රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ මුවාවෙන් සිසුන් මර්දනය කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම හෙළා දකිනවා - අනුර
විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපන පහසුකම් සම්පූර්ණ නොකිරීම වෙනත් සුභසාධන පහසුකම් කපා හැරීම ශිෂ්‍යන්ගේ බාහිර ක්‍රියාකාරකම්වලට සීමා පැනවීම යන මූලික කාරණාවලට විරුද්ධව කලක පටන් පැවැති ශිෂ්‍ය විරෝධතා මේ වනවිට තීව්‍ර වී ඇති බවත් ආණ්ඩුව එම ප්‍රශ්ණ විසඳනවා වෙනුවට සිසුන්ට එරෙහිව අභූත චෝදනා එල්ලකරමින් සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ පිළිබඳව බිල්ලෙක් මවාපාමින් සරසවි ශිෂ්‍යයන් මර්ධනය කර විශ්ව විද්‍යාල වසා දමා පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කිරීමට සූදානම් වීම තරයේ හෙලාදකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (13) උදේ එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලි මේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. විශ්ව විද්‍යාල වල පවතින ශිෂ්‍ය ප්‍රශ්ණ පිළිබඳව මන්ත්‍රීවරයා සම්පූර්ණ විස්තරයක් කලේය.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නිල වශයෙන් විවෘත කලේ 2006 සැප්තැම්බර් 04 වැනිදා. අරලියගහ මන්දිරයේදී පැවති නිළ උත්සවයේදී ජනාධිපතිවරයා කීවේ පවතින පහසුකම් වසර දෙකකට ප්‍රමාණවත් වන බවත් ඉදිරියේදී අවශ්‍ය සියළු පහසුකම් සම්පූර්ණ කර දෙන බවයි. නමුත් 2011 වර්ෂයේ එම පළමු ශිෂ්‍ය කණ්ඩායම අවසාන පරීකෂණයට මුහුණ දීමට තිබුණා. ඒ සඳහා අත්‍යාවශ්‍ය මහාචාර්ය ඒකකය වෛද්‍ය පීඨයට ලබාදී නැහැ. 2010 ජනවාරී මස රුපියල් මිලියන 1000ක ඇස්තමේන්තුවකට යටත්ව මහාචාර්ය ඒකකයට මුල්ගල් තැබුවා. 2011 මැයි මස එය විවෘත කරන බව කියා පසුව ජූනි මාසයටත් ඊට පස්සේ නොවැ. 15 දිනටත් කල් දැම්මා දැන් කියනවා 2012 පෙබරවාරී 04 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව විවෘත කරන බව. මේ තත්වය යටතේ රජරට වෛද්‍ය පීඨයේ සිසුන් සමග විශ්ව විද්‍යාල වලට ඇතුළත්වූ වෙනත් වෛද්‍ය පීඨ සිසුන්ට වඩා මෙම ශිෂ්‍යන්ට බලවත් පාඩුවක් සිදුව තිඛෙනවා. ඔවුන්ගේ ජීවිතයෙන් වසර දෙකක් අහිමි වන තත්වයක්. මේ තත්වයට විරුද්ධවයි ඔවුන් උද්ඝෝෂණය කරන්නේ.
ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා උන්මන්තක විලාසයෙන් හැසිරීමෙන් අර්බුද ගණනාවක් නිර්මාණය කරලා. එයට එරෙහිව ශිෂ්‍යන් විරෝධතා දක්වන විට උපකුලපතිවරයා උමතු දඩ බල්ලෙකු සේ මර්දනය දියත් කරනවා. උපකුලපතිවරයෙකුට නොගැලපෙන විවිධ කි්‍රයාකාරකම් ගැන තොරතුරු හෙළිවනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ බරපතල නේවාසිකාගාර ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් පරිපාලනයෙන් විවිධ අවස්ථාවල ඉල්ලීම් කළා. ඒ වගේම ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළා. නමුත් විසඳුම් ලැබුණේ නැහැ.
සබරගමුව විශ්වවිද්‍යාල ක්‍රීඩා උපාධියක් පිරිනමන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය. එහි යන ඕනෑම කෙනෙකුට බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා, මේක විශ්විද්‍යාලයක්ද කියලා. ක්‍රීඩා උපාධිය පිරිනමන්න අවශ්‍ය විධිමත් ක්‍රීඩා පිට්ටනියක් පවා නැහැ.
විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ ප්‍රශ්න මේ ආකාරයෙන් වර්ධනයවීමට ආණ්ඩුව ඉඩදී ක්‍රමානුකූලව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවට්ටමින් තිඛෙනවා. එයට සමාන්තරව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවා ප්‍රමිතියෙන් යුත් උපාධි පිරිනැමීමට කටයුතු කරමින් සිටිනවා. මේ තත්වය අපේ රටේ විශේෂයි. මුදලාලිලා කීපදෙනෙකුගේ අවශ්‍යතාවයට අනුව මුළු විශ්වවිද්‍යාල පද්ධතියම හැසිරවීමේ මණ්ඩලයක් යෝජිත විශ්වවිද්‍යාල පනතින් පිහිටුවීමට නියමිතයි. එම මණ්ඩලයේ සාමාජිකයින් 11යි. ඉන් 09 ක් පත්කරන්නේ ඇමතිවරයා. මේ වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල ලෝකයේ දියුණු රටවලපවා අසාර්ථකව තිබියදී අපේ රටේ ආරම්භ කිරීමට සූදානම් වනවා. මෙයින් සිදුවන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධියේ ගුණාත්මකභාවය පිරිහීමට සලස්වා සාම්ප්‍රදායික උපාධි ප්‍රධානය කරන ආයතන බවට පත්කිරීමටත් පෞද්ගලික විශ්වවිද්‍යාල නව දැනුම කේන්ද්‍ර කරගත් උපාධි පිරිනමන ආයකන බවට වර්ධනය කිරීමට ඉඩ සැලසීමයි.
ආණ්ඩුව වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ මූලිකයා වී සිටින එස්.බී. දිසානායක ඇමතිවරයා සරසවි සිසුන් ගස් බදින්න සූදානම් බව ප්‍රකාශ කර තිඛෙනවා. ඔහු මේ හැසිරෙන්නේ ඇමතිවරයෙකුට සුදුසු නොවන අයි.ආර්.සී. කාරයෙකුගේ තත්වයෙන්. මුග්ද භාවයෙන්. ජයවර්ධනපුර උපකුලපතිවරයා ඇමතිවරයාට තකට තක.
කොටි සංවිධානයේ ලේබල් ඇතුළු විවිධ ලේබල් අලවමින් ශිෂ්‍ය විරෝධතා මර්ධනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය දැඩිව හෙලා දකිනවා. ප්‍රශ්නය මගහැර යෑමට ආණ්ඩුව උත්සාහ කරන්නේ කෝකටත් තෛලය ලේබල් අලවමින් ශිෂ්‍යන් මර්දනය කිරීමෙන් මිස ශිෂ්‍යන්ගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් නොවේ. ජනාධිපතිවරයා පවසා තිඛෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉක්මනින් ගෙනඑන්නේ නැති බව. නමුත් අවශ්‍ය වන්නේ එය කල්පසුකිරීමෙන් යළි ගෙන ඒම නොව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ කි්‍රයාමාර්ග නොගන්නා බවට ප්‍රතිපත්තිමය ස්ථාවරයකට යාමයි. එය පසෙක තබා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගන්නා බව පසුගිය අගෝස්තු මස උසස් අධ්‍යාපන ඇමතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයකින් තහවුරු කර තිඛෙනවා.
ශිෂ්‍ය අරගල නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ මුලික අරමුණෙන් බැහැරව වෙනත් පාර්ශවීය කරුණු වෙත යොමු කිරීමේ උත්සාහයක් ආණ්ඩුවට තිඛෙන බව පැහැදිලියි. නමුත් ශිෂ්‍යන් ආණ්ඩුවේ අවශ්‍යතාවයන් අනුව එම පාර්ශවීය කරුණුවලට විරුද්ධව අරගල කිරීම වෙනුවට මූලික ප්‍රශ්නය සමඟ බැදී පවතින බරපතල තත්වය තේරුම් ගනිමින් කටයුතු කරන ලෙස අපි ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

0 comments for "රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ මුවාවෙන් සිසුන් මර්දනය කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම හෙළා දකිනවා - අනුර"