මේස පන්දුවේ බඩපිස්සී

ශ‍්‍රී ලංකා මේස පන්දු සංගමය මගින් පසුගිය වසරේ පැවැත් වූ තරගමාලාවලින් වයස අවුරුදු 10න් පහළ ඉසව්වේ ශූරතා සියල්ල ම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශෂිනි ඉමාෂා ද සිල්වා සමත් වූවාය.

‘‘මට ගොඩක් සතුටුයි. සමහර තරග පැරදෙන්න ගිහිල්ලා මම දිනුවා. වයස අවුරුදු 10න් පහළ ඉසව්වේ හොඳ තරගකාරිත්වයක් තිබුණා. දැන් මම සෙල්ලම් කරන්නේ 12න් පහළ, මේ ඉසව්වේත් හොඳ තරගකාරීත්වයක් තියෙනවා. 10න් පහළ ඉසව්වේ වගේ ම 12න් පහළත් ඊට පසුව අනෙකුත් වයස් කාණ්ඩවලදීත් හොඳින් සෙල්ලම් කර ප‍්‍රථම ස්ථාන දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.’’ ඇය පවසන්නීය.

ශෂිනි පසුගිය වසරේ දිනා ගත් ශූරතා අතරට ක‍්‍රිස් ගුණරත්න තරගාවලිය, වයඹ පළාත් තරගාවලිය, ජගත් රාජපක්ෂ තරගාවලිය, මහනුවර පළාත් තරගාවලිය, අශෝක් මෙල්වානි තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ තරගාවලිය ඇතුළත් වෙයි. ඊට අමතරව වයස් කාණ්ඩ අවුරුදු 10න් පහළ සහ 12න් පහළ ඒ කාණ්ඩයේ ශූරතාව සහ දකුණු පළාත් තරගමාලාවලදී වයස අවුරුදු 10න් පහළ සියලූම ශූරතාවන් ද අයත් වෙයි.

ශ‍්‍රී ලංකා මේසපන්දු සංගමයේ ශ්‍රේණියගත කිරීමේ දී අංක 1 ස්ථානයේ රැුඳී සිටින ශෂිනි මේ දක්ෂතාවට පැමිණ ඇත්තේ උපරිම ලකුණු ලබාගනිමින් වීම කැපී පෙනෙයි.

‘‘මම පුහුණුවීම්වලදී උපරිම කැපවීමෙන් කළා. ඒ සඳහා මගේ දෙමාපියන්, ඒ වගේ ම මගේ නිවුන් සොයුරිය වන උමාෂා ද සිල්වා මට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඇයත් ශ‍්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීමේදී මගේ ඉසව්වේ ම පළමු අටදෙනා අතර ඉන්නවා.’’

චතුර දුශාන්, උපුල් සමන්ත, චානුක දිනේෂ් සහ නිශාන් පෙරේා යන මහත්වරුන් යටතේ මේසපන්දු පුහුණුව ලැබූ ශෂිනි මේ වනවිට ලක්ෂාන් හර්ෂණ මහතා යටතේ පුහුණුවීම් ලබන්නීය. ඒ අනුව ශෂිනිගේ උපරිම දක්ෂතා මතුවන්නේ ලක්ෂාන් හර්ෂණ මහතා යටතේය.

‘‘ඇත්තට ම ඇයට තිබෙන උනන්දුව විශිෂ්ටයි. ඒ වගේ ම දෙයක් පහදල දුන්නහම ඒ දේ තේරුම් ගැනීමේ හැකියාවත්, ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවත් ඇය සතුයි. ටෙක්නික් වුණත් ඇය ඉක්මනින් ඉගෙන ගන්නවා. ඒ වගේම තරගවලදී ඒ සියල්ල උපයෝගී කරගන්නවා. මම හිතනවා ඇයට මේසපන්දු ක‍්‍රීඩාවේ විශේෂිත වූ ගමනක් යන්න පුළුවන් කියලා.’’ ලක්ෂාන් හර්ෂණ මහතා අප සමඟ පැවැසුවේය.

ජගත් පේ‍්‍රමචන්ද්‍ර - රාවය

Posted by Ravaya on 3:57 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මේස පන්දුවේ බඩපිස්සී"

Leave a reply