මහින්ද ටිරාන්ව සහ හුණුපිටිය ගංගාරාමයේ අතිගරු නායක නායක ස්වාමීන්වහන්සේ ව කඩේ යවයි !!!!!!!!!!!!!!
පසුගිය දිනවල ටිරාන් අලස් මහතා සහ ගංගාරාමයේ අතිගරු නායක නායක ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායම ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ, අනිවාර්යෙන්ම සරත් ෆොන්සේකා මහතාට පොදු සමාවක් හිමිවනු ඇති බවය. නමුත් ලැබෙන නවතම වාර්තාවලට අනුව නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ, පෙබරවාරි 4 වනදා සිරකරුවන් 2000 ක් පමණ නිදහස් කිරීමට නියමිත නමුත්, එම ලේඛනයට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නම මේ දක්වා ඇතුලත්ව නැතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසිය.
නිදහස් දිනය නිමිත්තෙන් සරත් ෆොන්සේකා මහතාට පොදු සමාවක් හිමිවනු ඇති බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සමබන්ධයෙන් මද්‍යය කල විමසීමේදී ඔහු ඒ බව සදහන් කළේය.
කෙසේවුවද, සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි, ආබාධිත සහ වයස අවුරුදු හැත්තෑවට වැඩි සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස ලබාදීමට නියමිත බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව දිසානායක මහතා කියා සිටියි. අදාළ අනුමැතිය අධිකරණ අමාත්‍යාංශය හරහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට ලැබිය යුතුය. ඒ අනුව නිදහස් කරන සිරකරුවන් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කියා සිටියි. ෆොන්සේකා මහතා නිදහස් දා නිදහස් නොකළ හොත් පුළුල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 'ජෙනරාල් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය' හා 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය' මේවන විටත් සැලසුම් කර තිබේ.
0 comments for "මහින්ද ටිරාන්ව සහ හුණුපිටිය ගංගාරාමයේ අතිගරු නායක නායක ස්වාමීන්වහන්සේ ව කඩේ යවයි !!!!!!!!!!!!!!"