ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට ඉදිරියේදී තරග රැසක්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 2012 වසරේ සිට 2014 දක්වා ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 61කට සහභාගී වීමට නියමිත බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.2012 වසරේ ශ‍්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 10ක් සහ එක්දින තරග 13ක් පැවත්වීමට නියමිත අතර විදේශ ටෙස්ට් තරග 3කට සහ එක්දින තරග 13කට ශ‍්‍රී ලංකා පිල සහභාගීකරවීමට නියමිතය. 2013 වසරේ ශ‍්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 6ක් සහ එක්දින තරග 12කටත් විදේශ ටෙස්ට් තරග 4ක් හා එක්දින තරග 8 කට සහභාගී වීමට නියමිතය.
2013 දී බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව සහ පකිස්තානයටත් ලංකා කණ්ඩායම තරග සඳහා යන අතර පකිස්තාන් සහ ඉන්දියා කණ්ඩායම් ලංකාවට පැමිණීමට නියමිතය. 2014 දී එංගලන්තය, පකිස්තානය හා බංගලාදේශයේ ද තරග සඳහා ලංකා පිල සහභාගී වෙයි. එංගලන්ත කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව පැමිණෙනු ඇතැයි පැවසේ.
0 comments for "ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට ඉදිරියේදී තරග රැසක්"