අධිකරණ සංකීර්ණය ඉවත්කිරීම අත්හිටුවයි

කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් කොටසක් කොළොන්නාව ප‍්‍රදේශයට රැගෙන යෑමට අධිකරණ අමාත්‍යාංශයේ ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇත. පසුගිය 02 වැනිදා නීතිඥවරුන් පිරිසක් හා අධිකරණ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹ ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහේස්ත‍්‍රාත් අධිකරණ නීතිඥවරුන්ගේ සංගමයේ සාමාජිකයකු පැවසූවේ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් කොටසක් කොළොන්නාව ප‍්‍රදේශයට ගෙනයෑම වළකාලීම, ළමාරක්ෂක අධිකාරිය මගින් පවරන නඩු විභාග කිරීම බත්තරමුල්ල ළමා උසාවියට ගෙනයෑම නවතාලීම හා වැල්ලවත්ත පොලීසිය විසින් පවරන නඩු නැවතත් ගල්කිස්ස උසාවියේ විභාග කිරීමට අවස්ථාව ලබාදීම වැනි කාරණා කිහිපයක් මුල් කරගෙන අදාළ සාකච්ඡාව පැවැත්වූ බවයි.

එහිදී ගත් තීරණය හා වෙනස් කළයුතු කාරණා පිළිබඳව සොයා බැලීම සඳහා අගවිනිසුරු නියෝජනය කරමින්, අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කරමින් හා නීතිඥ සංගමය නියෝජනය කරමින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද දෙපාර්ශ්වය එකඟතාවකට එළඹි බවද ඔහු පැවසීය.

අදාළ සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරයා. අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ද, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හා මහේස්ත‍්‍රාත් අධිරණ නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී ඇත. පසුගිය 02වැනිදා මහේස්ත‍්‍රාත් අධිකරණ නීතිඥවරුන්ගේ සංගමය විසින් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය වෙනත් ස්ථානයකට ගෙනයෑමට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ අතර එහි ප‍්‍රතිලයක් ලෙස ඉහත සාකච්ඡාව පැවැත්විණි.

රාවය

Posted by Ravaya on 3:24 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අධිකරණ සංකීර්ණය ඉවත්කිරීම අත්හිටුවයි"

Leave a reply