පුතාගේ නම නොදැන සිටි තාත්තාට ඉස්කෝලෙදි හීන්දාඩිය දාලා
සිය පුතු නිවසේ අමතක කර දමා ගිය පාසල් කෑම පෙට්ටිය නැවත ඔහුට දීමට පාසලට ගිය පියකුට වූ අකරතැබ්බක් පිළිබඳව කතා පුවතක් බුලත්කොහුපිටිය ප්රදේශයේ පාසලකින් වාර්තා විය.වෙනදා මව කෑම සකසා පෙට්ටියකට දමා පුතාගේ බෑග් එකට ද දමා දුන්නත් මෙදින කෑම පෙට්ටිය දරුවාගේ බෑග් එකට දැමීමට මවට අමතක වී ඇත. පුතා එය නොදැන පාසල් යන්නට පිටත් විය.
පුතා පාසල් ගිය පසු මේසය මත ඇති කෑම පෙට්ටිය දුටු මව ස්වාමියා අමතා ”අනේ පුතා කෑම එක අමතක කරලා ගිහින්. ඔයාට බැරිද ඒක ඉස්කෝලෙට ගිහින් දෙන්න” යැයි කීවාය. බිරිඳගේ ඉල්ලීමට කැමති වූ ඔහු කෑම පෙට්ටිය පාසලට ගහින් දීමට එකග විය. හෙතෙම කෑම පෙට්ටිය රැුගෙන පාසලට ගොසින් පන්ති කාමරයක් අසළ නතර විය. ටික වේලාවකට පසු එතැනට පැමිණි ගුරුවරයෙකු තමා පැමිණියේ කුමකට දැයි පියාගෙන් විමසීය.
තම පුතා ගෙදර අමතක කර පැමිණි කෑම පෙට්ටිය පුතාට දෙන්නට පැමිණි බව පියා පැවසුවේය. එවිට ගුරුවරයා ළමයාගේ නම කුමක්දැයි පියාගෙන් ඇසීය. ”මම මහත්තයෝ ළමයාගේ නම නම් දන්නෙ නැහැයි පියා කීය” ගුරුවරයා පුදුමයෙන් මෙන් එහෙනම් පන්තියවත් දන්වාදැයි නැවතත් ඇසීය. පියාගෙන් ලැබුණු පිළිතුර වූයේ නොදන්නා බවය.
ඉන් පසුව සිය නුවණ පාවිච්චි කළ ගුරුතුමා පුතාට ගෙදරදී කතා කරන්නේ කුමක් කියා දැයි ඇසීය. හෙතෙම ගත් කටටම ”කළු පුතා” කියලා යැයි පැවසීය. ගුරුවරයා පන්තියක් ගානේ ගොසින් කළු පුතා කව්දැයි විමසා කෑම පෙට්ටිය පුතාට දුන්නේය.
ලංකාදීප පුවත්පත ඇසුරෙනි
0 comments for "පුතාගේ නම නොදැන සිටි තාත්තාට ඉස්කෝලෙදි හීන්දාඩිය දාලා"