අතුරු මැතිවරණයෙන් සූකී යළි දේශපාලනයට

බුරුම විරුද්ධ පක්ෂ නායිකා අවුන්ග් සාන් සූ කී එරට පාර්ලිමේන්තු අතුරු මැතිවරණය සඳහා ලියාපදිංචි වී තිබේ. මෙම අවස්ථාව දැකබලා ගැනීම සඳහා ඇගේ ආධාරකරුවෝ දහස් ගණනක් පැමිණ සිටියහ.

අපේ‍්‍රල් පළමු වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකාව ලෙස අවුන්ග් සාන් සූ කී ඉදිරිපත් වීමට නියමිතය. ඒ නිරිතදිග රැුන්ගුන් දිස්ත‍්‍රික්කයේ කවුමු ආසනය නියෝජනය කරමිනි. සූ කීගේ දේශපාලන පක්ෂය පෙර පැවති මැතිවරණවලට ඉදිරිපත් වීම ප‍්‍රතික්ෂේප කළ අත බුරුම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අරමුණු කර ගනිමින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.

මෙවර පැවැත්වෙන අතුරු මැතිවරණය එරට පාර්ලිමේන්තුවේ පුරප්පාඩුව පවතින ආසන 48ක් වෙනුවෙන් පැවැත්වෙන්නකි. කැබිනට් සාමාජිකයින් සහ නියෝජ්‍ය ඇමැතිවරු තනතුරුවලින් ඉල්ලා අස්වීම නිසා මෙම පුරප්පාඩු ඇති වී තිබේ.

බී.බී.සී

Posted by Ravaya on 5:12 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අතුරු මැතිවරණයෙන් සූකී යළි දේශපාලනයට"

Leave a reply