ටිරාන්ගේ නියෝගකින් ජෙනරාල්ගේ කාර්යාලය වැසේ
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරය විසින් ඊයේ (10) විවෘත කරනු ලැබූ, ‘ෆොන්සේකා නිදහස් කරගැනීමේ මෙහෙයුම් කාර්යාලය’ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගේ නියෝගයක් මත අද පෙරවරුවේ වසාදමා ඇත.
ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ නියෝගයක් මත අනෝමා ෆොන්සේකා මහත්මිය එම කාර්යාලයේ කටයුතු වහාම නවතා වසාදමන ලෙස ‘සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ’ කැදවුම්කරු කුමාර අලගියන්න මහතාට ඊයේ රාත‍්‍රියේ ඇමරිකාවේ සිට දුරකථනය මගින් දැනුම්දී ඇත.
පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන් සහ කිත්සිරි ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේපාරේ මැටිඅම්බලම හංදියේ, අංක 789 A දරන ස්ථානයේ ඊයේ පෙරවරුවේ යෙදී තිබූ සුභ මොහොතින් මෙම කාර්යාලය විවෘත කරනු ලැබීය.
මෙවැනි කාර්යාල ස්ථාපිත කිරීම තුලින් ජනාධිපතිවරයා කලබලයට පත්විය හැකි බව අනෝමා ෆොන්සේකා මහත්මියට පැහැදිලි කරදී ඇති ටිරාන් අලස් මහතා, ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට බාධාවිය හැකි කිසිදු උද්ඝෝෂණයක් හෝ ප‍්‍රකාශයක් නොකරන ලෙසත් එවැනි උද්ඝෝෂණ මගහැර තව ටිකකාලයක් විදේශගතව සිටින ලෙසද උපදෙස් දී තිබේ.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීම වෙනුවෙන් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හයිඩි පිටියේ පැවති ජනරැුලියේදී සභාව ඇමතූ කුමාර අලගියවන්න මහතා, ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය අඩපන කිරීමට ජෙනරාල්ට හිතවත් යැයි පවසන ඇතැම් පිරිස් කටයුතු කරන බව අවධාරනය කර සිටියේය.
ටිරාන් අලස් මන්ත‍්‍රිවරයාගේ ‘මව්බිම’ පුවත්පත හරහා අලගියන්න මහතාගේ ප‍්‍රකාශයට පිලිතුරු ලබාදී තිබූ අතරම ඔහු සම්බන්ධයෙන් අපහාසාත්මක ප‍්‍රවෘත්ති කිහිපයක්ද පළකර තිබිණ.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරය විසින් පසුගිය දා ජෙනරාල් ෆොන්සේකාගේ ඡුායාරූප ප‍්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබූ අතර ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා එයටද විරෝධය පළකොට අනෝමා ෆොන්සේකා මහත්මියට එයට සහභාගී නොවන ලෙසද දැනුම්දී තිබිණ.
එහෙත් ජෙනරාල් ෆොන්සේකා මහතාගෙන් ලැබී තිබූ පනිවිඩයක් මත අනෝමා ෆොන්සේකා මහත්මිය එම ඡුායාරූප ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතම හිතවතෙකු කියා සිටියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ටිරාන් අලස් මහතාගේ රූකඩයක් බවට පත්ව සිටින බවයි.
අනෝමා ෆොන්සේකා මහත්මියට ජීප් රථයක්, රියදුරෙක්, ආරක්‍ෂක නිලධාරීන් තිදෙනෙක්ද නිවස බලාකියා ගැනීම සඳහාත් ආහාරපාන පිසීම සඳහාත් කාර්ය මණ්ඩල සපයා ඇත්තේ ටිරාන් අලස් මහතා විසිනි. මෙම තත්ත්වය යටතේ අනෝමා ෆොන්සේකා මහත්මිය, ටිරාන් අලස්ගේ නිවාස අඩස්සියට පත්ව ඇතැයි ෆොන්සේකා මහතාගේ හිතවතා වැඩිදුරටත් පැවසීය.
අනෝමා ෆොන්සේකා මහත්මිය මේ දිනවල පදිංචිව සිටින නිවස කිසිදු ගාස්තුවකින් තොරව ලබාදී ඇත්තේ ‘සිරිස’ නාලිකාවේ සේවය කරන අර්ජුන රණතුංග මහතාගේ සොයුරු සංජීව රණතුංග මහතාය.

0 comments for "ටිරාන්ගේ නියෝගකින් ජෙනරාල්ගේ කාර්යාලය වැසේ"