විමල්ට සහ චම්පිකට, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමට මහින්දගෙන් උපදෙස්
වර්තමානයේ පවතින දේශපාලන දැලෙන් මීදීමට මහින්ද සුපුරුදුපරිදි විමල්ව සහ චම්පිකව තොරාගෙන ඇත. පසුගියදා ඉන්දීය විදේශ ඇමති හමුවේ මහින්ද පැවසුවේ තම 13 වැනි විවස්ථාවට එහා යන උනත් විසදුමකට කැමති බවකි. නමුත් සත්‍ය නම්, සැබෑවටම මහින්දට 13 දිය නොහැක, මන්ද යත් මහින්ද වටා ඇති සියලුම පක්ෂ 13 දෙනවාට විරුද්දය. යම්කිසිහෙයකින් විමල් සහ චම්පික රජයෙන් ඉවත් උවහොත් මහින්දට එක්සත් ජාතික පක්ෂයෙන් මහින්ද ගේ දෑත් ශක්තිමත් කරන්න පැමිණි මන්ත්‍රීන් මත යැපීමට සිදුවනු ඇත. තවද මහින්දට එක්සත් ජාතික පක්ෂයෙන් පෙරමුණට පැමිණි මන්ත්‍රීන් ගැන කිසිම විශ්වාසයක් නැත. 60 කට අධික එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්, ඕනෑම මොහොතක යලිත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මොහොතක යන බව මහින්ද දන්නා නිසා 13 කසේවතත්, තම බලය රැක ගැනීමට නම් විමල්ව සහ චම්ම්පිකට කියා යලිත් සුපුරුදුපරිදි ජනතා විමුක්ති පෙරමුණ කඩේයවා. මීලග මැතිවරණය තෙක් 13 දීම ප්‍රමාද කීරීම මහින්දගේ සැලැස්ම බව දැන් පැහැදිලිය.ජාතිකවාදී මතවාදය පෝෂණය කරමින් සිටින ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමේ සූදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරවීමද රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට මහින්ද තම මාධ්‍ය ලේකම් ට පවසා ඇත. ආරංචි මාර්ග පවසන ආකාරයට එම සමගි සන්ධානයට අවශ්‍ය පසුබිම සැකසීමේ කටයුතුවල අදාළ පර්ශ්වයන් මේ දිනවල නිරත වෙමින් සිටී. එහි මුල් පියවරයන් ලෙස ජාතිකවාදී බලවේගය සිය ප්‍රධාන සතුරා ලෙස ජන අරගල ව්‍යාපාරය තෝරාගෙන ඊට දිගට හරහට පහර ගසමින් තිබේ. මේ දිනවල ඔවුන්ගේ පුවත්පත් තීරු ලිපි සහ සම්මුඛ සාකච්ඡා සියල්ලෙහි අන්තර් ගතව ඇත්තේ ජන අරගල ව්‍යාපාරයට එරෙහි මඩ සහ අවලාදයන්ය. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉරිදා ලංකාදීප (දැන් සැපට මහින්දට කඩේ යන පුවත්පතකි) පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ "ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රටේ තිබිය යුතු පක්ෂයක්" බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔහු අතර ඇතිවූ මත ගැටුමේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නායකයින් සියලු දෙනා අද සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළය. එමෙන්ම එම නායකයින් බොහොමයක් ජාතිකවාදී මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ය. එවැනි තත්වයක් තුළ විමල් - ජවිපෙ සන්ධානයට මතවාදී ගැටුමක් තිබිය නොහැක. එබැවින් මෙම සමගි සන්ධානය ඉතා නුදුරු දිනයකදීම එළි දැක්වෙනු ඇත.
විමල් වීරවංශ ප්‍රකාශ කර ඇති පරදි "ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රටේ තිබිය යුතු පක්ෂයක්" බවයි එය සත්‍යකි. නමුත් 21 වෙනි සියවසයට ගැලපෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණ වනස්විය යුතුය. එනිසාම ජන අරගලය වැනි ව්‍යාපාර තරුණ කොටස් ආකර්ශනය කරගනු ලැබුවාය. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ මෙහයවන නායකයන් 60 පැනපු ජාතිවාදී යල්පැනපු අදහස් දරන නායකයන්ය. ජාතිවාදීන් සමග නොගොස් ජාතිමාමක කොටස් සමග සාමකාමී/ප්‍රජාන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් වෙනුවන් සටන්කීරිමට ජනතා විමුක්ති පෙරමුණ ට දැන් කාලය එලබ ඇත. නැතිනම් විමල් සහ චම්පික ජනතා විමුක්ති පෙරමුණව සුපුරුදු පරිදි කඩේ යවනු ඇත. විමල් සහ චම්පික දේශපාලන වශයෙන් වර්ථමානයේ සිටිනේ පන ඇද ඇදය, එනිසා මහින්ද ට, විමල් සහ චම්පික ට සේලයින් දීමෙන් වැලකි සිටීම හෙට දිනේ ජනතා විමුක්ති පෙරමුණේ වගකීමයි.
0 comments for "විමල්ට සහ චම්පිකට, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමට මහින්දගෙන් උපදෙස්"