ඉඩම් බෙදාගන්න කොමිසමක්
උතුරු නැගෙනහිර ඇතුළු සියලූ පළාත් සභාවලට අදාළව ඉඩම් සම්බන්ධව කොමිෂන් සභාවක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. මේ පිළිබඳව විමසීමකදී නම සඳහන් නොකිරීමට එකඟව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයකු අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ පසුගිය සතිය තුළ මේ පිළිබඳව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු ඇතුලූ රජයේ ප‍්‍රධානීන් සාකච්ඡා කළ බවත් ඉදිරියේදී ඉඩම් සම්බන්ධ බලතල කොමිසන් සභාවත් හරහා ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත්ය.
මේ පිළිබඳව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, තමන් සහභාගී නොවු රැස්වීමකදී එවන් තීරණයක් ගත්තාදැයි තමන් තවමත් නොදන්නා බවයි.
රාවය

0 comments for "ඉඩම් බෙදාගන්න කොමිසමක්"