කදුලූගෑස්වලට අමතරව එස්බීගෙන් සිසුන්ට වර්ණ ප‍්‍රධානයක්
විශ්ව විද්‍යාල ක‍්‍රීඩා සභාව මගින් වරින් වර පවත්වාගෙන ආ ‘විශ්ව විද්‍යාල වර්ණ රාත‍්‍රිය’ මෙවර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්බී දිසානායක මහතා තීරණය කර ඇත.අද සවස 4ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී මෙම වර්ණ ප‍්‍රධානය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුග‍්‍රහයද ලැබී තිබේ.
ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක‍්‍රීඩා අංශයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙහිදී වර්ණ ගැන්වීමට නියමිත අතර ඒ සඳහා විශ්ව විiාල 14ක් සහභාගීවීමට නියමිතය.
මෙම වර්ණ රාත‍්‍රීය අවසන් වරට පවත්වා ඇත්තේ 2006 වර්ෂයේදීය. මේ වසරේ සිට වාර්ෂිකව මෙම වර්ණ රාත‍්‍රිය පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා හා කුසලතා සංවර්ධන අංශයත්, ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල ක‍්‍රීඩා සංගමයත් පියවර ගැනීමට නියමිත බවද පැවසේ.
0 comments for "කදුලූගෑස්වලට අමතරව එස්බීගෙන් සිසුන්ට වර්ණ ප‍්‍රධානයක්"