වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ

ජයලත් මනෝරත්නයන්ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි බොහෝ කරුණු කාරණා ලිවිය හැකි වුවද, ඒ ඉදිරියෙන් ලිවිය හැකි හොඳම අකුරු පෙළ වන්නේ ලවිශිෂ්ට රංගධරයකුල යන්නය. හේ කිසිවිටෙකත් රංගනය අත් නොහල අතර, ඒ හැරුණු විට විවිධ කලා ඉසව් ජයගත් ප‍්‍රවීණයකු ද වන්නේය.

ජයලත් මනෝරත්නයන් ගැන මේ සටහන තැබෙන්නේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ගැන සටහන් තබන්නටය. ඒ 2012 ජනවාරි මස 5, 6, 7 යන දිනවල ඔහු ඇගැයීමට ලක්‌වෙමින් පැවැත්වෙන නාට්‍ය උළෙලකි. ඒ අනුව ජනවාරි පස්‌වැනි දින ලබූරුවා මහත්තයාල නාට්‍යයද, හයවැනිදා ලසුද්දෙක්‌ ඔබ අමතයිල ද, හත්වැනිදා ලඅන්දරේලාල නාට්‍යය ද වශයෙන් ලයනල් වෙන්ට්‌ඞ් රÛහලේදී සවස 6.45 සිට පැවැත්වෙන නාට්‍ය උළෙලයි එය සංවිධානය කරනු ලබන්නේ ලසත්ජන සහෘද සංසදයල යි.

ප‍්‍රශ්නය * ඔබ වෙනුවෙන් නාට්‍ය උළෙලක්‌ සංවිධානය වෙනවා. ඒ ගැන යමක්‌ දැනගන්න කැමැතියි.

පිළිතුර * ජනවාරි මාසයේ 5, 6, 7 දිනවල මේ කටයුත්ත සිදුකිරීමට නියමිතයි. ඇත්තටම වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ යම් වර්ධනයක්‌ පෙන්වන වකවානුවක මේ වගේ නාට්‍ය උළෙල පවත්වන එක ගැන සතුටු වෙන්න  ඕන. අපි කොළඹින් පිට ගම් ඇතුළට යනකොට අපි දකිනවා නාට්‍ය ශාලා පිරී ඉතිරී යන තරමට සෙනÛ ඉන්නවා. මිනිසුන්ගේ රසවින්දනය හා රසඥතාව, හීනවේගෙන යන කාලවකවානුවක නිර්මාණ කරණයේ නව ඉසව් සොයා යැමට නාට්‍යකරුවා දක්‌වන උනන්දුව ගැන අගය කළ යුතුයි.

ප‍්‍රශ්නය * අපි මේ වේදිකාගත කරන නාට්‍ය ත‍්‍රිත්වයේ විවිධත්වයක්‌ දකිනවා. මොකක්‌ද මේ තෝරා ගැනීම.

පිළිතුර * ඇත්තටම විවිධ ආකෘතියේ නාට්‍ය තුනක්‌ මෙහි අඩංගු වෙන්නේ. බූරුවා මහත්තයා, සුද්දෙක්‌ ඔබ අමතයි, අන්දරේලා කියන නාට්‍ය තුන තේමාවන් අතින් වෙනස්‌. හැබැයි මේ හැම එකක්‌ම පේ‍්‍රක්‌ෂකයාගේ හදවතට පමණක්‌ නොවෙයි බුද්ධියටත් ආමන්ත‍්‍රණය කරනවා.

තවත් විශේෂ දෙයක්‌ තමයි මේ නාට්‍ය ත‍්‍රිත්වයේම මම ප‍්‍රධාන චරිතවලට ඉන්නවා. ඒත් එක්‌කම ඒ හැම චරිතයක්‌ම බොහෝම සංකීර්ණ යටිපෙළ අරුත් දනවන චරිත.

ප‍්‍රශ්නය * තමන්ගේ නාට්‍ය උළෙලක්‌ තමන් සංවිධානය කරනවාට වඩා වෙනත් සංවිධායකයන් පිරිසක්‌ එය මෙහෙයවීම අපූරු කටයුත්තක්‌. මේක දැනෙන්නේ කොහොමද?

