ඇමරිකන් බස් අසා ජපානයත් ඉරාන තෙලට එරෙහි වේ
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය දැක්වීම සඳහා ඉරානයෙන් මිලදී ගන්නා ඛනිජ තෙල් ප්‍රමාණය අඩුකිරීමට ජපානය තීන්දු කර තිබේ.
මේ බව ජපාන මුදල් අමාත්‍ය Jun Azumi සඳහන් කළැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර ඉරානයෙන් දෙවැනියට වැඩියෙන්ම ඛනිජ තෙල් මිලදී ගන්නා රාජ්‍ය වන්නේ ජපානයයි.
ඇමරිකානු මුදල් අමාත්‍යංශයේ ලේකම් හා ජපාන මුදල් අමාත්‍යවරයා අතර සිදුවූ හමුවකින් පසුව ජපානය මේ බව පැවසූ බවත් චීනය විසින්ද ඉරානයේ ඛනිජ තෙල් කර්මාන්තය වෙත ආර්ථික සම්බාධක පනවනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වී සිටින බවද සඳහන්ය.
කෙසේවෙතත්, ඉරානයෙන් වැඩිපුරම ඛනිජ තෙල් මිලදී ගන්නා චීනය විසින් ඉරානයට සම්බාධක පැනවීමක් පිළිබඳව තවමත් නිවේදනය කර නොමැත.
ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නා ප්‍රමුඛ රටවල් පිළිබඳව පහත සටහනින් පැහැදිළි වේ.
0 comments for "ඇමරිකන් බස් අසා ජපානයත් ඉරාන තෙලට එරෙහි වේ"