අවුලක් තියෙනවානම් නායකත්වය සමග කතාකරන්න - සජිත්ට ඉල්ලීමක්
අර්බුධයක් තිබේනම් නායකත්වය සමග සාකච්ඡකොට එය විසඳාගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ 45 වන උපන්දිනයට සමගාමීව ඊයේ (12) පැවැත්වුණු වැඩසටහනකදීයී මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට ඒ බව පවසා ඇත්තේ.
එම වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් 124 දෙනාගෙන් 104 දෙනෙකුම එක්ව සිට ඇති අතර ප්‍රේමදාස මන්ත්‍රීවරයා හමුවූ ඔවුන් පවසා ඇත්තේ පක්ෂයේ ඉදිරිගමන වෙනුවෙන් බේද භින්නවී කටයුතු කිරීම ඵලක් නොමැති බවයි.
එමෙන්ම පක්ෂය හා පාක්ෂිකයා රැකගැනීම වෙනුවෙන් එක මතයක සිට කටයුතු කල යුතු බවද නොඑසේනම් එහි වාසිය අත්වන්නේද ආණ්ඩුවටම බවයි ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇත්තේ.

0 comments for "අවුලක් තියෙනවානම් නායකත්වය සමග කතාකරන්න - සජිත්ට ඉල්ලීමක්"