ලලිත්-කුගන් ඉන්න තැන කියන්න කෙහෙළිය ඇතුළු පිරිස අධිකරණයට කැඳවයි

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් රඳවා සිටින ස්ථාන හෙළි කරන්න ලෙස හබයාස් කෝපුස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රංජිත් සිල්වා සහ නලීන් පෙරේරා යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාගයට ගැණුනු අතර ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලල නීතිපතිල හමුදාපතිල පොලිස්පති සහ යාපනය භාර ආඥාපති යන අයයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේගසීග වැලිඅමුණල නීතිඥ සෙනුර අබේවර්ධනල පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ අජිත් කුමාරල නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටියහ.

'ජන අරගල ව්‍යාපාර'යේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක සහ 'අපි ශ‍්‍රී ලාංකිකයෝ' සංවිධානයේ උතුරු පළාත් සම්බන්ධීකාරක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා පසුගිය දෙසැම්බර් මස 9 වැනිදා යාපනය නීර්වේලිහිදී සුදු පැහැති වෑන් රථයකින් හා යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන යනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔවුන් දෙදෙනා සිටිනා බවත් අතුරුදහන් වී නොමැති බවත් කැබිනට් ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ අජිත් කුමාර මහතා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දුන්නේ ඔවුන් දෙදෙනා අතුරුදහන් වී සුළු වේලාවක් තුළ කෝපායි පොලිසියට ප‍්‍රදේශවාසීන් විසින් දෙනු ලැබූ දුරකතන ඇමතුම් අනුව එහි පොලිස් නිලධාරීන් පැමිණ යතුරු පැදිය රැගෙන යන ලද බවත් එහෙත් පොලිසිය ඒ සියල්ල සඟවමින් සිටින බවත් ය. ඉන් පසුව මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ අතර ආණ්ඩුව කිසිදු ප‍්‍රකාශයක් සිදු කළේද නැත.

Posted by Ravaya on 2:00 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ලලිත්-කුගන් ඉන්න තැන කියන්න කෙහෙළිය ඇතුළු පිරිස අධිකරණයට කැඳවයි"

Leave a reply