චම්පිකගේ ගණුදෙනු දෙමළ ජාවාරම්කරුවන් සමග පමණයි

ජාතික හෙළ උරුමයේ මහලේකම්, විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙමළ ජාතික ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු සමග එක්වී මූල්‍ය වංචාවක නිරතවන බව විදුලි බල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු විටෙක සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් සමග ‘‘ඞීල්වලට’’ යොන ලෙස තම ගෝලබාලයින්ට උපදෙස් දී ඇති චම්පික රණවක අමාත්‍යරවයා සුරේෂ් බාලසුභ‍්‍රමනියම් හා මහාදේවන් නැමති ජාවාරම්කාරයින් දෙදෙනකු සමග රහස් ව්‍යාපාරික ගණුදෙනුවක් අරඹා තිබේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී විදුලි බලඅමාත්‍යාංශය අහිමිවීමේ අවධානමක් පවතින බැවින්, තම පක්‍ෂයේ ඉදිරි කටයුතු සඳහා ස්ථාවර මූල්‍ය සංචිතයක් ගොඩනැගීමට අමාත්‍යාංශය හරහා ව්‍යාපාරික ගණුදෙනු කිහිපයක් සිදුකළ යුතු බවට ජාතික හෙළ උරුමයේ ප‍්‍රධානී චම්පික රණවක ඇමතිවරයාට දැනුම්දී තිබේ.

ඒ අනුව යාපනයට විදුලි බලය සැපයීම සඳහා මෙගාවෝට් 20ක විදුලිබල ධාරිතාවයක් ලබාගැනීමට සුරේෂ් සුබ‍්‍රමනියම් දේශීය නියෝජිකත්වය දරන ඇග‍්‍රිකෝ සමාගම සමග කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලි බලමණ්ඩලය විසින් ගිවිසුමක් අත්සන් කර තිබේ. විදුලිබල අමාත්‍ය චම්පික රණවක මහතාගේ බලපෑම මත මෙම ගිවිසුම අත්සන් කර තිබේ.

මේ වනවිට සුරේෂ් සුබ‍්‍රමනියම් මේගාවෝට් 15ක ධාරිතාවයක් ලබාදෙන අතර එය මෙගාවෝට් 20 දක්වා වැඩිකරන ලෙස විදුලි බලඇමතිවරයා උපදෙස් දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඇමතිවරයාට හිතවත් නිලධාරීන් කිහිප දෙනෙකුට දකුණු අප‍්‍රිකාවේ සංචාරයක් ලබාදීමටද සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා කටයුතු කර ඇත.

එසේම මහාදේවන්ගේ ‘උතුරු තාප බලාගාරයෙන්’ ලබාදෙන බවට එකඟවී ඇති මෙගාවෝට් ප‍්‍රමාණය නිසිපරිදි ලබානොදීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව කිසිදු දඩයක් නොගසන්නේද ඇමතිවරයාගේ බලපෑම මත බව වාර්තා වේ. උතුරු තාපබලාගාරයෙන් මෙගාවොට් 30ක් ලබාදෙන බවට එම සමාගම එකඟවී ඇතත් මේ වනවිට ඔවුන් ලබාදෙන්නේ මෙගාවොට් 15ක් පමණි.

එකඟවී ඇති මෙගාවොට් ප‍්‍රමාණය ලබාදීමට නොහැකි වුවහොත් දඩ මුදලකට යටත් වනබවට එම සමාගම ගිවිසුම්ප‍්‍රකාරව එකඟවී තිබේ.

මෙම තාප බලාගාරයට අදාල ගෙන්වා ඇති යන්ත්‍රෝපකරනද චීනය විසින් භවිතයට ගෙන ඉවත දැමූ ඒවා බව වාර්තා වේ.

තවද විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළ පරිදි බලාගාර අර්බුදය පිටුපස සිටින්නේද චම්පික ඇමතිවරයාට හිතවත් ජාතික හෙළ උරුමයේ උපදේශකයින් හා නිලධාරීන්ය.

නොරොච්චෝලේ බලාගාරය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීමත්, මිලියන 5ක මුදලක් වැයකොට අලූත්වැඩියා කළ උකුවෙල බලාගාරයෙන් නිසිපරිදි ධාරිතාවයක් නොලැබීමත් කැළනිතිස්ස චක‍්‍රීය බලාගාරය වසර එකහමාරක් තිස්සේ වසාදමා තිබීමත් නිසා චම්පික ඇමතිවරයාගේ ජාතික හෙළ උරුමයේ ගණුදෙනුවලට විශාල පිටිවහලක් වී තිබේ.

එම බලාගාර අක‍්‍රීයවීම තුළ විදුලි බලය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යැයි කියමින් මෙගාවෝටි 100යේ බලාගාර කිහිපයක් ස්ථාපිත කිරීමට ඇමතිවරයාගේ උපදේශකයින් යෝජනා කර ඇත. එම ව්‍යාපෘති ලබාගැනීමට බලාපොරොත්තුවන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ජාතික හෙළඋරුමය හරහා ඒ සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තා කිහිපයක් මේ වනවිට අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

Posted by Ravaya on 12:28 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "චම්පිකගේ ගණුදෙනු දෙමළ ජාවාරම්කරුවන් සමග පමණයි"

Leave a reply