මහේල දින්නත් නහී පැරදුණත් නහී

ක‍්‍රිකට් යනු අවිනිශ්චිත ක‍්‍රීඩාවකි. එහෙත් එහි නිරන්තර වැරදීම් සිදුවිය නොහැකිය. ඩිල්ෂාන්ගෙන් සිදුවූ වැරදි නැවත වතාවක් සිදුවීම කාගෙ කාගේත් සායම් යෑමකි. පසුගිය දිනනවල ඩිල්ෂාන් හා මහේල එක්ව පැවැත් වූ මාධ්‍ය හමුවේ තොරතුරු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ කි‍්‍රකට් වර්තමාන තත්ත්වය විග‍්‍රහ කිරීමේ වඩාත් සුදුස්සන් ඔවුන් ම වන බැවිනි. එහෙත් ඔවුන් දන්නේ අප දන්නා දේටත් වඩා අඩුවෙන් බැව් බැලූ බැල්මට ම පෙනේ.

ඒ කෙසේ වෙතත් බොහෝ හැලහැප්පීම් මත දෝලනයවෙමින් පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තව දුරටත් පේ‍්‍රක්ෂක ආකර්ෂණය රඳවා ගන්නවා ද නැද්ද යන්න තීරණය වන තරගාවලියක් මේ මස 05 දා ආරම්භ වේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

ඕස්ටේ‍්‍රලියාව හා ඉන්දියාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳව මේවනවිට බොහෝ පේ‍්‍රක්ෂකයන් තබා තිබෙන්නේ නොමඳ විශ්වාසයකි.‘දිගින් දිගටම ලත් පරාජයන් හමුවේ දුරස්ව සිටින ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන් මෙම තරගාවලිය දෙස බලා සිටින්නේ නව නායකත්වය විසින් කුමක් සිදුකරන්නේදැ’යි යන කුකුසත් සමඟය.

මහේලගේ නායකත්වය යටතේ මෙතෙක් තරග 97ක් පවත්වා ඇති අතර ඉන් තරග 57ක ජයග‍්‍රහණ ද 35ක පරාජයක්ද අප විඳ ඇත. ඒ අතින් බලන කල මහේල යනු සාර්ථක නායකයෙකි. ඒ එදාය. මෙදා මහේලට ලැබී ඇත්තේ දෙකොණ පත්තු වූ විලක්කුවකි.

එක් අතකින් දිගින් දිගට ම අසාර්ථක වු කණ්ඩායමකි. අනෙක් අතින් තමන්ගේ දක්ෂතා මතු කරගත නොහැකි ව සිටින අවධියකි.

මහේලට මේ තරගාවලියේ දී ලැබෙන අභියෝගය මෙම ඉසව් දෙකම ජයග‍්‍රහණය කිරීමය. යම් හෙයකින් තමන් අසාර්ථක වී කණ්ඩායම සාර්ථකවන්නේ නම් පෙර නායකත්වය නැවත වතාවක් අභියෝගයට ලක්වනු නොඅනුමානය. එසේ වූ විට සිදුවන්නේ මහේලට හැකි නම් ඇයි ඩිල්ෂාන්ට බැරි යන මතය ඉස්මතු වීමය. යම් හෙයකින් කණ්ඩායම අසාර්ථක වී මහේල සාර්ථක වන්නේ නම් එතැනදී මතුවන්නේ ඩිල්ෂාන්ට එරෙහිව තිබූ කැරැල්ල හේතුවෙන් මහේල හිතාමතාම ලකුණු අතර නොසිටියේ ය යන මතය පෙරට පැමිණීමයි. ඒ අනුව මේ තරගාවලියේ ප‍්‍රතිඵල මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී’ වැන්නකින් කෙළවර වන්නකි.

සත්‍යජිත වතුගෙදර - රාවය

Posted by Ravaya on 4:19 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මහේල දින්නත් නහී පැරදුණත් නහී"

Leave a reply