බන්දුලගේ කතාව බොරුවක්, උසස් පෙළ යළි සමීක්ෂණ අයැදුම්පත් ගණන 85,000 ඉක්මවලා

පසුගිය දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ උසස් පෙළ විභාගයේ පිලිතුරු පත‍්‍ර නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් 50724ක් විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇතිබවයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වනඅතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් 85,000 කට අධික ප‍්‍රමාණයක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබි ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

2010 වසරේදී උසස් පෙළ ප‍්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් 62,268ක් ලැබී තිබුණු අතර ආන්දෝලනයට ලක්වූ 2011 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග පෙර වසරවලට සාපේක්ෂව නැවත සමීක්ෂණ අයදුම්පත් ඉතා වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරනය කරයි.

Posted by Ravaya on 5:50 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බන්දුලගේ කතාව බොරුවක්, උසස් පෙළ යළි සමීක්ෂණ අයැදුම්පත් ගණන 85,000 ඉක්මවලා"

Leave a reply