“Money Laundering” දිලිත් ජයවීර සහ රේනර් ද සිල්වා අවුල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යයි

“Money Laundering”  දිලිත් ජයවීර  සහ රේනර් ද සිල්වා කලකට ඉහත දී ගජ මිතුරන්ය, නමුත් දිලිත්, රේනර් සමග මිතුරු වුයේ ගෝටගේ කිමටය, ඒ නිසාම කොලොම්බෝ ලෑන්ඩ් ආයතනයට ද රේනර් සම්බන්ද කර ගත්තාය. සැලැස්මට අනුව, කුඩු දුමින්ද ලවා මුඩුක්කු ගෙවල් කඩා විදේශීය සමාගම් වලට කොලඹ ඉඩම් විකිණීම මෑතක් වන තුරුම ජයටම කරගෙන ආ ජාවරමකි. තවද දුමින්දගේ කුඩු වියාපාර යද යහමින් තබූ නිසා. දිලිත්,දුමින්ද සහ රේනර් ගජ මිතුරන්ව සිටියාය.

ලැබෙන තොරතුරු අනුව දැන් දුමින්ද ඉන්නේ ඔස්ට්‍රලියාවේ ය, “Money Laundering”  දිලිත් ට, ගෝට ට සහ  රාජපක්ෂ සමුහ  ව්‍යාපාරයේ පවුලේ උදවියට  දැන් රේනර් ද සිල්වා ගෙන් වැඩක් නැත. තවද රේනර් ද සිල්වා ගේ දේශපාලන ආගමනය ගැන රාජපක්ෂ සමුහ ව්‍යාපාරයේ පවුලේ උදවිය කලබල වී ඇත. එනිසා  රේනර් ද සිල්වා ගේ තටු කැපීමට මුදල් අමාත්‍ය සරත් අමුණුගම හරහා රේනර් ද සිල්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විය යුතු මිලියන 300 යේ සියලු තොරතුරු රාජපක්ෂ සමුහ  වියාපාරයේ පවුලේ උදවිය ගෙන්වා ඇත. ලැබෙන තොරතුරු වලට අනුව වහාම මිලියන 300 ගෙවන ලෙසට රේනර් ද සිල්වා ට දිලිත් තර්ජනය කර ඇත. නැතිනම ගෝටා නිසි ක්‍රියාමාර්ග ගන්නාබවට ද දිලිත්  රේනර්  ට කියා ඇත. ABC මාධ්‍යජාලය විසින් දුමින්ද සිල්වා මහතාගේ බලපුලූවම්කාරකම් මත දිගින් දිගටම ගෙවීම පැහැරහරමින් තිබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මිලියන 300ක පමණ බදු මුදල් වහාම අයකරගැනීම සඳහා ඉක්මන් සහ විදිමත් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඉහළින් බලපැම් එල්ලකිරීම ඇමති සරත් ගීතා අමුණුගමට පවරා ඇත .

දේශීය ආදායම් කොමසාරිස්වරයා ද මෙම බදුමුදල් වහා ගෙවන ලෙසට ABC මාධ්‍යජාලය වෙත මේ වනවිටත් වාචිකව දැනුම්දී ඇති අතර එම විධානයේ ලිඛිත සැලකිරීම මෙම සතියේ ලියාපදිංචි තැපෑල මගින් දන්වා යැවීමට නියමිතය. රජයේ මෙම ක‍්‍රියාව පිළිබදව වික්ෂිප්ත වී සිටින රේනර් ද සිල්වා මහතා ABC මාධ්‍යජාලයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ රාජපක්‍ෂ රෙජිමයේ කොන්ඩම් තියරියේ අලූත්ම ගොදුර තමන් බවයි.

යම්කිසි හෙයකින්  රේනර් ද සිල්වා තම TV සහ RADIO චැනලයන් හොදින් කළහොත් සහ වර්තමානයේ දුමින්දගේ සල්ලි රේනර් ලග තිබෙන නිසා, අනාගතයේදී තමන්ට එය තර්ජනයක් වනු ඇති බවට රාජපක්ෂ සමුහ  වියාපාරයේ පවුලේ උදවිය මහරජට පෙන්වාදී ඇත .

Posted by Ravaya on 4:20 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "“Money Laundering” දිලිත් ජයවීර සහ රේනර් ද සිල්වා අවුල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යයි"

Leave a reply