ඩියුලක්ස් ඇම්බියෝන්ස් ඇක්සොනොබෙල් නිෂ්පාදකයින් විසින්, ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ සහ කෙස්ක‍්‍රැට් සුපිරි වෙළෙද සංකීර්ණය සිත් බැඳගන්නා වර්ණයෙන් වර්ණවත් කරමින් නව අවුරුදු සාප්පු සවාරියේ යෙදුනු ජනතාවට සහ ආයතනික විධායක නිලධාරීන්ට නවතම වර්ණවත් අත්දැකීමක් ලබාදීමට පසුගියදා පියවර ගත්තේය.
විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් රචිත බටහිර බලය හා ශ්‍රී ලංකාවේ ඉරණම නම් කෘතිය චීන බලය හා ශ්‍රී ලංකාවේ ඉරණම යනුවෙන් වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
1997 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේශීය ගුවන් සේවා සමාගමක් වන එක්ස්‍පෝ එයාර් සිය කොළඹ-යාපනය ෙදෙනික ගුවන් සේවාවන් පසුගිය 25 දා නැවත ආරම්භ කරනු ලැබිය. එක්ස්‍පෝ එයාර් ගුවන් සේවය උතුරේ යුද්ධය පැවැති කාලය තුළත් සිය කටයුතු පවත්වාගෙන ගිය එකම ගුවන් සේවය ලෙස ප්‍රකටය.
සමාජය කෙරෙහි පවතින තම කැපවීම නැවතත් සනිටුහන් කරමින් ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරුවකු වන බ්‍රැන්ඩික්ස් සමූහය 2011 වසර තුළ දී රුධිර පයින්ට් 2277ක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට (NBTS) පරිත්‍යාග කිරීමට සමත් වී ඇත.
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස්වෙළදපොල වශයෙන් ආණ්ඩුව හැදින්වූ කොළඹ කොටස් වෙළදපොල මේ වර්ෂයේ දිගින් දිගටම පාඩු ලබමින් තිබේ.
මේ වනවිට ඉදිකෙරෙමින් පවතින කොළඹ දකුණු වරායේ ව්‍යාපෘතියෙන් ‘එයිට්කන් ස්පෙන්ස්’සමාගම ඉවත්වීමෙන් අනතුරුව එම සමාගම සතුව තිබූ කොටස් සියයට 30න් සියයට 24ක් ‘චයිනා මර්චන්ට්’ සමාගමට ලැබෙන බවත් ඉතිරි සියයට 6 ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
සුසුකි වාහන සඳහා ශ‍්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන ඒර්ඒ සමාගම BS-IV Compliant තාක්ෂණය සහිත ඉන්දියාවේ ප‍්‍රථම මෝටර් රථය වන Suzuki Rits මෝටර් රථය ඊයේ (23) එළිදක්වා තිබේ.
“මරීනා” වෙළෙඳ නාමය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ද්‍රව්‍ය 30ක් පමණ නිෂ්පාදනය කර දේශීය සහ විදේශීය වෙළෙඳ‍පොළටහඳුන්වාදී ඇති NMK සමූහ ව්‍යාපාරය කොප්පරා නිෂ්පාදනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සොයා ගෙන ඇත. කොප්පරා නිපදවීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට මෙම නව ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකාවට වසරකට රු. කෝටි 400ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව NMK සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නාරායන මහතා පවසයි.
ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී දේපළ වෙළද සමාගමක් වන හෝම්ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම හා රට පුරා කියා තම ගමන් මගේ පළමු ශාඛාව දකුණුලක ගාල්ල නගරයේදී විවෘත කරනු ඇත. මෙම ඓතිහාසික මංසලකුණ තබනු ලැබුවේ එළැඹුණු ජනවාරි මස 5 වෙනිදාය.
ශ්‍රී ලංකාවේ භාරතීය එයාටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුරේන් ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.
අතේ ගෙනයාහැක කැමරාව ලොවට හදුන්වාදුන් ඊස්ට්මන් කොඩැක් (Eastman Kodak) සමාගම බංකොළො‍ත් වීමෙන් ආරක්ෂා ‍වීමේ අයදුම් පතක් ඇමරිකා ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ. මේ අනුව ණය කරුවන්ගේ බලපෑමෙන් මිදී තවත් කෙටිකාලයක් සමාගම පවත්වාගෙන යාමට ඉඩකඩ විවිරවී ඇත.
යුරෝපයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට අපනයන වලට තිබෙන ඉල්ලුම අඩුවීම හා විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අඩුවීම යන කරුණු හේතුවෙන් ලංකාව බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය ළඟාකර ගැනීමට නොහැකිවිය හැකිබවට ලෝක බැංකුව අනතුරු හඟවයි.
ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 20ක සිය මෙහෙයුම් සිදුකරන ප්‍රමුඛ ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගමක් වන භාරතී එයාර්ටෙල් සිය ශ්‍රී ලංකා සේවාලාභීන් සඳහා “රුපියල් 100කින් දසලක්ෂපති මිතුරෙක් වන්න” නම් වූ ආකර්ෂණීය තිළිණ ප්‍රදාන ව්‍යාපෘතීය දියත් කොට ඇත. මේ යටතේ පෙර හා පසු ගෙවුම් එයාර්ටෙල් සේවාලාභීන් සිදුකරන සෑම රුපියල් 100ට වැඩි රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමකදී රුපියල් මිලියන බැගින් දිනාගත හැකි ජයග්‍රාහකයින් 5 දෙනෙක් බිහිකරන දිනුම් ඇදීමකට සුදුසුකම් හිමි වේ. රුපියල් 100 ගුණාකාරයෙන් වැඩිවූ තරමට දිනුම් අවස්ථාද ඉහළ යනු ඇත. අද දින සිට 2012 මාර්තු 07 වැනි දින තෙක් දෙසතියකට වරක් දිනුම් ඇදීම් පහක් පැවැත්වෙන අතර එහිදී අහඹු ලෙස තෝරා ගනු ලබන එයාර්ටෙල් සේවාලාභියෙකු හට ක්ෂණිකව රුපියල් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ.
ප්‍රධාන විධායක නිලධාරිනී මනෝ අලස් විශ්‍රාම යයි

මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සඳහා පනවා ඇති නියමයන්ට අනුව අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මනෝ අලස් මහත්මිය වසර 06ක සේවයකින් පසුව පසුගියදා විශ්‍රාම ලැබුවාය.
දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමේ සැලසුම් වලට අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පරිමාණයේ කිරි නිෂ්පාදනය ආයතනයක් වන රිච් ලයිෆ් සමාගමේ සියයට 76ක කොටස් අයිතිය රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම විසින් හිමි කර ගනු ලැබ ඇත. මෙරට ප‍්‍රමුඛතම කෘෂි නිෂ්පාදක අපනයන සමාගමක් වන රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම මේ සඳහා අදාළ ගිවිසුම රිච් ලයිෆ් සමාගම සමග අත්සන් කළ බව වෙළෙද පොළ ආරංචි මාර්ග පවසයි. මේ වනවිට රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම රිච් ලයිෆ් සමාගමේ කළමනාකාරීත්වය භාරගෙන ඇති බවද පැවසේ.
සුප්‍රසිද්ධ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන බී.එම්.ඩබ්ලිව් සමාගම සිය මිනි කූපර් රථ 89000 ක් නැවත ගෙන්වාගැනීමට තීරණයකොට ඇත.
Ominga International සමාගම සමග එක්ව රුපියල් මිලියන 200 ක වියදමින් සුඛෝපභෝගී හෝටලයක් නැගෙනහිර වෙරළේ ඉදිකිරීමට Softlogic Holdings සමූහ ව්‍යාපාරය සූදානම් වේ.
ගෙවුණු සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි සීනි, පරිප්පු, සුදු ළූණු හා ෆාම් ඔයිල්වල ආනයන බදු ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ අඛණ්ඩ වර්ධනය, රෑම් රේටින් ලංකා සමාගම (RAM Ratings Lanka) විසින් ස්ථාවර වර්ධනයක් ඇති සමාගමක් ලෙසශ්‍රේණිගත කර ඇත. ඒ අනුව ජනශක්ති දීර්ඝ සහ කෙටි කාලීන  වන්දි ගෙවීමේ හැකියාව පිළිවෙළින්  A - සහ P2 ලෙස ඉහළ  මට්ටමකින් ශ්‍රේණිගත කර ඇත. වේගයෙන් වර්ධනය වන දේශීය  සමාගමක් වන ජනශක්ති රක්ෂණ සමාගම   දැඩි තරගකාරී ව්‍යාපාර පසුබිමක් තුළ ලාභ උපයමින් වර්ධනයක්ද අත්කර ගැනීමට සමත්ව සිටීම මෙම ශ්‍රේණිගත කිරීමට ප්‍රධාන හේතුව වේ.