කරුට විනකළ “මව්බිමේ” ද්විත්ව චරිතය..
එක්සත් ජාතික පක්ෂයේ නායකයා තේරීමේ සටනින් නියම ජයග්‍රහණය අත්පත් කරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණක් නොව, එය වත්මන් ආණ්ඩුවේද ජයග්‍රහණයක් වන්නාසේම එය මහින්දගේ පුද්ගලික ජයග්‍රහණයක්ද වන්නේය.අවුල් වියවුල් මැද නැවතුන ඡන්දයේ ප්‍රතිඵල පිළිබදව ගම් මට්ටමේ සිටින ක්‍රියාකාරි යුඑන්පි කාරයෝ පිලි නොගන්නා බව දකින්න ලැබුනද, මේ ඡන්දයේදී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දේශපාලන ක්‍රියාදාමයකි. එය එලියට පනින්නේ රනිල් වික්‍රමසිංහගේ වත්මන් ක්‍රියාකාරි භාවිතයන් තුලදීය. ඔහු විදෙස් තානාපතීන් හමුවේ යුඑන්පිය අර්බුදයට ලක්කරන අයට උපකාර නොකරන ලෙස දැනුම් දුන්නේය. එතැනින් නොනැවතුන ඔහු ජනමාධ්‍යයටද දෙහි කැපුවේය. විශේෂයෙන් “සිරස“ රූපවාහිනියට දෙහි කැපුවේය.
රනිල් ජයග්‍රහණය කලේ රනිල්ගේ තියෙන හොඳකටවත්, කරුගේ තියෙන අදක්ෂකම නිසාවත් නොව කරු පසුපස සිටි දේශපාලන ද්විත්ව චරිතත් ඔවුන් දුන් ඇම ගිලදැමීමත් හේතුකොට ගෙනය.
“මව්බිමේ” හිමිකාර ද්විත්ව චරිතය හා ඔහුගේ දේශපාලන භාවිතයට හසුවන්නාවූ සියල්ලන්ට සිදුවන්නේ “සිය දේශපාලන ජිවිතය නැත්තටම නැති කරන්නටය”. ගජ මිතුරු දේශපාලනයට නම් දැරූ මෙම චරිතය නිසා දැන හෝ නොදැන මේ වන විට බොහෝ දෙනා දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇත. එසේත් නැතිනම් හැතැප්ම ගණනාවක් පසුපසට ගොස් ඇත. මෙකී දේශපාලන ද්විත්ව චරිතයට මෙන්ම, රනිල් වික්‍රමසිංහටද මේ පවතින ක්‍රමයේ හෝ පාලකයන් පිළිබදව ආරවුලක් නැත. රනිල් වික්‍රමසිංහ සදාකාලික විපක්ෂනායක තනතුරේ හිදිනා අතර, ද්විත්ව චරිත හිමියා තම “ව්‍යාපාර” තුල දැවැන්ත චරිතයක් බවට පත්වෙමින් පැවැත්ම ස්ථාවර කරගෙන සිටී.
මේ දෙදෙනාගේම එකම භාවිතය තුල අතරමං වන්නේ, මොවුනට රැවටී සිටිනා පොදු ජනතාවය. එක දිගට වාර ගණනාවක් පරාජයට පත් වූ, ජයග්‍රහණය කල නොහැකි නායකත්වයක් කිසිදු දිනෙක ජනතාව නියෝජනයක් කරන්නේ නැත. රනිල්-කරු ඡන්දයෙන් සහ එහි ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ යුඑන්පියට කිසිදිනෙක ජයග්‍රහණය අවශ්‍ය නොමැති බවද ? යුඑන්පියේ නායකත්ව සටනත් සමග ඇතිවිය හැකි ධනාත්මක තත්වයක් පිලිබදව අපගේ අවධානය යොමුකරමු. එනම් පරාජයට පත්වූ කරු ජයසුරියට ජනතා පදනමක් ඇත්තේම නැද්ද ? කරු පිටිපස සිටි ජනතා බලවේගය කොතෙක් දුරට බලසම්පන්නද ? කරු ජයසුරිය ආණ්ඩු පක්ෂයට ගියේ යුද්ධය අවසන් කිරීම සදහා ආණ්ඩුවට ශක්තියක් විය යුතු බව අවබෝධ කරගෙනය. යුද්ධය අවසන් වූ පසු ඔහු නැවත පක්ෂයට ආවේය. එය පක්ෂය පාවා දීමක් හෝ පැති මාරුවක් නොවේ. එය අපක්ෂපාතීව මධ්‍යස්ථව බැලිය යුතු කරුණකි. එනයින් බැලූ කල දැන් රට දෙකඩ කිරීමට ගිවිසුම් ගැසූ රනිල් නැවත පක්ෂ නායකයා වී ඇත. දැන් යුද්ධය අවසන් වී ඇත. එහෙත් එය කාගේවත් තනි ජයග්‍රහණයක්වත් එහි ගෞරවය තනි බුක්ති විඳිමකටවත් ලඝු කල හැක්කක් නොවේ. දේශමාමක බලවේග සියල්ලම එක්ව රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය රැකීම සඳහා තම තමන්ගේ යුතුකම් කොටස ඉටු කලේය.
කරු ජයසුරියගේ දේශපාලන භාවිතය රටේ යුක්තිය, සාධාරණත්වය අතර යහ පාලනයක් සදහා නම් ඔහුට සියල්ලටම ප්‍රථමයෙන් කල යුත්තේ තමා වටා ඇති ද්විත්ව ස්වභාවයක් දරන්නන් හදුනා ගැනීමටය, කේවට්ටයන් හදුනා ගැනීමටය. මන්ද රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ කරන්නේ එලිපිට එකී ද්විත්ව චරිතයට විරෝධතා පෙන්වීමය. එහෙත් එහි සැබෑ දේශපාලන අරුත එය නොවේ.කරු “මව්බිමේ ද්විත්ව චරිතය සමග සිටින තාක්කල්” හිමිවන්නේ පරාජයන්ය.
එහෙත් කරු ….. ඔබ ගමන වෙනස් කරන්න, ඒ දෙස මුළු මහත් ජනතාවක් බලා සිටිනවා.
-නිදහසේ වියමන- කාලීන දේශපාලන විග්‍රහය
0 comments for "කරුට විනකළ “මව්බිමේ” ද්විත්ව චරිතය.."