යුරෝපයේ ආර්ථික නිදහස වැටෙද්දී ආසියාවේ ඉහළ යයි
ලෝකයේ නිදහස්ම ආර්ථිකය හොංකොං
ලෝකයේ ආර්ථික නිදහස වැඩියෙන්ම ඇති රාජ්‍ය ලෙස පිට පිටම 18 වන වතාවටත් මුල් තැනට පත්වීමට හොංකොං රාජ්‍ය සමත්ව තිබේ.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ Heritage Foundation නැමති ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකදී හොංකොං රාජ්‍ය පළමු තැනට පත්වී තිබෙන බවත් සිංගප්පූරුව දෙවන තැනටත් ඕස්ට්‍රේලියාව තුන්වන තැනටත් නවසීලන්තය හතරවන තැනටත් ස්විට්සර්ලන්තය පස්වන තැනටත් පත්ව තිබෙන බවයි.
නීතියේ ආධිපත්‍යය, නියාමන කාර්යක්ෂමතාවය, රජයේ හා විවෘත වෙළඳ පොළවල්වල ප්‍රමාණය තුළින් එම රටවල තිබෙන ආර්ථික නිදහස මෙම සමීක්ෂණයේදී ඇගයීමට ලක්කළ බව සඳහන්ය.
සමස්තයක් ලෙස ලෝකය ගත්විට පසුගිය වසර කිහිපය තුළ ආර්ථික නිදහස පහළ ගොස් තිබෙන බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය වියදම් වැඩිවී තිබීම ආර්ථික නිදහස පහළ යාමට හේතුවී තිබෙන බව සඳහන්ය.
පසුගිය වසර කිහිපයේදී ආසියාවේ හා උප සහරා අප්‍රිකානු රටවල ආර්ථික නිදහස වැඩි වෙද්දී උතුරු ඇමරිකාවේ යුරෝපයේ ආර්ථික නිදහස පහළ යාම මෙහිදී කැපී පෙනේ.
ආර්ථික නිදහස අතින් නමවන ස්ථානයේ වැජඹුණු ඇමරිකාව දහවන ස්ථානයට පත්ව ඇත.

0 comments for "යුරෝපයේ ආර්ථික නිදහස වැටෙද්දී ආසියාවේ ඉහළ යයි"