ජෙනරාල්ට නිදහස නෑ

නිදහස් දින වෙනුවෙන් තෝරාගත් සිරකරුවන්ට පොදු සමාව ලබා දුන්නද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මේ නිදහස් දිනය තුළ දී නිදහසක් නොලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (ක‍්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතා පැවසුවේ නිදහස් දිනය වෙනුවෙන් යම් සිරකරුවන් පිරිසකට නිදහස හිමි වුවද ඒ තුළ ෆොන්සේකා මහතා ඇත්දැ’යි තමන් නොදන්නා බවයි. මේ පිළිබඳව තීරණ ගන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් බව ඒ මහතාකීය. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පියුමන්ති පීරීස් මහත්මිය කියා සිටියේ අදාළ සිරකරුවන්ගේ නාමාවලිය බන්ධනාගාර දොපාර්තමේන්තුව විසින් ලබාදෙන්නක් බවත්, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

මේ පිළිබඳව හපුආරච්චි මහතා පැවසුවේ අදාළ නාමාවලියට අනුමැතිය ලබාදෙන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවත්, තම දෙපාර්තමේන්තුවෙන් කුමනාකාර වාර්තාවක් ඉදිරිපත් කළද අදාළ සිරකරුවන් පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදුකිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවයි.

රාවය

Posted by Ravaya on 3:17 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජෙනරාල්ට නිදහස නෑ"

Leave a reply