හිටපු ඉතාලි ශ්‍රී ලංකා තානාපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය ට දුමින්ද වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් නැතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නියෝග කරයි...
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට පෙනී සිටීමට දැනට අයිතියක් නැතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා (17) වැනිදා නියෝග කළේය.දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීමට ඔහු අවසරදී ඇත්ද එසේත් නැත්නම් ඔහුගේ ඥාතින් විසින් ඊට අවසරදී ඇත්තදැයි යන්න පිළිබඳව ලිඛිතව මෙතෙක් අධිකරණයට දැනුම්දී නොමැති බැවින් මෙම නියෝගය නිකුත් කරන බවද මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කළේය. එසේම දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද වෛද්‍ය වාර්තාවක් මෙතෙක් ඉදිරිපත්වී නොමැති බවද මහේස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණයට කියා සිටියේය. අපරාධ පරීක්ෂණ විමර්ශණ අංශයේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ ලෙස පරීක්‍ෂණ පවත්වා ඊට අදාල පරීක්‍ෂණ වාර්තා පසුගිය 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා වෙත භාරදී ඇති බවයි. දුමින්ද අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් පැතූ බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි ද ඔහු අධිකරණයට දැන්වීය. අද දිනයේ නඩුව සඳහා බන්ධනාගාර ආරක්ෂාව යටතේ ගෙන ආ සැකකරුවන් 16 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එම සැකකරුවන් ලබන පෙබරවාරි 14 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 20 දෙනෙකු ඇතුලත්ව සිටින අතර ඉන් දුමින්ද සිල්වා හා ගලබොඩ නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.තවත් දෙදෙනෙකු ඇප මත මුදාහැර සිටී. මෙම නඩුව ලබන පෙබරවාරි 14 වැනිදා යළි කැඳවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
muu maha hora, italiye salli ekathukarala wedak dunna.