කොටස් වෙළදපොල හරහා කළු සල්ලි සුදු කරන අලුත්ම "තැරවුකරු" නාලක ගොඩහේවා

පසුගිය වකවානුව තුලදී කොටස් වෙළදපොල ජාවාරම්කරුවන් මද්‍යය තුලින් හෙළි කීරීම නිසා තවදුරත්, අතීතයේ කළු සල්ලි සුදු සල්ලි කරපු කණ්ඩායමට කොටස් වෙළදපොලට යාම මේ වනවිට අපහසු වී ඇත. එනිසා ජාවාරම් කණ්ඩායම වන  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සොයුරු රේනෝ ද සිල්වා, කුප‍්‍රකට ජාවාරම්කාර දිලිත් ජයවීර, අශෝක පතිරගේ, නිමල්  සහ දම්මික පෙරේරා යන ය තම කණ්ඩායමේ අලුත්ම සගයා  වන  තැරවු නාලක ගොඩහේවා සියලුම අයෝජන සදහා මින් ඉදිරියට තමන්ගේ සහ ගෝටාගේ  තැරවු කරු ලෙස පත්කර ඇත.

 නාලක ගොඩහේවා මේ වන විට සංචාරක මණ්ඩලය ,සංචාරක ප්‍රවර්දන අධිකාරිය, සංචාරක හෝටල්  පරිපාලන ආයතන වල සභාපති ලෙසත්, නගර සංවර්දන අධිකාරිය, ලංකා අත්කම් මණ්ඩලයේ, ලංකා හොස්පිටල්, කලම්බෝ ලෑන්ඩ්  සහ ලංකා කේටරින් යන ආයතනවල අධයක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර ඒසියා කොමර්ස් ආයතනයේ  සභාපති ලෙසත් කටයුතු කටයුතු කරනු ලබන බවට, නිල වශයෙන් වාර්තා වෙනවා. (තව ආයතන 3-4 ක්  දුන්නානම් හරි මොකද???? දීල තියන ඒවා මදිවගේ ) මෙතක් නාලක සිටියේ තිරයෙන් පිටුපස ය, දැන් ඔහුට තම කණ්ඩායම වෙනුවන් එළිපිට නැටීමට සිදුව ඇත. පසුගිය කාලය පුරාවටම නාලකව තමන්ට උවමනා තැන් වලට දමාගෙන, ඉහත ජාවාරම් කණ්ඩායම, මහාපරිමනයේ දේපල  සහ මුදල් මංකොල්ලකෑබව රටම දන්නා සත්‍යයකි.

Posted by Ravaya on 3:18 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කොටස් වෙළදපොල හරහා කළු සල්ලි සුදු කරන අලුත්ම "තැරවුකරු" නාලක ගොඩහේවා"

Leave a reply