පිළිතුර * ඇත්තටම මේ කිසිම දෙයක්‌ මගේ යෝජනාවක්‌ නිසා වෙච්ච දේවල් නොවේ. මේක මටත් අපූරු ආශ්වාදයක්‌ ගෙන දෙන කටයුත්තක්‌. නාට්‍ය කලාවට, වේදිකාවට ඇලූම් කරන පිරිසකගේ සහභාගිත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ.ඒ අයගේ නිර්මාණකරණයට ඇති ඇල්ම, ආදරය ගෞරවය මට දැනෙනවා. තමන්ගේ නාට්‍ය දර්ශනයක්‌වත් සංවිධානය කරන්න අපහසු මොහොතක හොඳ රංග ශාලාවක මෙවැනි නාට්‍ය උළෙලක්‌ පැවැත්වීමට ගන්නා වෙහෙසම ඒ ගෞරවයට හේතු වෙනවා.

ප‍්‍රශ්නය * ඔබ සඳහන් කළ වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රබෝධයට හේතුව මොකක්‌ හැටියටද දකින්නේ.

පිළිතුර * මම දශක 4 ක්‌ පමණ මේ ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරන කාලය අතරතුර වේදිකා නාට්‍ය විවිධ උච්චාවචනයන්ට හසුවෙලා තියෙනවා. මූලික වශයෙන් නාට්‍ය කලාවට විශේෂයෙන් වේදිකාව කරා පිරිස අඩුවීමට හේතු කිහිපයක්‌ දකින්න පුළුවන්. ගමනාගමන පහසුකම් නොමැතිවීම, ඊළÛට පහුගිය කාලය පුරාම පැවතුනු යුද්ධය මේ ආදී වූ විවිධ කාරණා එයට බලපෑවා. නමුත් මේ මොහොත වනවිට ජනතාව තුළ තිබුණු පීඩනය යම් පමණකට අඩුවෙලා තියෙනවා.

අපි පිට පළාත්වලට ගියාම හමුවෙන පිරිස්‌ සමÛ නාට්‍ය පිළිබඳව කතාබහ කරද්දී ඒ අය කොයිතරම් මේ ගැන දැනුමෙන් ද අවබෝධයෙන්ද ඉන්ධන කියන එක වැටහෙනවා. අනික මේ වෙනකොට රූපවාහිනියේ මිනිසුන්ට බලන්න දෙයක්‌ නෑ කියලා මැසිවිල්ලක්‌ තිබෙනවා. ඒකත් කිසියම් ආකාරයක හේතු=වක්‌ වෙන්න ඇති නාට්‍ය කලාව මෙතරම් වර්ධනයක්‌ අත්පත් කර ගන්න. විශේෂයෙන් ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ රසඥතාව ගැන අපි සතුටු වෙන්න  ඕන. නාට්‍යයක යටිපෙළ අරුත කවරාකාරදැයි වටහා ගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා. එය නාගරික සමාජයේ ඉතා අවම වශයෙන් දකින්න ලැබෙන කාරණයක්‌.

ප‍්‍රශ්නය * නමුත් ඔබේ ලබූරුවා මහත්තයාල නාට්‍යය මේ පේ‍්‍රක්‌ෂකාගාරය හරි හැටි ස්‌පර්ශ කළේ නෑ කිව්වොත් ඔබ එකÛද?

පිළිතුර * අපි මේ වෙනකොට දකිනවා විශාල සමාජ විපර්යාසයක්‌. ඒක පරිහානියක ලක්‌ෂණවලින් යුක්‌තයි. විශේෂයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්් අතර රසවින්දන රුචිකත්වය පිළිබඳ විශාල අර්බුද තිබෙනවා. ඒ අයගෙන් ආරම්භ වුණු පරම්පරාවක්‌ මේ වගේ නාට්‍යයක්‌ ග‍්‍රහණය කර නොගැනීම ගැන පුදුම වෙන්න දෙයක්‌ නෑ.·

නාට්‍යයේ පමණක්‌ නොව කවියේ විශේෂයෙන් ගීතයේ යටිපෙළ අරුත ග‍්‍රහණය කරගන්නා පිරිස අඩුයි. මේ තත්ත්වය අපිට දශක වලින් ගණනය කරන්න පුළුවන්. හැබැයි මම අර මුලින් කිව්වා වගේ ප‍්‍රාදේශීයව මේ තත්ත්වයේ වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ අර්ථයෙන් ගත්තොත් විශාල වෙනසක්‌ දකින්න බැහැ.

* සංවාදය උදේශ සංජීව ගමගේ
දිවයින පුවත්පත ඇසුරෙනි

Posted by Ravaya on 9:02 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ"

Leave a reply