කුණු කූඩයට බහාලූ පාපන්දු ලිපිය
වීරසේකර සහ පාපන්දුව යන මැයෙන් අප ගියවර ලියූ ලිපියට රියර් අද්මිරාල් සරත් වීරසේකර යන නමින් ලිපියක් අපට ලියා එවා ඇත. ධර්මයට මුල්තැන දී කටයුතු කරන වීරසේකර වැනි පුද්ගලයකු (පාපන්දු ක්‍රීඩා කරන්නේ පවා ධර්මානුකූලවය) එවැනි පහත් පෙළේ ලිපියක් එවනු ඇතැ’යි විශ්වාස කළ නොහැකිය.මන්ද පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස වීරසේකර පිළිතුරක් එවන්නේ නම් එය පාපන්දු සම්මේලනයේ නිල මුද්‍රාව සටහන් ලේඛනයක තමා ලියූබව සහතිකවන ලෙස අත්සන සටහන් කර එවැන්නේයැ’යි අප සිතන බැවිනි. එවිට එය අපට පිළිගත හැකි මට්ටමේ ද පවතී. එසේ නොකොට මෙවැනි ලිපි වීරසේකගේ සායම අරින්නට වෙන කෙනකු කරනවාදැ’යි සිතන්නට වුව ලිපියෙහි මඩකන්ද දෙස බලන කල සිතේ විටෙන් විට අදාළ ලිපිය කිහිපවරක් භාරදීමද ඒ කුකුස තව තවත් අවුලාලන බව කිවයුතුය. කෙසේ නමුත් එකී අජූත ලිපිය අප ඊට සුදුසුම තැන වන කුණු බක්කියේ බහාලූවෙමු.
සැ.යු. - ක්‍රීඩා අමාත්‍යවරයා දේශපාලකයන්, ක්‍රීඩා සංගම්වලින් අතුගා දමන බවට කළ ප්‍රකාශය සත්‍යයක් වනු දැකීම අපගේත් බලාපොරොත්තුවය. ක්‍රීඩාවට සහය දැක්වීමට නම් දේශපාලකයකුට ක්‍රීඩා සංගමයකටම ආයුතු නැත. පිටින් සිට වුව එය කළ හැකිය. එබැවින් කතාවට සීමා නොකොට අමාත්‍යවරයා ක්‍රියාවට බැසිය යුතුය. දැනට තමාගේ අවසන්ව ඇති නිල කාලය දිගු කරන්නැ’යි ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල ඇල්ලීමට පාපන්දු සභාපතිවරයා දී ඇති නිල ඉල්ලීමට නිසි පිළිතුරක් දිය යුතුව ඇත. දෙවසරක කාලය තුළ නිකරුනේ කල්මැරූ ඔහු තෙවන වසර වෙනුවෙන් හඬා වැටෙයි. මේ කුමකටද? ක්‍රීඩාවට ආදරයෙන්ද? තමා නියෝජනය කරන ලීගය මෙන්ම තමා සංවර්ධනය කරන ක්‍රීඩා සමාජය (ක්ලබ්) කුමක්ද යන්න අමාත්‍යවරයාට එකී සභාපතිවරයාගෙන් විමසා සිටිය හැකිය. පැරණි තනතුරකට හිටපුයැ’යි සඳහන් නොකරන අවංක නිලධාරීන් හිටපු ක්ලබ් අද මෙන් වැමෑරිය හැකිමුත් අපට අවැසි අද තත්ත්වයය වීරසේකර දේශපාලකයෙකු බැවින් ඔහුගේ කාලය දික්කරනවාදැ’යි නිදිමරාගෙන වුව සිතා තීන්දු කළ යුතුය. සැබැවින්ම මෙවැනි පුද්ගලයන්ට දුන් කාලය හොඳටම ඇතිය. ක්‍රීඩා ඇමති වැඩ පටන් ගන්න. අලූත්වන්නට කාලය එළැඹ ඇත.
සංස්කාරක - රාවය
0 comments for "කුණු කූඩයට බහාලූ පාපන්දු ලිපිය"