තේරීම් කාරක සභාවේදී නැගෙනහිරට වෙනම ඒකකයක් ඉල්ලයි

නැගෙනහිර මුස්ලිම් ප‍්‍රජාව සඳහා වෙනමම පරිපාලන ඒකකයක් සඳහා වන තම අදහස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දක්වා ගෙනයන බව ශ‍්‍රී ලංකාමුස්ලිම් කොංග‍්‍රස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හසන් අලී ප‍්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ නැගෙනහිර මුස්ලිම් ජනතාව සඳහා වෙනමම පරිපාලන ඒකකයක් සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව කළ විමසුමකදීය.

වැඩිදුරටත් අදහස් දක්වන ඔහු මෙම අදහස අලූත් අදහසක් නොවන බවත්, එම්.එච්.එම් අෂ්රොෆ් මහතා සිටි කාලයේ සිට ස්ථාවරය වූ බවක් මෙය තමන්ගේ උපරිම ස්ථාවය බවත් පැවසීය.

මෙම අදහස තවමත් ආණ්ඩුවට ඉදිරිපත්කොට නොමැති බවත්, සෑම පක්ෂයම මෙන් තම පක්ෂයට ද ඇති ස්වාධීන අදහස මෙය නිසා මෙම අදහස සර්ව පාක්ෂික සමුළුවටද යොමුකිරීමට තමන් තීරණය කර ඇති බව ද පැවසීය.

ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් 13 ප්ලස් විසඳුමක් ලබාදෙන්නේ තමා නැගෙනහිර පළාත සඳහා වූ වෙනම ඒකකයේ ඉල්ලීම තමන් ඉදිරිපත්කරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මුලින්ම ප‍්‍රශාක කර තිබුණි. ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම වශයෙන් ආණ්ඩුව 13 ප්ලස් විසඳුමක් ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ඉන්දීය විදේශ ඇමති එස්.එම්. ක‍්‍රිෂ්ණා ප‍්‍රකාශයට පත්කළ අතර 13 ප්ලස් විසඳුමකට තමන් විරුද්ධ වූ බව ආණ්ඩුවේ කොටස්කාර ජාතික හෙළ උරුමය මෙන්ම ජාතික නිදහස් පෙරමුණද ප‍්‍රකාශ කළේය.

එහෙත් ජනවාර්ගික අර්බුදයකට විසඳුමක් සෙවීම සඳූහා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡා ආණ්ඩුව අත්හිටවනු ලැබුයේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සංශෝධනයේ ඇති ඉඩම් හා පොලිස් බලතල ද්‍රවිඩ සන්ධානය ඉල්ලීමත් සමඟය.

රාවය

Posted by Ravaya on 1:49 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තේරීම් කාරක සභාවේදී නැගෙනහිරට වෙනම ඒකකයක් ඉල්ලයි"

Leave a reply