මාධ්‍යවේදියා පසුපස සුදුවෑන් රථයක්

ජෙනරාල් සරත් ෆොනේසේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ නිදහස් මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රියාකාරිකයකු වන හර්බට් කුමාර අලගියවන්න මහතාගේ ජිවිතයට තර්ජන එල්ල වී ඇතැ’යි ඔහු විසින් පොලිස්පතිවරයාට ජනවාරි 02වැනි දින ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

ජනවාරි 31 වැනි දින සවස ඔහු ගමන් කළ රථය ලූහුබඳිමින් PB 1859 අංක සහිත සුදු පැහැති වෑන් රථයක් පැමිණි බවත්, එදින සවස ඔහුගේ කිරිඳිවැල නිවසට පැමිණ ඇති බස්නාහිර පළාත් බුද්ධි අංශයේ යැ’යි කියාගත් මනෝජ් නමැති පුද්ගලයකු ඔහුගේ පෞද්ගලික තොරතුරු විමසා ඇති බවත් එම බුද්ධි අංශ සාමාජිකයා යැ’යි කියාගත් පුද්ගලයා දුරකතන අංක 0778859110 හා 0725210310 යන දුරකතන අංක ලබාදී ඇති බවත්, සිදුවීම සැකකටයුතු නිසා එම දුරකතන අංකවලට ඇමතුම් ලබා නොගත් බවත්, අදාළ සුදු වෑන් රථයම ඊට පසු දිනත් තමා ගමන් ගත් මාර්ගයේ තමා පසුපස ලූහුබඳිමින් සිටි බවත්, කුමර අලගියවන්න සිය පැමිණිල්ල මගින් සිද්ධිය විස්තර කර ඇත.

මෙම සිදුවීම නිසා තමා ඉමහත් භීතියකින් පසුවන බවද තමා රූපවාහිනී සංස්ථාවෙන් ඉවවත් කිරීමෙන් පසු නාඳුනන පුද්ගලයන්ගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් මාසයක පමණ කාලයක් රටින් බැහැරව සිටි බවද, බියෙන් සැකෙන් තොරව ජීවත්වීම සඳහාත්, සමාජ ක‍්‍රියාකාරකම් කිරීමේ තමාගේ මූලික අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහාත්, තම පැමිණිල්ල පිළිබඳ විධිමත්, සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් කුමාර අලගියවන්න මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

රාවය

Posted by Ravaya on 3:27 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මාධ්‍යවේදියා පසුපස සුදුවෑන් රථයක්"

Leave a reply