උසස් පෙළ පෙත්සම යළිත් 13 වැනිදා

අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 13 වැනිදා නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පෙත්සම පෙබරවාරි 2වැනිදා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥවරයා වගඋත්තරකරුවකු වන නීතිපතිවරයාට පෙත්සමට අදාළ ලිපි ලේඛන ලැබුණේ ඊට පෙර දින බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට එළැඹී ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන්ට පෙත්නමට අදාළ ලිපි ලේඛන යවන ලෙස පෙත්සමට අදාළ ලිපි ලේඛන යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දී ඇත.

FRCS 29/2012 යන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය වන අතර වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස්වරයා අධ්‍යාපන ඇමතිවරයා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, මහාචාර්ය ආර්. ඕ.තටිල් හා නීතිපතිවරයා නම් කර ඇත. පෙත්ත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙනීසිටී.

රාවය

Posted by Ravaya on 3:21 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උසස් පෙළ පෙත්සම යළිත් 13 වැනිදා"

Leave a reply