තේරීම් කමිටුවට තේරෙන ආකාරයට
ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව තේරීම් කමිටුවට හිටපු නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නම් කර තිබේ. දුලිප්ගෙන් හිස් වෙන තැන පිරවෙන්නේ අසන්තගෙනි. අනෙකුත් නිලධාරින් පෙර තේරීම් කමිටුවල සිටිමින් කළ කී දෑවල සුගතියක් නැත. තවදුරටත් ක්‍රිකට් නොබලන, කොමිස් මුදලට ක්‍රීඩකයන් නම් කරන පිරිස් ම තේරීම් කමිටුවට නම් කිරීමට වගකිවයුත්තන් වගබලා ගෙන තිබේ. මේ අපි පසුගිය කාලයන් හි කතා කළ දේවල් මය. එනිසා අප මේ දකින්නේ එක ම කාසියේ දෙපැත්තකි. දෙදෙනාම කරළියට පිවිසෙන්නේ තම තමන් සතුව පවතින දේශපාලන හිතෛෂීකම්වල අනුහසිනි. ක්‍රිකට් ආතතනය මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටා තිබුණ ද කරුණු කාරනා සිදුවන්නේ විධායකයේ මැදුරෙන් බව මේ තේරිම් කමිටු නාඩගමෙන් අපට වැටහෙන සත්‍යයයි. අපට මේ මාතෘකාවට පිවිසෙන්නට සිදුවෙන්නේ එතැන් සිටය.මහේල ජයවර්ධන නැවතත් නායකත්වයට පත් කර තිබේ. ඩිල්ෂාන්ගේ නායකත්වයේ ඉරි තැලීම් හමුවේ එය තරමක සතුට දනවන කාරණයකි.
මහේලගේ මෙම නව පත්වීම හමුවේ අභියෝග කිහිපයක් ම විවිර වී තිබෙන බව ක්ෂේත්රයේ පවතින කතාවකි. විශේෂයෙන් ම මහේලගේ පත්වීම ලද ආකාරය පිළිබඳව වූ කතා එතරම් සුබ නැත. මේ නව පත්වීම සිදුවන්නේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය අවසානයත් සමඟය. සංගක්කාරගේ ඉවත් වීමෙන් අනතුරුව මහේලට නැවත කණ්ඩායමේ සුක්කානම හිමිව තිබීමට තිබූ තත්ත්වයක් උඩය. එදා මහේල ක්‍රිකට් වංශාලකාරයේ ෙඡ්දයක පමණ කොටසක වූ තොරතුරු කියා අපව කිති කැව්වේය. ඔහු එදා නොකියා කියා සිටියේ ක්‍රිකට් පාලනයේ තිබූ දුර්වලතාය. එය අපි මනාව දුටුවෙමු. අපි ඒ පිළිබඳව පසුගිය කාලයේ ඇති තරම් කතා කළෙමු.
එදා මහේල ගත් තීරණය නොවන්නට අද ඩිල්ෂාන් මේ තරම් බැටකන චරිතයක් නොවන්නේය. යන්න අපගේ මතයයි. ඒ වගේ ම ඩිල්ෂාන්ගේ නායකත්වයේ නොහැකියාව මේ තරමට ඉස්මතු නොවන්නේ ය. අඩු ම තරමින් සංගක්කාරගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහේල තම සහයකයා ලෙස ඩිල්ෂාන් රඳවා ගනිමින් මේ දක්වා හෝ සිටියේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තරම් අගාධයකට නොවැටෙන්නේය. (සංගක්කාරගේ නම ඈඳා ගැනීමේ දී එය කාරණය එසේ ම ය.* එහෙත් අපේ අවාසනාවකට මේ සියල්ල ඒ අයුරින්ම සිදුවෙමින් අපට ක්‍රිකට් අමිහිරි මාතෘකාවක් බවට පත් කළේය.
කෙසේ වෙතත් මේ තීරණාත්මක අවස්ථාවේ නායකත්වයේ කිරුළ මහේල නොගත්තේ නම් ඇතැම් විට මහේල ඕස්ටේ්රලියා සංචාරයෙන් ඉවතට විසිවෙන්නට තිබුණි. එකක් දිගින් දිගටම පවතින දණ හිසේ ආබාධයය. අනෙක මහේලගේ පසුගිය කාලයේ අදක්ෂතාය.
ආබාධය පසෙකින් තබමු. අපි මහේලගේ දක්ෂතා පිළිබඳ විමසමු. මහේල තමන් සහභාගි වූ පසුගිය තරග 10කදී රැස්කර ඇත්තේ ලකුණු 242කි. එය තරගයකට 24.2ක සාමාන්‍යයකි. මීට ටෙස්ට් තරග 3ක ඉනිම 6ක්, එක්දින තරග 3ක් සහ පුහුණු එක්දින තරගයක් අයත් වෙයි. වැඩිම ලකුණු වන 74 රැුස්කර ගෙන ඇත්තේ පුහුණු තරගයේදීය.
අනෙක් එකුදු ඉනිමක ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට මහේල සමත් නොවේ. ඉදිරිපෙළ පිතිකරුවෙකුගේ යුතුකම එය ද?
අපි ඩිල්ෂාන් නායකත්වයට නුසුදුසුයැ’යි පවසද්දී, මහේල ලකුණු අතරට පැමිණිය යුතුයැ’යි පුන පුනා පැවසුවෙමු. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. එවැනි දෙයකට මහේල වෙත බල කිරීමක් හෝ අවධානය යොමුකළ යුතු බවට වූ දැනුම්දීමක් හිටපු තේරීම් කමිටුව විසින් සිදුවූබවක් නොපෙනේ. වත්මන් තේරීම් කමිටුව ද මේ පිළිබඳව අවධානය යොමු කළ බවත් පෙනෙන්නට නැත.
එසේ වූවා නම් මහේලට මේ තැන හිමිවන්නේ නැත. අප එසේ සිතන්නේ මහේල මේ පත්වීම ලබන්නේ ඔහුගේ නියම රිද්මයේදී නොවන නිසාය. මහේල දිගින් දිගටම පෑ අදක්ෂතා හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදුවේය යන න්‍යාය මත පදනම් වන නායකත්වයේ කිරුළ බාරගත්තාය’යි පැවැසෙන කතා වැඩිය. එහෙත් එවැන්නක් පැවැසීමට මේ කාලය නොවේයැ’යි අපට සිතේ. නමුත් මහේලට නායකත්වය බාරගැනීමට කරන ලබ බලකිරීමේදී එය සුවිශේෂී කාරණයක් වන්නට ඇතිවාට සැක නැත. එසේවන්නේ මේ ගිලී යන නෞකාවේ වගකීම බාරගන්නට සුදුස්සෙකු කණ්ඩායමේ නොවෙන නිසාය.
කෙසේ වෙතත් මහේල දැන් පැවරී අති වගකීම පෙර නායකත්වයේ වගකීමට වඩා වැඩි බව තේරුම් ගතයුතුය. ඩිල්ෂාන් විසින් කටුගා දැමූ නායකත්වයේ වගකීම් තම හිතෛෂී ජ්‍යෙෂ්ඨයා සමඟ එක්ව නැවත කරළියට ගැනීම මහේලගේ ප්රමුඛ කාර්යය විය යුත්තය. එම ගමනේදී යටින් දිවෙන දේශපාලන පිළිබඳව අවබෝධය ද ඉතා වැදගත් වන්නේය.
සත්‍යජිත් වතුගෙදර - රාවය
0 comments for "තේරීම් කමිටුවට තේරෙන ආකාරයට"