ඒක ලස්‌සනම ලස්‌සන චිත‍්‍රයක්
ජනවාරි 21 දා තිරගත වන ලකුස පබාල පිළිබඳවපබාගේ චරිතය රගපෑ පූජා උමාශංකර් කියයි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් නව වාර්තාවක්
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ලකුස පබාවතීල සිංහල සිනමා වංශ කතාවේ නව වාර්තාවක් පිහිටුවමින් ජනවාරි 21 දා සිට දිවයින පුරා තිරගත වේ.
මේ වාර්තාව කුමක්‌ද?
ඒ වාර්තාව නම් සිංහල සිනමාවේ ප‍්‍රථම වරට පිටපත් 50 ක් නිකුත් කිරිමෙන් ලකුස පබාවතීල පිහිටුවීමට යන වාර්තාව යි.
සම්මාන රැසකට හිමිකම් කියන අපේ හිතවත් මිත‍්‍ර මහාචාර්ය තුමා ලකුස පබාවතීල නම් නවතම නිර්මාණයෙන් ද සම්මාන රැසකට හිමිකම් කියනු ඇතැයි අපට දැන් සිට ම පැවසිය හැකිය. එසේ කීමට හැකිවන්නේ එවැනි ඓතිහාසික කතාන්දරයක් සිනමාත්මක නිර්මාණයක් ලෙස තිළිණ කිරීමට ඔහු තරම් වෙනත් සුදුස්‌සකු ශ‍්‍රී ලාංකික සිනමා කරුවන් අතරින් අපට නොපෙනෙන බැවිනි.
පන්සිය පනස් ජාතක පොතේ 523 වැනි කතාව අනුසාරයෙන් නිර්මාණය වූ ලකුස පබාවතීල හි පබාවතීගේ චරිතයට ශ‍්‍රී ලංකාවේ උපන්, එහෙත් තම නිස හැකියාවන් ඉන්දීය තිරයෙන් පළමුවරට ලොවට කියා පෑ පූජා උමාශංකර් තෝරා ගෙන තිබීම ද විශේෂත්වයකි.
පූජා උමාශංකර් පිළිබඳව තවත් ටිකක් කියනවා නම්, ඇය ලගිනි කිරිල්ලියක්‌ල ලෙසින් රගපෑ සිංහල චිත‍්‍රපට කීපයක් පසුගිය සමයේ අපට දැක ගත හැකිවිය. ලකුසපබාවතීල චිත‍්‍රපටයේ ද ඒ අනුව ඇය තම චරිතයට උපරිමයෙන් දායකත්වය සපයා ඇතැයි අපට සිතේ.
කුසපබාවතී ශ‍්‍රී ලංකා චිත‍්‍රපට නිෂ්පාදක සංසදයේ පළමු නිර්මාණය වේ. ඒ අනුව මෙහි නිෂ්පාදකවරුන් වන්නේ, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය , ධම්මික සිරිවර්ධන, එච්.ඞී. පේ‍්‍රමසිරි, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී. ප‍්‍රනාන්දු , ආරියදාස පීරිස්, තිස්‌ස නාගොඩවිතාන, ජනිත මාරසිංහ , රසිත ජිනසේන සහ ජස්‌ටින් බෙලගමගේ ය.
මීට පෙර අවස්‌ථාවකදීත් අපේ මහාචාර්ය තුමන් මෙවැනි විශාල නිෂ්පාදකවරුන් කණ්‌ඩායම් සමග එක් වී චිත‍්‍රපටයක් අධ්‍යක්‌ෂණය කළේ ය. ඒ චිත‍්‍රපටය නම් 'පොඩි මල්ලී'ය.
පූජා, පබාවතීගේ චරිතය නිරූපණය කරද්දී කුසගේ චරිතය රගපාන්නේ ජැක්‌සන් ඇන්තනිය. ඒ සමග තවත් පළපුරුදු නළුනිළි රැසක් ම මෙහි චරිත මවති.
කුස පබාවතී චිත‍්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේ ද සම්මානනීය සිනමා කරුවකු විසිනි. ඔහු නම් අකාලයේ අප අතරින් වියෝ වූ ඉහළ ම පෙලේ සිනමාකරුවකු වූ තිස්‌ස අබේසේකරයන් ය. මෙහි සංගීත අධ්‍යක්‌ෂවරයා ද තවත් අති විශිෂ්ටයෙකි. ඔහු නම් රෝහණ වීරසිංහයන් ය.
ඉතින් මෙවැනි විශිෂ්ටයන් රැුසකගේ එකතුවක් තවත් විශිෂ්ට අධ්‍යක්‌ෂවරයකු අතින් සිනමාපටයක් ලෙසින් ඒකරාශි වී නිර්මාණය වූ පසුව එය ලඅති විශිෂ්ට එකක්‌ල වීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි.
මේ චිත‍්‍රපටය පිළිබඳව ඉතා කෙටි හැදින්වීමක් කළ පූජා උමාශංකර් කීවේ මෙවැනි රසබර වදනකි.
ලකුස පබාවතී කියන්නේ ඉතාමත් ලස්‌සන සිතුවමක්. මුල සිට අගට ම එය ලස්‌සන ම ලස්‌සන සිතුවමක්.ල
සිංහල සිනමා වංශ කතාවේ 65 වැනි සංවත්සරය ද 2012 ජනවාරි මාසයට යෙදී තිබීම ද විශේෂත්වයකි.


0 comments for "ඒක ලස්‌සනම ලස්‌සන චිත‍්‍රයක්"