මර්වින්ගේ වැඩනිසා සෞඛ්‍ය ඇමතිට රෝහල්වල කෑම ප‍්‍රශ්නය අමතකවෙලා

ජනවාරි 17 හා 18 යන දෙදින තුළ මඩකලපුව ශික්ෂණ රෝහලේ, රෝගීන්ට නිසි පරිදි ආහාර ලැබී නොමැත. දකුණු පළාතේ රෝහල් රැසකද ආහාර ගැටලූ මතුව තිබේ. ඇල්පිටිය මූලික රෝහල් නේවාසික රෝගීන්ට ආහාර සැපයීමේ බරපතල ගැටලූ පවතින බව සඳහන් වේ.

මීට අමතරව දිවයිනේ ප‍්‍රධාන රෝහල් ගණනාවකම නිසි ප‍්‍රමිතියට ආහාර ලබාදීම සිදු නොකරන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. රෝගීන්ට ලබා දිය යුතු පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු තිබුණද ඒවා නිසි පරිදි ලබා නොදෙන බව සඳහන් වේ. විශේෂයෙන්ම ප‍්‍රමිතයෙන් තොර එළවලූ හා මස් මාලූ ආහාර ලෙස ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්ෂිකව රෝහල්වලට ආහාර සැපයීම් සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1000 කි. එහෙත් මේ වසර සඳහා ටෙන්ඩර් කැඳවා ආදාළ ආහාර සැපයීමේ කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන නොමැත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ බලපැම් මත පසුගිය වසරේ ටෙන්ඩර්ලාභී ආහාර සැපයුම්කරුවන්ගේ කාලය දීර්ඝ කර සැපයුම් සිදුකරන බවත් මෙහිදි ඔවුන් අදාල කටයුතු නිසි පරිදි සිදු නොකරමින් අමාත්‍යවරයාට කොමිස් මුදල පමණක් වෙලාවට ගෙවමින් කටයුතු කිරීම මෙම ආහාර හිගයට හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දිනවල තම රාජකාරී කටයුතු ලෙස සිදුකරමින් සිටින්නේ මර්වින් අමාත්‍යවරයාගේ විනය පරීක්‍ෂණය පමණක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Posted by Ravaya on 5:35 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "මර්වින්ගේ වැඩනිසා සෞඛ්‍ය ඇමතිට රෝහල්වල කෑම ප‍්‍රශ්නය අමතකවෙලා"

  1. ගරු සෞඛය ඇමතිතුමනි !කොමිස් කෙලිනවා වගේම
    අසරණ රෝගීන්ට මහජන බදු මුදලින් ලබාදෙන ආහාර
    ටිකත් වෙලාවට ලබාදෙන්න .ඔබට බුදුසරනයි!

Leave a reply