකයෙකු විය හැක්කේ මහත්මයකුට පමණක් වන නිසාය. 

අනික් කාරණයනම් ????, සත්‍ය වශයෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කරනේ ක්‍රිකට් හැදීමද ??? නැතිනම් මහින්දට සහ නාමල් ට කඩේ යන එකද? ඡන්දයක් තිබු බව ලොවට පෙන්නා වර්තමාන මුල්‍ය අර්බුදයට ඍජුවම වග කිව යුතු බියර් නිශාන්ත රණතුංග වැනි හොරුන් පාලක මණ්ඩලයට පත්කලේ තව තවත් හොරකම් කිරීමටය. 2012 වසර අගදී පැවැත්වෙන 20/20 ලෝක කුසලානය එයට කදිම සාක්ෂියක් වනු ඇත. දැන් නිශාන්ත රණතුංග නම් ඉබ්බා දියේ  දමා ඇත. අසංගලාට, නිශාන්තට ක්‍රිකට් හදන්න අවශ්‍ය නැත. උපාලි තනි වී ඇත. ලබන වසෙරේ නිලවරණයට පෙර යළිත් නිශාන්ත උපාලිව පවා දෙනු ඇත. මන්ද යත් නිශාන්ත DS ට කලෙත් ඒටිකම නිසාය.

Posted by Ravaya on 1:04 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

2 comments for "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ ,නංගී පෙන්නා අක්කා දෙන සෙල්ලම."

  1. kaudada angelo mathiws ge amma mokakda deshapalanayata tiyana sambanadaya?

  2. Sri lanka team eke innwa agme 7 denek,kasada bandapu baryawan 10 denek.Mahela ge birinda,Sanga ge birinda dennama ageme.Ilanga nayakaya agemendha?

Leave a reply