ලන්ඩන්වල ඇල්බට් අංකල්ද?

මසක් - ගෙවුණි. පෙබරවාරිය කලින්ම පැමිණියා සේය. මාස දවස් මෙන්ම ගෙවෙන හැම තත්පරයක්ම ලන්ඩන් නගරයේ අවිවේකී බව තව තවත් අවුලූවාලනවා නියතය. මේ ඔලිම්පික් වසරය.
සිව් වසරකට වරක් එළැඹෙන ක‍්‍රීඩාවේ මහා මංගල්‍යයේ වසරය. එය එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන නිසාම සුද්දන්ගේ අවිවේකීම වසරය. ගියවර ඔලිම්පික් උළෙල පැවැත්වූයේ චීනයේ බීජිං නුවරය. ලොව විස්මයට පත් කළ එකී ඔලිම්පක් උළෙල අබිබවා යෑම ඉන්පසු ඔලිම්පික් උළෙල සංවිධානය කරන හැම රටකම ඒකායන පැතුම වේ. එය ලන්ඩන් වැසියන්ගේද පැතුමයි. ක‍්‍රීඩාව සාමයේ, සමගියේ සළු පොරවා ආඩම්බරයෙන් වැජඹුණද, ඊට යටින් ඇති දේ නම් අභිමානයයි. බලහත්කාරයයි. අන් රටවල්වලට වඩා තමන් ප‍්‍රබලයැ’යි හඟවන හැඟවුමයි. සත්‍යය එයය. අප දකින හුසෙන් බෝල්ට්ගේ ජවය වේගය ලොවට කියනුයේ ජැමෙයිකාවේ ශක්තියය. කළුහමේ අභිමානයය. ලොව ප‍්‍රබල රටවලට කරන සරදමය.

එකී යටි අරුත ක‍්‍රීඩා උළෙල සංවිධානය කරන රටද උපරිමයෙන් මවාපායි. දිනෙන් දින ගෙවෙන ඔලිම්පික් උළෙලෙහි ලන්ඩන් සුදානමක් එබඳුය.

ඔලිම්පික් තරගාවලියක් පවත්වන කල්හි අපූරු සම්ප‍්‍රදායයක් පවතී. එනම් රට වෙනුවට නගරය උලූප්පාලීමය. ඒ අනුව රට වෙනුවට සැවොම මුමුණනුයේ නගරයයි. ඇතෑන්ස් ඔලිම්පික් සිඞ්නි ඔලිම්පික්, ඇට්ලන්ටා ඔලිම්පික්, බීජිං ඔලිම්පික්, සේම ලන්ඩන් ඔලිම්පික්ය. ඉදින් මෙරව ඔලිම්පික් උළෙල පවත්වනුයේ ලන්ඩනයේය. එය එංගලන්තයේයැ‘යි  වැඩි ගෞරවාන්විත නොකැරේ. ඒ වෙනුවට ලන්ඩන් ඔලිම්පික් ය.

ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා මෙවර ක‍්‍රීඩාංගණ නවයක් සූදානම්ය. ඒ සියල්ලෙහි වැඩ අවසන් කොට ඒවාට නම් තබාද අවසන්ය. දැනට සිදුවන්නේ එම ක‍්‍රීඩාංගණ තුළ ක‍්‍රීඩා උපකරණ සවි කිරීම, හෝරා සටහන් සහ ලකුණු සටහන් කිරීමේ උපකරණ සවිකිරීමය.

දින දෙසීයකට පෙර ක‍්‍රීඩාංගණ සියල්ල අහවරයි යන්නෙන් ලන්ඩන් නගරය ලොවට කියනුයේ ඔලිම්පික් මෙන්ම පැරා ඔලිම්පික් තරගාවලියටද ලන්ඩනය සෑදී පැහැදී ඇති බවය.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ලන්ඩන් නගරයට රටවල් 200ක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ, 15,000ක් සහභාගි වන විට එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් 20,000ක් යෑමට නියමිතය. ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවෝ අබිබවා ඉහළ යන මාධ්‍ය කැළ හරහා ලෝකයා හමුවේ ලන්ඩන් ඔලිම්පික් ඉතිහාසය අලූතින් නව ආරකට ලෝකය හමුවේ තැබෙනු නියතය.

සමස්ත එංගලන්ත වැසියන්ම එළැඹෙන ගිම්හාන කාලයට කල්තියා ලකලෑස්ති විය යුතුයැ’යි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් රජයේ ඇමති මණ්ඩලයේ වර්ෂ ආරම්භක කැබිනට් වාරය ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේම පවත්වමින් කීවේය.

අක්කර 500ක භූමියක් අත්පත් කරගෙන ඇති ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ අතුරු මාර්ග පවා නම් තබා අවසන්ය. ඊට අමතරව මේ දිනවල එහි වර්ග අඩි 100,000ක විශාලත්වයෙන් යුතු කඩ සාප්පු සංකීර්ණයක්ද  ඉදිවේ. ඒ අවට ගිමන්හල් 1000ක්, වැසිකිළි 362ක්, කෑම සහ ස්නැක් බාර් 165ක්, ප‍්‍රවේශ පත‍්‍ර කුටි, තොරතුරු මධ්‍යස්ථාන සමරු පලක අලෙවි කරන වෙළෙඳ කුටි සහ කසළ බඳුන් 4,000ක් ඉදිකිරීමට නියමිතය. සියල්ල නිසි පරිදි, නිසි අයුරින් සිදුවන බව ඔලිම්පික් සංවිධායකවරුන්ගේ අදහසය.

ඔලිසපස් - රාවය

Posted by Ravaya on 4:12 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ලන්ඩන්වල ඇල්බට් අංකල්ද?"

Leave a reply