හෂාන්ගේ පැමිණිල්ල බොරුවක්
පසුගිය දා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් තෝරාගැනීම සඳහා පවත්වන ලද නිලවරණය දූෂිත එකක් බවට ශ‍්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායකයෙකුවන හෂාන් තිලකරත්න මහතා විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට කරන ලද පැමිණිල්ල ප්‍රෝඩාවක් බව වාර්තා වේ.මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය කවරආකාර ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේදැයි අප වාර්තාකරුවෙකු විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් විමසා සිටි අවස්ථාවේදී එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ එවන් කිසිදු පැමිණිල්ලක් හෂාන් තිලකරත්න මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් අයි.සී.සී ය වෙත ලැබී නොමැති බවයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය දූෂිත එකක් බව කියමින් හෂාන් තිලකරත්න මහතා මේ දිනවල ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය හරහා මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් සිටී.
0 comments for "හෂාන්ගේ පැමිණිල්ල බොරුවක්"