දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සොයා නිදන් නාමල් සහ බැසිල් (Mr10 %) පොරයක

ඔබ දන්නා පරිදි නිදන් නාමල් ලංකාව තුල ඇති සියළුම නිදන් ගොඩ ගැනීමේ මෙහෙයුමක නිරත වේ. නමුත් තවමත් දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සොයාගැනීමට නොහැකිව සිටින බවට අපට තොරතුරු  ලැබී ඇත. කලකට ඉහතදී බැසිල් ට දැනගැනීමට ලැබුනේ කඩවත ප්‍රදේශයේ මෙම ඔටුන්න ඇති නිදානය ඇති බවයි. බැසිල්ට ලැබුණු තොරතුරු අනුව කඩවත හන්දියේ රාගම පාර පටන්ගන්නා තැන නිදානය ඇති බවයි. නමුත් එය නගර මධ්‍යයේ පිහිටා තිබීම නිසා බැසිල්ට කඩවත උමං මාර්ගයක් දීමට සිදුවිය. කඩවතට උමං මාර්ගයක් අවශ්‍ය නැත. නමුත් වසර දෙකකට ආසන්න කාලයක් ගත කර කඩවත උමං මාර්ගය සාදා නිමකර බැරිම තැන ජනතා අයිතියට පවරන ලදී. බැසිල් උමං මාර්ගයක් හදන මුවාවෙන් සිදුකලේ  කඩවත නගර මධ්‍යයේ නිදන් හැරීමයි, අඩි 112 ක් හැරුවත් පලක් නොවුණු තැන බැසිල්ට තම අදහස ඇත හැර දැමීමට සිදුවිය.

නමුත් නාමල් දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සවීමේ කටයුතු එදිරියට ගෙන යමින්, මෙවර දැයට කිරුල පැවැත්වීමට අනුරපුරය තෝරා ගැනීමට තම පියාට දැනුම් දුන්නාය, මන්දයත් නිදන් නාමල් ට ලැබුණු තොටතුරු අනුව ඔටුන්න සහ කඩුව එම ස්ථානයේ ඇති නිධානයක ඇති බවයි. නමුත් තවමත් එය සොයාගැනීමට නොහැකි වී ඇත. ලැබෙන තොරතුරු අනුව මෙය සොයාගන්න කෙනාට, සදාකාලික ව රජවීමට හැකි බව අතීත පොත් පත් වල සදහන් ව ඇත. තවද දැයට කිරුල නිමවීමෙන් පසුව ඉදිරි කැනීම් කටයුතු ආරම්භ කීරීමට නාමල් තම කණ්ඩායමට දැනුම්දී ඇත..

Posted by Ravaya on 12:30 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සොයා නිදන් නාමල් සහ බැසිල් (Mr10 %) පොරයක"

Leave a reply