ශ්‍රී ලංකා කණ්ඩායමේ මතගැටුමක් තිබූ බවට ආරංචි
පසුගියදා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයට පෙර තිලාන් සමරවීර කණ්ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අතර මතගැටුමක් තිබී ඇති බව වාර්තාවේ.
තරඟයට පෙර දින රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම මතගැටුම උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවටද වාර්තාවන අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නායක ටී.එම් ඩිල්ෂාන් හට පවසා ඇත්තේ තමන් එම තරඟයේදී ක්‍රීඩාකරනු ලබන්නේ තමන්ට රිසි පරිදි යනුවෙනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම් ඩිල්ෂාන් මාධ්‍ය වෙත පවසා තිබුණේ දෙවන තරඟයේ සිට කණ්ඩායම ශක්තිමත්ව නැගී ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයේදී ළකුණු 43 කට දැවීගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරඟයකදී වාර්තාකල අඩුම ළකුණු සංඛ්‍යාවද එය වන අතර එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය සිව්වන අඩුම ළකුණු සංඛ්‍යාව වන්නේද එයයි.

0 comments for "ශ්‍රී ලංකා කණ්ඩායමේ මතගැටුමක් තිබූ බවට ආරංචි"