මර්වින්ගේ මාසික අදායම ගන්නන් හිලව් සමග

ලැබෙන තොරතුරු වලට අනුව මර්වින් ට මසකට  කැළණියෙන්  ලැබෙන අදායම මෙසේය,

1. රජයේ බලයලත් තැබෑරුම්  24 ක් කැලණියේ ඇත.සෑම  තැබෑරුමක්ම මසකට රුපියල් 15,000 ගෙවනු ලැබේ. 24 x 15,000 = 360,000

2. ලියාපදිංචි නොවු  තැබෑරුම් 40 ක්  කැලණියේ  ඇත .  ලියාපදිංචි නොවු  සෑම තැබාරුමක්ම මසකට රුපියල් 15,000 ගෙවනු ලැබේ . 40 x 15,000 = 600,000

3. ගනේමුල්ල /ජාආල  බූරු පොලෙන් ලැබෙන මාසික අදායම - රුපියල් ලක්ෂ 12 කි.

4. කැලණිය පෙතියාගොඩ අක්කර 2.5 ක් කන්ටේනර්  යාර්ඩ් එක  සහ කිරිබත්ගොඩ අක්කර 5 හේ  යාර්ඩ් සහ අනකුත් යාර්ඩ් වලින්. එක (1)  කන්ටේනර් යක් නැවතීමට දවසට රුපියල් 2000 යි. මසකට අවම අදායම රුපියල් ලක්ෂ 75 යි.

මීට අමතරව පසුගියදා පැවති වාර්ෂික කැළණි පෙරහරට මර්වින් කිරිබත්ගොඩ වෙලද සංගමයට අදාල සාමාජික කඩවලින්, එක (1) කඩයකින් රුපියල් 25,000 බැගින් එකතු කර ඇත. තවද, මහල් 5 ට වැඩි සෑම කඩයකින්ම පෙරහරට රුපියල් ලක්ෂ 2 ක බැගින් එකතුකර ඇත. මෙම මුදල් පන්සලට දුන්නද නැද්ද ???? කියා දන්නේ කැලණිය පන්සලේ දායක සහාව සහ ඇති ගරු නායක හාමුදුරුවන් පමණි.

මේවැනි තකතීරු, දුෂිත, සමාජයට අහිතකර දේශපාලකයන් තව දුරටත් අප රක ගත යුතුද ???? කොන්ඳ පන නැති කැලණිය ජනතාවනි දැන්වත් සත්‍ය වනුවෙන්, දුෂණයට සහ භීෂණයට එරෙහිව නැගීසිටින්න.  

මීට අමතරව මර්වින් ලංකාව පුරා කුඩු වෙළදාම කරගෙන යනු ලබයි, මර්වින්ගේ කුඩු අදායමයේ සත්‍ය තොරතුරු එලසින්ම ගෙන ඒමට රාවය බලාපොරොතු වේ.

Posted by Ravaya on 4:53 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මර්වින්ගේ මාසික අදායම ගන්නන් හිලව් සමග"

Leave a reply